ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 2, 2017

ප්‍රවීණ ගායිකා විවියන් ද සිල්වා බොරලැස්‌ස අභාවප්‍රාප්ත වේ....!!!

"දුර පෙනෙන තැනිතලා...." "නවතින්න තිස්‌ස..." "ආලෝකය මේ යෑයි" "පිපිලා ජලාශේ" ඇතුළු තවත් ජනප්‍රියතම ගීත රාශියකින් සංගීත රසකාමීන් පිනවූ ප්‍රවීණ ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්‌ස මහත්මිය  (02 වැනිදා) අභාවප්‍රාප්ත වූවාය.
රෝගාතුරව ටික කලක්‌ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට 88 වැනි වියේ පසුවූ ඇය දරුවන් සය දෙනකුගේ මවක ද වූවාය. ඩී. ඩී. එස්‌. බොරලැස්‌ස මහතා ඇගේ ආදරණීය සැමියාය.VIDEO

විවියන් ද සිල්වා බොරලැස්‌ස මහත්මිය බෞද්ධ ගීත වැඩි ප්‍රමාණයක්‌ ගායනා කළ ගායිකාවක්‌ ද වන අතර, ඇය GRAMEPHONE ගී වැඩි ගණනකට ද තම හඬ මුසු කර ඇත.

දැනට බොරලැස්‌ස මහත්මියගේ දේහය මාලබේ තලාහේන සමනල මාවතේ 2 වන පටුමගේ අංක 162/15 සී නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.


