කුණු කන්දේ විපතට වගකිවයුතු ඇමතිවරුන් අවුරුදු පාටි මහ ඉහලින් දමති.. චම්පිකගේ බංගලාවේ රාත්‍රි අවුරුදු පාටියක්..
කොළඹ අගනුවර කුණු ප්‍රශ්නයක් නිසා කොලොන්නාව මීතොටමුල්ල පදිංචි අහිංසක
ජනතාවට මහා විනාශයක් කරමින් මේ වනවිට ජීවිත ගනනක් අහිමි වී තවමත් නිශ්චිතව
සිදු වූ ජීවිත හානි ගනන හරියට ගනනය කිරීමට නොහැකිව තිබියදි, කොළඹ
දිස්ත්‍රික් ජනතාවගෙන් කොටසක් ඉතා පිඩාවට පත්ව ඇති අවස්ථාවක රජයේ මැති
ඇමතිවරුන් විසින් පවත්වන අලුත් අවුරුදු පාටිවල කිසි අඩුවක් දක්නට නොලැබීම
කනගාටුවට කරුණකි.
මෙවැනි මහා විපතක් ආණ්ඩුවේ වරදින් සිදු වූ අවස්ථාවක අවම වශයෙන් රජය ශෝක
කාලයක් ප්‍රකාශයට පත්කොට විපතට පත්වූවන්ට පුලුවන් ආකාරයෙන් සහන සලසවන ලෙසත්
හැකිතාක් දුරට උත්සව මෙන්ම සාද පැවත්වීමේන් වැලකී සිටින ලෙසත් ජනතාවගෙන්
ඉල්ලා සිටීමයි. එහෙත් වෙනුවට රජයේ අමාත්‍යවරුන් වෙත ලබාදි ඇති කොළඹ 07
පිහිටි නිල මන්දිරවල අලුත් අවුරුදු රාත්‍රි පාටි දැමීම කොතෙක් දුරට යුක්ති
සහගත ද යන්න ජනතාව අනාගතයේදි තීරණය කරනු ඇත.
16 රාත්‍රියේ දි කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි මෙගා පොලිස් අමාත්‍යවරයාගේ
නිල මන්දිරයේ එවැනි විශාල අලුත් අවුරුදු සාදයක් පැවති අතර එහි ගිය රජයේ
උසස් නිලධාරින්ට මෙන්ම ආරාධිත අමුත්තන් වෙනුවෙන් සංග්‍රහ කිරීමට විදේශීය
මත්පැන්වලින් පිරි ඉතිරී තිබුනි.
නමුත් එහි ගිය අමුත්තන් බොහෝ දෙනෙකු තැන තැන කතා බහ වුනේ මීතොටමුල්ල
ඛේදවාචකයට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයකු වන මහානගර නිර්මාණ සහ නාගරික
සංවර්ධන අමාත්‍ය චම්පික රණවක වැන්නන් රටේ මෙතරම් විශාල විපතක් සිදුව ඇති
අවස්ථාවක කෙසේ මේ ආකාරයෙන් ප්‍රිය සම්භාෂණ පවත්වමින් ප්රිති වන්නේ ද
යන්නයි.
එමෙන්ම බස්නාහිර පාලත් සභාවේ මහ ඇමති ඉසුර දේවප්‍රියද ප්‍රකාශ කොට
ඇත්තේ මීතොටමුල්ල කුණු කන්ද ප්‍රශ්නයට කෙලින්ම වගකිවයුත්තා චම්පික රණවක
අමාත්‍යවරයා බවයි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, April 17, 2017
බල්ලන්ට රජ මගුල්...!!!
2017-04-17T20:45:00+02:00
lankanews
champika ranawaka|hirunika|hirunika premachandra|isura dewapriya|lankanews|marikkar|meithreepala sirisena|ranil wickramasinge|s m marikkar|sujeewa senasinghe|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...