ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, April 19, 2017

කාළකණ්නි සිංහල දේශපාළුවන් සුරසැප විඳිද්දී.... ලතැවෙන අපේම සිංහල උන්ගේ අඳෝනාව....!!!

 උරුමයක් අහිමි කරුමයක් ගෙවන කුබුරුපිටිය ගමේ ජනතාව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි කුබුරුපිටිය කුඩා ගම්මානයේ පදිංචිව සිටින පවුල් 19ක් ට අයත් ජනතාව උග්‍ර ආහාර හිගයකට හා දැඩි ආර්ථික දුෂ්කරතාවයකට මෙන්ම රාජ්‍ය    නිලධාරි පීඩනයකට ලක්ව අසරණව සිටිති . ප්‍රදේශයේ අවට දමිළ හා මුස්ලිම් ප්‍රජාව බහුතරයක් පදිංචිව සිටින අතර මේ ගම්මානයේ ඇත්තේ සිංහල ජනතාව වන නිසා රජයෙන් ලැබිය යුතු සහන රජයේ නිලධාරින් විසින් අහිමි කිරීම නිසා පාරම්පරිකව කුච්චවේලි එරක්කන්ඩ්  ප්‍රදේශයේ පදිංචිව සිටි ජනතාවට මේ වනවිට තම ගම්බිම් පවා අහිමිව අසරණ වී ඇතිබව මේ ජනතාව කියති . මේ ගම්මානයේ ජනතාව පත්ව ඇති තත්වය පිළිබධව වාර්තාවීමත් සමග අප ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි කුබුරුපිටිය කුඩා ගම්මානය සොයා ගියමු . කුඩා ටකරන් පැල්පත් වල ජීවත්වූ පවුල් 19ක් ජනතාව ට මෙවර අවුරුද්දට ඇදුමක් හෝ කැවිලි පිගානක්වත් නැත ....!!! වේලක් හැර වේලක් හෝ මේ ගම්මානයේ ජනතාව කන්නේ කුලී වැඩක් හෝ අනුන්න්ගේ මා දැලක් ඇදීමෙනි .වීඩියෝ සහිතයි

මේ ගමේ ජනතාව පෙර පදිංචිව සිට ඇත්තේ කුච්චවේලි පාලම ආසන්නයේ එරක්කන්ඩ් ගමේය .යුද්දයත් සමග මේ ජනතාව අවතැන් කදවුරු වල වසර ගණනාවක් දිවි ගෙවා යුද්දය අවසන්වූ පසු නැවත ගමට එද්දී ඉඩම් නිවාස සියල්ල දමිළ හා මුස්ලිම් ජනතාව ඒවායේ පදිංචි වී රජයේ නිලධාරි ලවා එම ඉඩම් වලට බලපත්‍ර  පවා සකසා ඇතිබව ගම්මු කියති . පසුව ඉන්න හිටින්න තැනක් නොමැතිව ගස් ගල් යට දිවි ගෙවූ මේ ජනතාවට පුද්ගලික මහත්මයකු පරිත්යාග කල ඉඩමක කොටස් කර බෙදා දී ඇත .ටකරන් මඩු සකසාගෙන පදිංචි වූ මේ ජනතාව රජයේ නිලධාරින් සමග නිරන්තර සහන ඉල්ලා අරගල කරද්දී නිවාස හතකට මුදල් ලබාදී එම නිවාස ඉදිකිරිම රජයේ නිලධාරීන්ගේ හිතවත් කාන්තාවකට ලබාදී ඒවාද අතරමග නවතා මුදල් ලබාගෙන ඇයද පලාගොස් ඇත .ඉතිරි සියලු දෙනා තවමත් ටකරන් නිවෙස් වලය . නිසි අධ්යාපනයක් .නිසි පෝෂණයක් , නිසි සෞඛ්‍ය තත්වයක් ,හරිහමන් අදිවතක් ,රැකියාවක් නැති මේ පවුල් සදහා රජයෙන් ලබාදෙන සමුර්ධි සහනාධාරය පවා අහිමිවී ඇති බව ගම්මු කියති . අප මේ පිළිබඳව කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් පි .ධනේශ්වරම්ගෙන් විමසීමේදී කිවේ ,මේ ජනතාව නැවත පදිංචියට එන විට ඔවුන්ගේ ඉඩකඩම් බොහෝ දෙනා නීති විරෝධී ලෙස ලේඛණ සකසා අත්පත් කරගෙන ඇතැම් ඉඩම් වලට විකුණුම් කරන පවා හදාගෙන ඇති බවය .තම ප්රදේශයේ නැවත පදිංචි යට පැමිණි බොහෝ දෙනකුට සමුර්ධි අහිමි බවද කිවේය .පවුල් හතකට නිවාස ආධාර ලබාදුන් බවත් හොර කොන්ත්රාත් කරුවන්ට මේ ජනතාව හසුවී ඇති බව කිවේය ,තම කාර්යාල සේවකයන් අතින් එම ජනතාවට වරදක් සිදුවීද යන්න සොයා බලන බවද කිවේය.
 (දඹුල්ල කාංචන කුමාර ආරියදාස  0773416157 )

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.