විවියන් ද සිල්වා බොරලැස්ස

විවියන් ද සිල්වා බොරලැස්ස සිය ජීවිතයේ අසූ එක් වැනි සැතපුම් කණුව, දානමය පින්කමක් කර සමරන්නේ
අද දිනයි. ඇයට වෙන පින්කම් කුමකට ද කියා සිතෙන්නේ ග්‍රැමෆෝන් යුගයේ විවියන් ද සිල්වා බොරලැස්ස ශිල්පිනිය සිය මිහිරි හඬින් බොදු සසුනට පූජා කළ ගී සමුදාය නිසයි.
දෙදහස් පන්සිය බුද්ධත්ව ජයන්තිය සේම, සම්බුද්ධත්ව ජයන්තියට ද ඇයගේ මිහිරි හඬ ගීතවත් වූවාය. බොදු ගුණ ගී වැඩි ගණනක් ගායනා කළ ගායිකාව ලෙසින් ඉතිහාසගත වී සිටින්නේ ඇයයි. ඒ වාගේම ග්‍රැමෆෝන් ගී වැඩි ගණනකට තම හඬ මුසු කිරීමේ භාග්‍යය ලද්දිය ද ඇයයි. මේ වාසනාව ඇයට උපතින්ම උරුම වුවකි.
ලක්ෂ්මියි, සරස්වතියි එකතැන නොරැඳුණත් විවියන් ද සිල්වා දැරිය ඉපදුණේ ඒ වාසනාව දෝතින්ම රැගෙනයි. ‘මගේ පියා ජී. එස්. ද සිල්වා ව්‍යාපාරිකයෙක්. නාට්‍ය රචකයෙක්. නිෂ්පාදකයෙක්.
ලක්ෂ්මී බායි, සුසිලා ජයසිංහ, ඇනී බොතේජු, විමලා කාන්තා, රොම්ලස් ද සිල්වා වගේ ප්‍රවීණ කලා ශිල්පිනියන්, ශිල්පීන් ඇවිල්ලා අපේ ගෙදර නාට්‍ය පුහුණු වෙනවා. සංගීතය සපයන්න එඩී මාස්ටර්, රූපසිංහ මාස්ටර් වැනි සුප්‍රකට සංගීතඥයන් පැමිණියා. මේ කලා වටපිටාව නිසා මගේ සිත කලාවට ඉබේටම ඇදිලා ගියා.
කුඩා වයසේ සිටම මං ගීත ගායනා කළා. තාත්තගේ නාට්‍යවල පොතේ ගුරාගේ ගායනය කළා. එවකට ජනප්‍රිය ගායකයකු වූ ජී. ආර්. එඩ්වඩ් කියන්නේ මගේ මාම කෙනෙක්. ඔහු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීත අධ්‍යක්ෂ කෙනෙක්. මාව ගුවන් විදුලියට එක්ක ගියේ ඔහුයි. මාමා සමඟ යුග ගී ගයන කොට මගේ වයස අවුරුදු අටයි.
1940 දී ගුවන් විදුලි පරීක්ෂණයට පෙනී සිටියා. ඒ පරීක්ෂණයට විනිශ්චය මණ්ඩලයෙන් ලැබෙන තීන්දුව වගේම අසන්නන්ගේ මනාපයත් වැදගත් වුණා. මේ දෙකෙන්ම පළමු තැන දිනා ගන්න තරම් මට වාසනාවක් ලැබුණා. එතකොට මට වයස අවුරුදු දහයයි.
ඉන් පසුව මට දිගටම විනාඩි 15 ක සරල ගී වැඩ සටහන් ලැබුණා. වැඩ සටහන් කළේ අපිම සංගීතඥයන් සොයා ගෙනයි. දවස් තුනක් විතර ගෙදරදී පුහුණුවීම් කළා. මුලින්ම ගැයුවේ ‘චන්ද්‍රා දේ පියා’ ගීතයයි’
ඊට වසර හතකට පසුව තවත් විශේෂ ජයක් ලැබුණා. රත්න ජංකර් පඬිතුමා පැමිණ මෙරට ශිල්පීන් ශ්‍රේණිගත කළා. මාව විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක් විදියට තෝරා ගත්තා. සරල ගී වැඩ සටහනට අමතරව සති තුනකට වරක් අඩ පැයක සංගීත වැඩ සටහනක් කිරීමට ලැබුණා. සෑම සංගීත වැඩ සටහනකම මුලින්ම ගායනා කළේ බෞද්ධ ගීතයක්. එකම මයික්‍රෆෝනයකින් වැඩ සටහන කෙරුණා. කවුරුවත් වරද්දන්නේ නැතුව කෙරුණු ඒ පටිගත කිරීම් ගැන දැන් හිතන කොට අපි කරලා තියෙන්නේ යුද්ධයක්.
මේ සියල්ල කළේ මරදානේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්න අතරතුරෙයි. පවුලේ එකම ළමයා නිසා කලාවට සම්බන්ධ වුණේ දැඩි නීති රීති මැදයි. හැම සරල ගී වැඩ සටහනකටම අම්මයි තාත්තයි දෙන්නම ආවා. තාත්තා අවේ ව්‍යාපාරික කටයුතු පාඩු කර ගෙනයි.
1946 දී සුනිල් සාන්ත ශූරීන් මා සමඟ ගී ගයන්න මාපියන්ගෙන් අවසර ඉල්ලුවා. ‘රැල්ල නැඟන්නේ වැල්ල බලා ඇදෙන්නේ’ ගීය ඔහු සමඟ ගැයූ ගීයයි. එය ඉතා ජනප්‍රිය වුණා. අතීතයේ මිහිරියාව මේ ප්‍රවීණ ශිල්පිනිය අවදි කළාය.
