ඉස්ලාමීය ආගමික මතවාදය ප්‍රවර්ධනය කිරීම, ශරීයා නීතිය ප්‍රචලිත කිරීම
පදනම් කරගනිමින් දකුණු ආසියාවේ දැවැන්තම ඉස්ලාමීය විශ්ව විද්‍යාලයක් මේ වන
විට මඩකලපුව පූනානි හි ඉදිකෙරමින් පවතී.
මූල්‍ය අනුග්‍රහය සෞදි අරාබියෙන්.. සම අනුග්‍රහය ශ්‍රී ලංකා රජයෙන්
රුපියල් මිලියන 1500 ක වියදමින් ඉදි කෙරෙන මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය
සදහා රජයේ අනුමැතිය ලබා දී තිබෙන අතර, ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස රජයෙන්
පවරාගත් ඉඩමක වැඩ ආරම්භ කර ඇත්තේ 2013 වර්ෂයේදීය. ‘මලික් අබ්දුල්ලා
යුනිවර්සිටි කොලීජ්“ ලෙස සෞදි අරාබියේ රජුගේ නමින් නම් කර තිබුණු මෙය මේ වන
විට “baticaloa campus“ ලෙස නම්කර ඇත. සෞදි අරාබි මූල්‍යාධාර ලබන “Hira
Foundation“ නම් ආයතනයක් මෙයට අනුග්‍රහය සපයයි. 2013 වසරේ මෙම
විශ්වවිද්‍යාලය සදහා ගිවිසුම් අත්සන් කිරීමට පැමිණියේ සෞදි අරාබි රජයේ
ප්‍රධාන ශරීයා නීති උපදේශකයා වන ෂේක් යහාන් අබ්දුල් අසීස් අල් රෂීඩ්
නමැත්තෙකි.
වසරකට උලමා පූජකයන් 1500ක්.. ශරියා නීති උපාධිය සැමට නොමිළේ
වසරකට 1500 බැගින් දස වසරකදී “උලමා පූජකයන්“ හෙවත් ඉස්ලාම්
දේවධර්මාචාර්යවරුන් පහළොස්දාහක් බිහි කිරීම ඉස්ලාමීය ආගමික මතවාදය
ප්‍රවර්ධනය කිරීම පදනම් කරගනිමින් බිහිවන මෙම නව විශ්ව විද්‍යාලයේ මූලික
අරමුණ වන අතර, ව්‍යාපාර කළමණාකරණය, වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්ෂණය,
ඇතුළු විෂයන් කිහිපයක් යටතේ උපාධි පාථමාලා ක්‍රියාමක කිරීමටද යෝජිතය.
මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් ශරීයා නිතිය පිළිබදව
B.A.උපාධියක් (Bachelor of Arts in Sharia and Islamic Studies) හැදෑරීමට
අවස්ථාව ලබා දීමයි. එම උපාධිය හදාරන සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකිරීමට
පාලනාධිකාරිය තීරණය කර තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් ශ්‍රී ලංකාවේ,
ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ඉස්ලාමීය සංවිධාන හරහා පූර්ව ප්රචාරක කටයුතු
ආරම්භ කර ඇත.
ප්‍රධානියා ඒ ආණ්ඩුවෙත් ඇමති,
මේ ආණ්ඩුවෙත් ඇමති
මෙම විශ්වවිද්‍යාලයේ අධ්යක්ෂ මණ්ඩල ප්‍රධානීත්වය දරන්නේ වත්මන් රජයේ
පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම රාජ්‍ය අමාත්‍ය එම්. එල්. ඒ. එම්.
