අම්පාර
-මාණික්කමඩු පුරාවිද්‍යා ස්ථානයට අයත් ඉඩම් කොටස් කිහිපයක මතුව ඇති
ගැටළුකාරි තත්වයක් පිළිබදව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (25)
සාකච්ඡාවක් පැවැත්වුණා.ඒ සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ
ඥානසාර හිමියන්ද එක්වී සිටියා.
දීඝවාපි සෑ රදුන්ගේ පරිවාර දාගැබක් වන මාණික්කමඩු ඉපැරණි පුද බිම ආසන්නයේදි විහාරස්ථානයකට පරිවාර චෛත්‍යයේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට සූදානම් වන අතර ඊට එරෙහිව පසුගිය දිනවලදී එම ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ජනතාව විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූවා. විරෝධතාකරුවන් සදහන් කලේ අදාළ ඉඩම මුස්ලිම් ජාතිකයෙකු සතු ඉඩමක් වන බවයි.VIDEO
එම ස්ථානයේ මේ වන විටත් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කරන අතර උන්වහන්සේ පැවසුවේ,විහාර ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා ජනාධිපතිවරයාගේ සිට අදාළ ආයතන වලින් නිසි අවසරය ඉල්ලූ බවයි.මීට පෙරද එම ස්ථානයේ විහාරස්ථානයක් පැවති බවයි උන්වහන්සේ කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේදී බොදු බල සේනා සංවිධානයේ මැදිහත් වීමෙන් සාකච්ඡාවක් පැවති අතර එහිදි ඥානසාර හිමියන් කියා සිටියේ , මේ තක්කඩිකම් වලට බිය නොවී සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට කිසිදු දෙයක් නොමැති හෙයින් වහාම අදාළ ගොඩ නැගිල්ල ඉදි කල යුතු බවයි.

එම ඉඩම් වංචනික ලෙස සිවිල් පුද්ගලයන්ට පවරා දීමට රාජ්‍ය නිළධාරින් කටයුතු කර ඇති බවටද උන්වහන්සේ චෝදනා කළා.
මේ සම්බන්ධයෙන් අප පසුගියදා වාර්තා කල පුවත .
(උපුටා ගැන්ම )
මාණික්කමඩු පුද බිමට දැඩි විරෝධයක් …විහාර බිමට හොර ඔප්පු හදලා -විහාරය ඉදිකිරීම නවතී
දීඝවාපි සෑ රදුන්ගේ පරිවාර දාගැබක් වන මාණික්කමඩු
ඉපැරණි පුද බිම ආසන්නයේදි විහාරස්ථානයකට පරිවාර චෛත්‍යයේ ගොඩනැඟිල්ලක්
ඉදිකිරීමට එරෙහිව මුස්ලිම් පිරිසක් විරෝධය දැක්වීම නිසා එම ස්ථානයේ දැඩි
උණුසුම්කාරි තත්වයක් හටගෙන තිබෙනවා.විරෝධතාකරුවන් සදහන් කලේ අදාළ ඉඩම
මුස්ලිම් ජාතිකයෙකු සතු ඉඩමක් වන බවයි.
එම ස්ථානයේ මේ වන විටත් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කරන අතර
උන්වහන්සේ පැවසුවේ,විහාර ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා ජනාධිපතිවරයාගේ සිට
අදාළ ආයතන වලින් නිසි අවසරය ඉල්ලූ බවයි.මීට පෙරද එම ස්ථානයේ විහාරස්ථානයක්
පැවති බවයි උන්වහන්සේ කියා සිටියේ.
පසුව එම ස්ථානයට පැමිණි නැගෙනහිර පළාත් සභා මන්ත්‍රි හාරිස් සම්සුඩින් කියා සිටියේ , මෙම විහරස්ථානය නිසි අවසරයකින් සාදනවාදැයි තමන් කිසිවක් නොදන්නා බවයි. සියළුදේ නිරාකරණය ගැනීමෙන් පසුව මෙම ඉදිකිරීම් ආරම්භ කරන ලෙසට එහිදී නැගෙනහිර පළාත් සභා මන්ත්‍රි හාරිස් අදාළ පිරිසෙන් ඉල්ලීමක්ද කළා.
එම අවස්ථාවේදී ශාස්ත්‍රපති අඹගහපිටියේ සීලරතන හිමියන් විසින් මෙම ස්ථානයේ ඉදිකිරීමක් සඳහා ලබාගෙන තිබෙන අවසර පත් ලිපි සියල්ල එම ස්ථානයට පැමිණ සිටි සහකාර පොලිස් අධිකාරි රණගල වෙත ඉදිරිපත් කරන ලදි. පසුව ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා පොලිසිය මෙම ගැටලුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැවසීමෙන් පසුව මෙම පිරිස එම ස්ථානයෙන් ඉවත්ව යන ලදී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උතුරු නැඟෙනහිර පිරිවෙන් අධ්යක්ෂ පුළුකුනාව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කිරිඳිවෙල සෝමරතන හිමියන් ,
මෙතන අපේ රජමහා විහාරයක් තියෙන්නේ. යුද්ධයට පෙර සිංහල පවුල් සීයයක් විතර මෙතන පදිංචිවෙලා හිටියා. පස්සේ යුද්ධ සමයේ ඒ අය මෙතනින් ගියා. අපේ පන්සලක් යුද්ධයට පෙරත් මෙතන තිබුණා. මේ වෙද්දී ඒ ඉඩම් හොරට බලපත්‍ර හදාගෙන අත්පත් කරගන්න හදනවා. මෙම ස්ථානයේ විහාරස්ථානය හදන්න අපි ජනාධිපතිවරයාගේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, දිසාපතිතුමාගෙන් සහ ඉඩම් කොමසාරිස් ඇතුළු නිලධාරීන්ගෙන් අවසර අරන් තියෙන්නේ. මේවා දිඝවාපියේ පරිවාර දාගැබ්, මේවා වසර සිය දහස් ගාණක් පරණ අපේ උරුමය. මේවා කාටවත් විනාශ කරන්න දෙන්න බැහැ. මෙම පුරාවිද්‍යා ස්ථානයේ පුරාවස්තු තිබෙන පර්වතය පාමුල කොහොමද ඉඩම් වලට බලපත්‍ර ලබා දෙන්නේ.
ඒ නිසා අපි මෙතන අපේ විහාරස්ථානය හදනවා. මේ සඳහා අපි මාස අටකටත් වැඩි කාලයක් බලා ඉඳලයි නිසි අවසර ගෙනයි වැඩ ආරම්භ කළේ. හැබැයි මේ ඉඩම් වලට එරගම ඇතුළු අන්‍ය ජාතිකයන් බොහෝ දෙනෙක් බලපත්‍ර සාදන ආකාරය ගැන කිසිම ඉහළ නිලධාරියෙක් නිසි පරීක්ෂණයක් කරන්නේ නැහැ. ව්‍යාජ ලිපි ලේඛන තමන්ට අවශ්‍ය විදිහට සකසා ගන්න බොහෝ දෙනෙක් දක්ෂයි ඒ නිසා අපි කියන්නේ අපේ උරුමය වෙනුවෙන් අපි කටයුතු කරනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතියේ උරුමය රකින්න අපි ජාති බේදයෙන් තොරව එක් විය යුතුයි.
සති අන්ත පුවත්පතක් වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පවසා තිබෙනවා.

( උපුටා ගැන්ම අවසන් )