ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 9, 2017

අර්ථසාධකේටත් විද්ද සුණඛයෝ....!!! තාමත් ඵළියේ...!!!

බැඳුම්කර මගඩියෙන් අර්ථසාධක
අරමුදලට කෝටි 950 ක්‌ පාඩු වෙලා...!!!

ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්‌ ප්‍රධාන නියෝජිත කාර්යයක්‌ වන්නේ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම සහ පරිපාලනය කිරීමයි. ඒ අනුව 1958 අංක 15 දරන පනත යටතේ පිහිටුවන ලද සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු ලෙස සේවා දායකයන්ගේ දායක මුදල් ලබා ගැනීම, අතිරික්‌ත අරමුදල් ආයෝජනය කිරීම, විධිමත් ලෙස ගිණුම් පවත්වාගෙන යැම සහ සාමාජිකයන්ට ප්‍රතිලාභ ගෙවීම මුදල් මණ්‌ඩලයට පැවරී ඇති වගකීමකි. මේ නිසා මහ බැංකුව වූ කලී අර්ථසාධක අරමුදලේ භාරකරුවා මිස හිමිකරුවා නොවේ. එසේ නම් මේ අරමුදලේ හිමිකරුවා කවුද? එහි හිsමිකරුවා වන්නේ ලක්‌ෂ සංඛ්‍යාත අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය දරන රටේ සේවක හා කම්කරු ප්‍රජාවයි. ඒ නිසා මේ අරමුදලේ භාරකරුවා ලෙස එහි හිමිකරුවා වන අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාවට එම අරමුදල නිසි ලෙස කළමනාකරණය කිරීමේ වගකීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල බැඳී සිටී. එහෙත් මේ වගකීම මහ බැංකුව හරිහැටි ඉටු කළාද යන බරපතළ ප්‍රශ්නය දැන් මතුව තිබේ. එයට හේතුව වන්නේ දැනට රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දී තිබෙන බැඳුම්කර මගඩියට අර්ථසාධක අරමුදල ද සම්බන්ධ කරගෙන තිබීමයි. ඒ හරහා එම අරමුදලට අතිවිශාල පාඩුවක්‌ සිදු වී සමස්‌ත ලක්‌ෂ සංඛ්‍යාත අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාවට ඉමහත් අගතියක්‌ සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී තිබීමයි.