හිස්බුල්ලා ය. මෙහි වැඩ ආරම්භ කෙරුණේ ඔහු පසුගිය රජයේ යෞවන කටයුතු
අමාත්‍යවරයාව සිටිය දීය. අමාත්‍ය ධූරය හරහා මෙම ව්‍යාපෘතිය සදහා නොමදව
රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට සහ රාජ්‍ය සම්පත් භාවිතා කිරීමට ඔහු කටයුතු
කළේය. අමාත්‍ය ධුරයක් දරමින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක ප්‍රධානීත්වය
දැරීමට ඔහුටත තිබෙන සදාචාරාත්මක අයිතිය පිළිබදව ගැටළුවක් මතුවන අතර,
පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මේ දිනවල හඩ නගන පාර්ශව වල අවධානය
බැටිකලෝ කැම්පස් සහ හිස්බුල්ලා අමාත්‍යවරයා දෙසට යොමු නොවුණේ ඇයිදැයි යන්න ද
මතුවන්නේ ප්‍රශ්නාර්ථයකි.
ශරියා නීති උපාධියක් ලංකාවට ඇයි ?
ඉස්ලාමීය ශරීයා ආගමික නීතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක නීතියක් නොවන අතර
එවන් පසුබිමක් යටතේ මෙරටට අනවශ්‍ය හා අදාල නොවන නීතියකට මෙරට තුළදී, මෙරට
පුරවැසියන්ට නොමිළේ අධ්‍යන පාඨමාලාවක් හා උපාධියක් ප්‍රධානය කරනුයේ කුමන
අරමුණකින්ද? ඉස්ලාමීය ශරීයා (BA) උපාධිය පිරිනැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය
අවසර දී තිබේද යන්න බලධාරීන් වහා හෙළි කළ යුතුය.
අන්තවාදයට බිහි දොරක්
කුරාණය පිළිබදව වැඩිදුර අධ්‍යාපනය සදහා ලංකාවට පැමිණි ඉන්දීය තරුණයන්
කිහිප දෙනෙකු අවස්ථා කිහිපයක දී ISIS ත්රස්තවාදීන් සමග එකතු වී ඇති බව
ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශ හෙළිදරව් කර තිබිණි. ජාත්‍යන්තර ඉස්ලාමීය
ත්‍රස්තවාදී සංවිධාන ශ්‍රී ලංකාව සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස භාවිතා
කරමින් සිටින බවද ඉන්දීය බුද්ධි අංශ මෙන්ම ඇමරිකානු බුද්ධි අංශද තහවුරු කර
තිබේ. නැගෙනහිර පළාත ඉස්ලාමීය අන්තවාදයේ පාරාදීසයක් වී තිබෙන අන්තවාදී
කල්ලි කණ්ඩායම් අතර නිරන්තර ගැටුම් වාර්තා වේ. එවැනි පසුබිමක් තුළ
බංග්ලාදේශය, ඉන්දියාව ඇතුළු විදේශීය රටවලින් පවා මුස්ලිම් තරුණයන්
නැගෙනහිරට ගෙන්වා කුරාණය හා අන්තගාමී ශරීයා නීතිය පිළිබදව අධ්‍යාපනය ලබා දී
ඔවුන් අන්තවාදී කටයුතු වල යෙදවීමේ අවදානමඉහළ යමින් පවති අතර, මෙතෙක් කල්
හොර රහසේ සිදු කළ ඉස්ලාමීය අන්තවාදී ප්‍රචාරණය විශ්ව විද්‍යාල, අධ්‍යනය
ආයතනය හරහා නීත්‍යානුකූලවම ක්‍රියාත්මක කිරීමට උත්සහ කරමින් සිටී.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, April 30, 2017
දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ.. ලංකාවෙන් නොමිළේ ‘ශරීයා නීති’ උපාධියක්..
Posted by
lankanews
at
April 30, 2017
Labels: lankanews, Mahinda Rajapaksa, muslim school game, muslim agenda, muslim colony, muslim education srilanka, Muslim extremist, sharia law, yahapalanaya
දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ.. ලංකාවෙන් නොමිළේ ‘ශරීයා නීති’ උපාධියක්..
2017-04-30T06:05:00+02:00
lankanews
lankanews|Mahinda Rajapaksa|muslim school game|muslim agenda|muslim colony|muslim education srilanka|Muslim extremist|sharia law|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