මා සංඝබෝධි, සැරදේ ශ්‍රී කන්ධ කුමාර, බුදු මගුල ළගම ඒවි, නංගී නංගී රූපිකා, නවතින්න තිස්ස වැනි අතිශය ජනප්‍රිය ගී සමුදායකින් විවියන් ද සිල්වාගේ මිහිරි හඬින් අපේ ගී කෙත පෝෂණය වෙද්දී ඇය වෙළෙඳ තැටි ගායිකාවන් අතර ඉහළම ආකර්ෂණය දිනා ගත්තාය.
වෙළෙඳ තැටිවලට ගී ගැයූ ගායිකාවන් අතර රෝයල්ටියට (තැටියක් අලෙවි වූ විට ලැබෙන කොමිස් මුදලට) හිමිකම් කී ගායිකාවන් අතළොස්සෙන් ඇය ද කෙනකි. ඒ කාලයේ රෝයල්ටිය තැටියකට සත 25 කි.
බුද්ධ ජයන්තිියට විවියන් ද සිල්වා ශිල්පිනිය ගැයූ ‘සම්බුදු මංගල්ලේ’ ගී තැටිය කෙතරම් අලෙවි වූවා ද කිවහොත් එච්. එම්. වී. තැටි බෙදා හරින කාර්ගිල්ස් සමාගමෙන් ඇයට රේඩියෝ ග්‍රෑමයක් තෑගි ලැබුණි. එවකට රුපියල් තුන් දහස් ගණනක් තරම් මිල වූ ඒ රේඩියෝ ග්‍රෑමය අද තිබුණා නම් වටිනාකම ලක්ෂයකටත් වැඩිය. එහෙත් විවියන් ද සිල්වා ශිල්පිනියගේ දූ දරුවන් සය දෙනාම එයින් විනෝද වෙද්දී මාතෘත්වයේ සෙනෙහසින් ඇය බලා සිටියේ පරිත්‍යාගශීලීවය.
එඩ්වඩ් මාමාගේ යහළුවකු සහ තම රසිකයකු වූ ඩී. ඩී. එස්. බොරලැස්ස ඇයගේ දයාබර සැමියායි. මාපියන්ගේ නීති රීති නිසා ඇයට ගුවන් විදුලි සහ ග්‍රැමෆෝන් ගායිකාවක ලෙස පමණක් ගීත ක්ෂේත්‍රයේ නම රැන්දවීමට හැකි විය.
දූ දරුවන්ගෙන් ඇයගේ අඩි පාරේ ගමන් කරන්නේ කපිල බොරලැස්ස පුතණුවන්ය. එහෙත් දරුවන් සියලු දෙනාම මවගේ වටිනාකම හොඳින්ම දනී.
‘අම්මාගේ සංගීත ජීවිතයට දැන් වසර හැත්තෑවක් විතර. කවුරු හරි ඇහුවොත් කියන්නේ සී. ඩී. එකක් කරන්න ආසයි කියලා. ඔය අතරේ නියුමෝනියාව හැදිලා අම්මට ගොඩක් අමාරු වුණා.
දූ දරුවන් වශයෙන් අපට කරන්න පුළුවන් ලොකුම යුතුකම ජීවත්ව සිටියදී සී. ඩී. එකක් කරන එක කියලා හිතලා ‘සම්බුදු මංගල්ලේ’ සී. ඩී. තැටිය කළා. දොරට වඩින උත්සවය පවත්වන්න තිබුණේ මැයි 22 වැනිදා ජෝන් ද සිල්වා සමරු රඟහලෙයි. එත් එදාට යුද්ධය දිනීමේ ප්‍රීතිය නිමිත්තෙන් රට පුරාම උත්සව පැවැත්වුණා. අම්ම කැමැත්තෙන්ම එදා සී. ඩී. තැටිය දොරට වඩින උත්සවය නොපවත්වා සිටියා රණවිරුවන්ට උපහාරයක් විදියට. අපට ආර්ථික වශයෙන් ලොකුª පාඩුවක් සිදු වුණා. ඒ නිසා ආයෙත් ඒ උත්සවය කරන්න බැරි වුණා. ජීවිතේ තිබූ ලොකුම බලාපොරොත්තුව තවමත් අම්මාගේ සිතේ ගිනි පුපුරක් වගේ දැල් වෙනවා.’ වැඩිමල් දියණිය ඉන්ද්‍රානි පැවසුවේ දෙනෙතෙහි කඳුළු පුරවා ගනිමිනි.
මේ අග්‍රගණ්‍ය කලා ශිල්පිනිය ග්‍රැමෆෝන් යුගයෙන් අපට ඉතිරි වී සිටින කලා ශිල්පීන් අතළොස්සෙන් කෙනකි. ඇය ගැයූ ‘සම්බුදු මංගල්ලේ’ ගීය නොගැයෙන වෙසක් මගුලක්, ‘නවතින්න තිස්ස’ නොගැයෙන පොසොන් පෝ දිනයක් මේ පින් බිමට උදා වන්නේ නැත. එසේ නම් මේ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියගේ, බොදු ගීත කෝකිලාවගේ පැතුම් මල්ඵල ගැන්වෙන ඒ දිනය ඔබේත් සහයෝගය ලැබී ඉක්මනින්ම උදා වේවා යන්න සරසවියේ අපේ පැතුමයි. ඒ පැතුම ඉටු වන දිනය වැඩි ඈතක නොවේවා!
* දුරකතන අංකය- 2864597

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.