වඩාත් බරපතළ ප්‍රශ්නය වන්නේ මේ අර්ථ සාධකය අනතුරට ලක්‌කළ බැඳුම්කර ගනුදෙනු ගැන සහ ඒවාට වගකිව යුත්තන් පිළිබඳව මහ බැංකුවේම අභ්‍යන්තර පරීක්‌ෂණ වාර්තාවක්‌ මගින් මුදල් මණ්‌ඩලයට මේ වනවිට හෙළිකර තිබියදීත් මහ බැංකුව ඒ සම්බන්ධයෙන් තවමත් නිසි පියවරක්‌ ගෙන ඇති බවට පෙනෙන්නට නොතිබීමයි. ඒ තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය තවදුරටත් අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාව අගතියට පත් කරමින් සිටින බව කිව යුතුයි. වර්තමාන මහ බැංකු මුදල් මණ්‌ඩලයේ සභාපතිත්වය දරන්නේ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතායි. ඒ අනුව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි ඇතුළු සෙසු සාමාජිකයන් වන මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්‌. සමරතුංග එම්. රාමනාදන්, නිහාල් ෆොන්සේකා සහ ක්‍රිශාන්ත පෙරේරා යන අයට නැවතත් සිහිපත් කළ යුතු වන්නේ මහ බැංකුව අර්ථසාධක අරමුදලේ භාරකරුවා මිස හිමිකරුවා නොවන බවයි. මේ නිසා එම අරමුදලේ හිමිකරුවා ලෙස එහි සාමාජික ප්‍රජාවට තම වගකීම ඉටු කිරීමට බැඳී සිටින මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් එහි සාමාජික ප්‍රජාවට සිදුව ඇති දේ වහාම පැහැදිලි කළ යුතුව තිබේ. එය
අර්ථසාධක අරමුදලේ සාමාජික ගිණුම් ශේෂ සඳහා පොලී ගෙවීමද මහ බැංකුවේ තවත් වගකීමකි. අර්ථසාධක අරමුදලේ අතිරික්‌ත මුදල් නිසි ලෙස උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි ආයෝජනය නොකළා නම් මේ වගකීමද හරිහැටි ඉටු කිරීමට මහ බැංකුවට නොහැකි වෙයි. එනම් අර්ථසාධක අරමුදලට පාඩුවක්‌ සිදුව ඇත්නම් සාමාජික ගිණුම් ශේෂ සඳහා ගෙවන පොලියට ද මේ නිසා අහිතකර බලපෑම් ඇති වෙයි. මේ නිසා වහාම අර්ථසාධක අරමුදලට ඔය බැඳුම්කර ගනුදෙනුවලින් සිදුව ඇති අහිතකර බලපෑම ගැනත් ඒ නිසා සාමාජිකයන්ට ගෙවන පොලියට සිදුව ඇත්තේ කුමක්‌ද? යන්න ගැනත් වහාම අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාවට මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් කරුණු පැහැදිලි කර දිය යුතුය. එසේම ඊට වගකිවයුත්තන්ට එරෙහිව දැඩි නීතිමය සහ විනය ක්‍රියාමාර්ග වහාම ගත යුතු අතරම එම පාඩුව සඳහා වගකිවයුත්තන්ගේ පෞද්ගලික දේපළවලින් හෝ එම අර්ථසාධක අරමුදලට පාඩුවූ මුදල් අයකර ගත යුතුව තිබේ. එසේ නොකර මොවුන් රකින්නට වත්මන් මුදල් මණ්‌ඩලයද ක්‍රියාකරනවා නම් මේ පාඩුව අයකර ගැනීමට සිදුවනු ඇත්තේ කාගෙන්ද? මුදල් මණ්‌ඩල සාමාජිකයන්ගේ පෞද්ගලික දේපළවලින් නොවේද? අර්ථසාධක අරමුදලේ අගතියට පත් ලක්‍ෂ සංඛ්‍යාත සාමාජික ප්‍රජාව වෙනුවෙන් අපි ඔවුන්ගෙන් ප්‍රශ්න කර සිටිමු.
දැනගැනීම අරමුදලේ හිමිකරුවන්ට ඇති අයිතියකි. අදාළ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලින් සිදුව ඇති පාඩුව මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි රු. බිලියන 9.5 කි. එනම් රු. කෝටි 950 කි. මෙය අති විශාල මුදලකි. මේ පාඩුව නැවත අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාවට අයකර දීමට සහ එම පාඩුවට වගකිව යුත්තන්ට එරෙහිව මහ බැංකුව දැනටමත් ගෙන ඇති සහ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද යන්නත් වහාම අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ව මහ බැංකුව විසින් දැනුවත් කළ යුතුව තිබේ. මාධ්‍යයෙන් මේ පිළිබඳව තොරතුරු හෙළි කළ විට ඇපයෙන් ගැලවෙන්නට මාධ්‍ය නිවේදන දෙකක්‌ මේ වන විට මහ බැංකුව විසින් නිකුත් කර තිබුණත් මේ ගැන හරිහැටි කරුණු පැහැදිලි කිරීමක්‌ තවමත් මහ බැංකුව විසින් සිදුකර නොමැත.

අර්ථසාධක අරමුදලේ භාරකරු ලෙස මුදල් මණ්‌ඩලයේ ප්‍රධාන වගකීම් මෙසේය.

- දායක මුදල් අතිරේක ගාස්‌තු සහ ආයෝජනය සඳහා ආදායම් ලබාගැනීම.

