2008 ට
ප්‍රථම මීතොටමුල්ල කුනුකන්ද කොලොන්නාවේ කුණු පමණක් දැමීමට තෝරාගත්
බිම්කොටසකි . 2008දී ගොටාබයගේ අධීක්ෂණය සහ නියෝගය අනුව කොලඹ නගර සබවේ කුණු
මීතොටමුල්ලට දිනපතා එකතුවිය. දිනපතා කොලබට එකතුවන ජනතාව ලක්ෂ 20සකි. කොලඹ
ස්ථිර පදිංචිකරුවන් ලක්ෂ 7 කි.
වරින්වර මීතොටමුල්ල ජනතාව කුනු දැමීමට විරුද්ධව
තම විරෝධය ප්රකෂකලත් ගොටාබය අනුර සේනානායක ප්‍රමුක පොලීසිය යොදවා ජනතාවට
පහරදී කදුළු ගෑස් ගසා පලවා හරින ලදී. ප්‍රථම ජනතා විරෝධය 2013 ජනවාරි මසද
දෙවනුව 2013 අප්‍රේල් මස 6 සහ 9 වනදාද ජනතාවගේ විරෝධය නොසලකා හැර
පොලිසිය ලවා පහරදී පලවා හරින ලදී.
වර්තමාන පාලකයින්ද 2015
දීත් 2016 දීත් ඒ අන්දමින්ම කදුළු ගැස් ගසා ජල ප්‍රහාර එල්ලකරමින් හිරිහැර
කර මීතොටමුල්ල ජනතාව පලවා හැරපු අන්දම සියලුම ලාංකිකයින් දුටු බවද වර්තමාන
පාලකයින් රාජපක්ෂලාට දොස්පවරීමට පෙර සිහියට ගතයුතුව ඇත. මේ අන්දමට
මහින්දපාලනයත් රනිල් පාලනයත් කුණුකන්දට විරුද්ධව නැගී සිටි ජනතාව මර්දනය
කළා මිසක විසඳුමක් සෙවුවෙ නැත. මහින්ද පාලනය සමයේ කැනඩාවේ පදිංචි
ලාංකිකයෙක් කුනුකන්ද ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඉදිරිපත් කිරීමට
පැමීණි අවස්ථාවේ බස්නාහිර මහා ඇමති ඉසුර දේවප්‍රිය රුපියල් කොටි 45ක් සහ
සමාගමෙන් අයිතීන් කොටසක්ද ඉල්ලීමේ හේතුවෙන් ලාංකික ව්‍යාපාරිකය ව්‍යාපෘතිය
අත්හැරදමා ඇත. මීට අමතරව 2016දී ජර්මන් සමාගමක් එම ක්‍රියාවලියටම
ඉදිරිපත්වූ අවස්ථාවේ චම්පික රණවක කොටි 52ක මුදලක් කොමිස් වශයෙන් ඉල්ලීම
නිසා ජර්මන්සමාගම එම වයපෘතිය අත්හැරදමා ගියබව විදුලිබල මණ්ඩලයේ එවකට
පාලනයකළ නිලධාරීන් පවසයි.
පවතින තක්කඩි ජඩ දේශපාලනය තුල
ජනතාවගේ යහපත හෝ ආරක්ෂාව තකා කිසිවක් සිදුනොවන බවට තවත් සාක්ෂි අවශ්‍යද ?
අවුරුදු 69 ක් ම දේශපාලුවන් උන් උනුන්ගේ යහපත තකා මුදල් වෙන්කරගැනීම තුලින්
තම තමන්ගේ උවමන එපාකම් සපුරා ගන්නා ලදී. ජනතාවගේ අවශ්‍ය තාවයන් කිසිවක්
පාලකයින් විසින් සිතාමතා දුන් අවස්තාවක් නම් නැත.ලබාගත් දෙයක් ඇතිනම් ඒ
හැම දෙයක්ම උද්ඝෝෂණයක් තුලින් ලබාගත් දෙයක් පමණී.
ඉතාම ශෝකනීය
අදහා ගැනීමට අසීරු තත්වය නම් වර්තමාන පාලකයින් විසින් මෙම ඛේදවාචකයෙන්
ජීවිත අහිමිවූ මීතොටමුල්ල ජනතාවගේ ජීවිතයක් රුපියල් ලක්ෂයක් වැනි
සුලු මුදලකට අවතක්සේරු කිරීමයි. මෙවැනි පාලනයකින් තව මොනාවා
බලාපොරෝත්තුවන්නදැයි අදහ ගත නොහැක. අයුධ ගබඩාව පුපුරා යාමේන් අතරමංවී සිටින
ජනතාව නොසලකා හැර ඇති අන්දමින් මීතොට මුල්ල ජනතාවට කරන සැලකිල්ල ගැන අපට
සිතාගත හැක .
නන්දසිරි තේනුවරගේ