දීඝවාපිය පරිවාර දාගැබ ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීහු විරෝධතා දක්වති....!!!
නිසි අවසර ගත්තා - මේවා අපේ උරුමය කිසිවකුට විනාශ කරන්න දෙන්නේ නෑ - කිරිඳිවෙල සෝමරතන හිමි
දීඝවාපි සෑ රදුන්ගේ පරිවාර දාගැබක් වන මාණික්කමඩු ඉපැරණි පුද බිම ආසන්නයේදි විහාරස්ථානයකට පරිවාර චෛත්‍යයේ ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට යැම නිසා 19 වන උදෑසන මුස්ලිම් ජනයා විරොධය පළ කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය. විහාරස්ථානය හදන්නට පටන් ගත් භුමිය මුස්ලිම් ජාතිකයෙක් සතු ඉඩමක් බව පවසමින් මෙම පිරිස විරෝධතාවයේ යෙදිණි.
මේ වන විට එම ස්ථානයේ වැඩ වාසය කරන ශාස්ත්‍රපති අඹගහපිටියේ සීලරතන හිමියන් ඇතුඵ එම ස්ථානයට වැඩමවා සිටි භික්ෂුන් වහන්සේලා පවසා සිටියේ මෙම ස්ථානයේ මීට පෙර විහාරස්ථානයක් පැවති බවත් මේ සඳහා ජනපතිවරයාගේ සිට අදාළ ආයතනවලින් නිසි අවසර ලබාගෙන ඉන් අනතුරුව මෙම විහරස්ථනය ඉදිකිsරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කළ බවයි.
එම අවස්ථාවේදී එම ස්ථානයට ජාතික කොංග්රස් පක්ෂයේ නැෙ`ගනහිර පළාත් සභා මන්ත්‍රී හාරිස් සම්සුඩින් සහ තවත් නීතිඥයන් ඇතුළු පිරිසක් පැමිණ මෙම විහරස්ථානය නිසි අවසරයකින් සාදනවාදැයි තමන් නොදන්නා බව පවසමින් මෙම ගැටලුව නිරාකරණය කර මෙම ස්ථානයේ ඉදිකිsරීම් කරන ලෙස පවසා සිටින ලදී. එම අවස්ථාවේ එරගම ප්‍රදේශීය ලේකම්වරයා කැඳවන්නට උත්සාහ කළ ද ඔහු ඒ අවස්ථාවේ එම ස්ථානයට නොපැමිණෙන ලදී.
එම අවස්ථාවේදී සීලරතන හිමියන් විසින් මෙම ස්ථානයේ ඉදිකිරීමක් සඳහා ලබාගෙන තිබෙන අවසර පත් ලිපි සියල්ල එම ස්ථානයට පැමිණ සිටි සහකාර පොලිස් අධිකාරි රණගල වෙත ඉදිරිපත් කරන ලදි. පසුව ගැටුම්කාරී තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා පොලිසිය මෙම ගැටලුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැවසීමෙන් පසුව මෙම පිරිස එම ස්ථානයෙන් ඉවත්ව යන ලදි.
උතුරු නැඟෙනහිර පිරිවෙන් අධ්යක්ෂ පුළුකුනාව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කිරිඳිවෙල සෝමරතන හිමියන් මේ පිsළිබඳව මෙසේ අදහස් දක්වන ලදි.
මෙතන අපේ රජමහා විහාරයක් තියෙන්නේ. යුද්ධයට පෙර සිංහල පවුල් සීයයක් විතර මෙතන පදිංචිවෙලා හිටියා. පස්සේ යුද්ධ සමයේ ඒ අය මෙතනින් ගියා. අපේ පන්සලක් යුද්ධයට පෙරත් මෙතන තිබුණා. මේ වෙද්දී ඒ ඉඩම් හොරට බලපත්‍ර හදාගෙන අත්පත් කරගන්න හදනවා. මෙම ස්ථානයේ විහාරස්ථානය හදන්න අපි ජනාධිපතිවරයාගේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, දිසාපතිතුමාගෙන් සහ ඉඩම් කොමසාරිස් ඇතුළු නිලධාරීන්ගෙන් අවසර අරන් තියෙන්නේ. මේවා දිඝවාපියේ පරිවාර දාගැබ්, මේවා වසර සිය දහස් ගාණක් පරණ අපේ උරුමය. මේවා කාටවත් විනාශ කරන්න දෙන්න බැහැ. මෙම පුරාවිද්‍යා ස්ථානයේ පුරාවස්තු තිබෙන පර්වතය පාමුල කොහොමද ඉඩම් වලට බලපත්‍ර ලබා දෙන්නේ.
ඒ නිසා අපි මෙතන අපේ විහාරස්ථානය හදනවා. මේ සඳහා අපි මාස අටකටත් වැඩි කාලයක් බලා ඉඳලයි නිසි අවසර ගෙනයි වැඩ ආරම්භ කළේ. හැබැයි මේ ඉඩම් වලට එරගම ඇතුළු අන්‍ය ජාතිකයන් බොහෝ දෙනෙක් බලපත්‍ර සාදන ආකාරය ගැන කිසිම ඉහළ නිලධාරියෙක් නිසි පරීක්ෂණයක් කරන්නේ නැහැ. ව්‍යාජ ලිපි ලේඛන තමන්ට අවශ්‍ය විදිහට සකසා ගන්න බොහෝ දෙනෙක් දක්ෂයි ඒ නිසා අපි කියන්නේ අපේ උරුමය වෙනුවෙන් අපි කටයුතු කරනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතියේ උරුමය රකින්න අපි ජාති බේදයෙන් තොරව එක් විය යුතු බව කිරිඳිවෙල සෝමරතන හිමියන් අදහස් දක්වමින් පැවසූහ.