තම ඥති හිත මිතුරන් සමඟ විනෝදයට මීගමු මුහුදේ දිය නෑමට ගිය
තුරුණු රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනකු දියවැළකට අසුවී
ගසාගෙන ගොස් මරුවා සමඟ පොර බදමින් සිටියදී ඔවුන් දෙදෙනාගේ
ජීවිත බේරා දීමට මීගමුව සංචාරක පොලිසියට අනුයුක්ත
ජීවිතාරක්ෂක සේවයේ නියුතු සැරයන් (17344) සරත් කුමාර මහතා
සමත් විය.
මීගමුව ඒත්තුකාල වෙරළ උද්‍යානය අසල මුහුදේ ඔවුන් දිය නෑමට
20 දා ගොස් ඇත. මෙම අනතුරෙන් දිවි ගලවාගෙන ඇත්තේ ජාඇල
මාඑළිය ප්‍රදේශයේ පදිංචි මංජුලා රොද්‍රිගු (30) සහ ජාඇල
උතුරු බටගම පදිංචි පියුමි බිඳුකලා නමැත්තියන්ය.
විමර්ශනයේදී අනාවරණ වූ තොරතුරු අනුව මෙම කතුන් දෙදෙනා තම
දෙමාපියන් සහ ඥතීන් 20 ක් සමඟ මුහුදේ නෑමට මීගමුවට පැමිණ
ඇත. කතුන් දෙදෙනා ඇතුළු පිරිස මුහුදේ නාමින් සිටියදී ඔවුන්
දෙදෙනා දියවැලකට හසුවී දියේ ගිලී මරුවා සමඟ පොරබදමින් සිට
ඇත. එම අවස්ථාවේ එම කතුන්ගේ දෙමාපියන් ආදීන් අසරණව බලා
සිටියදී වහා එම කතුන් වෙත පිහිනා ගිය සැරයන්වරයා ඔවුන්ගේ
දිවි ගලවාදී ඇත. අධික ලෙස මුහුදු වතුර පෙවී අසාධ්‍යව සිටි
එම කතුන් දෙදෙනාට වහා ප්රථමාධාරදී පසුව ඔවුන් පිටත්කොට
යවා ඇත.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Saturday, April 22, 2017
මුහුදේ ගිලීමට ගිය රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනා බේරා ගනී....!!!
Posted by
lankanews
at
April 22, 2017
Labels: escape water, girls escape from sea, lankanews, swimming
මුහුදේ ගිලීමට ගිය රූපලාවන්‍ය ශිල්පිනියන් දෙදෙනා බේරා ගනී....!!!
2017-04-22T01:00:00+02:00
lankanews
escape water|girls escape from sea|lankanews|swimming|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