- කම්කරු කොමසාරිස්‌වරයා විසින් පහත යටතේ සුදුසු යෑයි නිශ්චය කරනු ලබන සාමාජිකයන් සඳහා ප්‍රතිලාභ ගෙවීම.

- අතිරික්‌ත අරමුදල් යෝග්‍ය සුරැකුම්වල ආයෝජනය කිරීම.

- සාමාජිකයන්ගේ ගිණුම් ශේෂ සඳහා පොලී ගෙවීම.

- පොදු ගිණුම් සහ එකිනෙක සාමාජිකයා වෙනුවෙන් විධිමත් ලෙස ගිණුම් පවත්වාගෙන යැම.

- වාර්ෂික ගිණුම් ප්‍රකාශයට පත්කිරිම

- සාමාජික ගිණුම් ශේෂ ප්‍රකාශන කලින් කල නිකුත් කිaරීම

- නිවාස ණය අවශ්‍යතා සඳහා සහතික පත් නිකුත් කිරීම සහ ගෙවීම් පැහැර හැරි ණය වාරික අදාළ ණය දෙන ආයතනවලට ප්‍රතිපූර්ණය කිරීම.

මින් ප්‍රධානතම වගකීමක්‌ වන්නේ අතිරික්‌ත අරමුදල් යෝග්‍ය සුරැකුම්වල ආයෝජනය කිරීමයි. මෙහි යෝග්‍ය සුරැකුම් යනු ප්‍රධාන වශයෙන්ම රජයේ සුරැකුම්පත්ය. එනම් භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කරයි. මේ වන විට හෙළි වී ඇති තොරතුරු අනුව පැහැදිලි වී ඇත්තේ යෝග්‍ය සුරැකුම්වල ආයෝජනය කිරීම කරනවා වෙනුවට මහබැංකුව විසින් එක්‌තරා ප්‍රාථමික නියෝජිත ආයතනයකට වාසි සැලසෙන පරිදි ද්විතීයික වෙළෙඳපොළේ සුරැකුම්පත් ගනුදෙනු කර ඇති බවයි. එසේම අදාළ ප්‍රාථමික නියෝජිත ආයතනය ප්‍රාථමික වෙළෙඳපොළේ සිදුකළ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවල මුදල් පියවීම වහාම ප්‍රතිමූල්‍ය පහසුකම්  සැලසීමට ද අර්ථසාධක අරමුදල යොදාගෙන තිබේ.

අර්ථසාධක අරමුදලද වෙනත් ප්‍රාථමික අලෙවි නියෝජිතයන්ට මෙන්ම භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලට ඉදිරිපත්ව ලංසු ඉදිරිපත් කර භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගත හැකිය. එහෙත් ඒ වෙනුවට එම අරමුදල වැඩිම වශයෙන් ද්විතීයික බැංකු වෙළෙඳ ගනුදෙනුවලට යොමු වී තිබෙන බවද මේ වනවිට හෙළිදරව් වී ඇති කරුණකි. එනම් වෙනත් ප්‍රාථමික අලෙවි නියෝජිතයන් ප්‍රාථමික වෙළෙඳ පොළේදී මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර ද්විතීයික වෙළෙඳ පොළේදී මිලදී ගැනීමයි. මේවා සිදුව ඇති ආකාරයත් අදාළ බැඳුම්කර ගනුදෙනුවෙන් ගනුදෙනුවට අර්ථසාධක අරමුදලට සිදුව ඇති පාඩුවත් ඇතුළු සියලු තොරතුරු දැන් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය සතුය. එනම් ඉකුත් මාර්තු 23 දින අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ අභ්‍යන්තර පරීක්‌ෂණ වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට ඉදිරිපත් කර තිබිණි. මහ බැංකුවේ සහකාර අධිපති කුමුදුනී සරවනමුත්තුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්‌ මගින් මේ අභ්‍යන්තර පරීක්‌ෂණය සිදුකර තිබූ අතර එම පරීක්‌ෂණ වාර්තාව මගින් සේවක අර්ථසාධක අරමුදලේ අදාළ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලින් එම අරමුදලට රු. කෝටි 950 ක පමණ අති විශාල අලාභයක්‌ සිදුව ඇති බවට එම කමිටුව විසින් මුදල් මණ්‌ඩලයට නිල වශයෙන් වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධව මාධ්‍ය වාර්තාවලට පිළිතුරු ලෙස .........?

මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කර තිබූ අතර එමගින් අදාළ රු. කෝටි 950 ක පාඩුව ගැන ප්‍රතික්‌ෂේප කර නොතිබුණි.

දැන් අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව රහසක්‌ මෙන් රැකගෙන සිටියාට වැඩක්‌ නැති බව අපි මුදල් මණ්‌ඩල සාමාජිකයන්ට කියා සිටිමු. කවරක්‌ නමුත් මේ ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදුව ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාගේ කාලයේදීය. වර්තමාන මුදල් මණ්‌ඩල සාමාජිකයන් පස්‌ දෙනාගෙන් ආචාර්ය සමරතුංග සහ එම්. රාමනාදන් මහත්මිය යන දෙදෙනා ඒ කාලයේද මුදල් මණ්‌ඩලය නියෝජනය කළේය. ඒ නිසා වරදක්‌ සිදුව ඇත්නම් ඔවුන් දෙදෙනාට ද වගකීමක්‌ තිබේ. එදා මුදල් මණ්‌ඩලය තුළ ඔවුන් නිසි ලෙස වගකීම ඉටුකළ බවට අපට සිතීමට අපහසුය. උදාහරණයක්‌ වශයෙන් හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් කිසිදු මුදල් මණ්‌ඩල තීරණයකින් තොරව භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීම නවත්වා පූර්ණ වෙන්දේසි ක්‍රමයට ගමන් කිරීමට (තනියම) තීරණය කර ඒ පිළිබඳව මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයට දැනුම් දුන්නේ පසුවය. එනම් 2015 මාර්තු 06 වැනිදාය. එහෙත් වෙන්දේසි ක්‍රමයට පමණක්‌ 2015.02.27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පවත්වාද අවසන්ය. මුදල් මණ්‌ඩලය දැනුවත් නොකර මෙවැනි දෙයක්‌ කර ඒ බව පසුව මුදල් මණ්‌ඩලයට දැනුවත් කිරීම ගැන ආචාර්ය සමරතුංග හෝ එම්. රාමනාදන් කළේ කුමක්‌ද? ඒ ගැන ප්‍රශ්න කළාද? නැත්නම් ඒ ගැන අර්ජුන මහේන්ද්‍රන් මුදල් මණ්‌ඩලයට (පසුව) දැනුම් දෙන විට නිහඬව සිටියාද? ඊට විරුද්ධව වචනයක්‌ හෝ කියන්නට ධෛර්යයක්‌ තිබුණේ නැද්ද? මේ මුදල් මණ්‌ඩල සාමාජිකයන් මේක ප්‍රශ්න කළා නම් මුදල් මණ්‌ඩලය තුළ සිටිමින් තම වගකීම හරිහැටි ඉටුකළා නම් මේ වැරදි මේ ආකාරයෙන් සිදු නොවනු ඇති බව අපගේ විශ්වාසයයි. චෝදනා එල්ලවී ඇති බැඳුම්කර මගඩිවලට සහ අර්ථසාධකය අනතුරට පත්කළ බැඳුම්කර ගනුදෙනුවලටද පහසු වාතාවරණයක්‌ සැලසුණේ අර්ජුන මහේන්ද්‍රන්ට අවශ්‍ය පරිදි සියලු දේ කරන්නට ඉඩදී බලාසිටි නිද්‍රාශීලී ප්‍රතිපත්තිය නිසා නොවේද? අපි ආචාර්ය සමරතුංගගෙන් සහ එම්. රාමනාදන්ගෙන් ප්‍රශ්න කරමු. ඔබලා වැනි මුදල් මණ්‌ඩල සාමාජිකයන් අපට පොල්පිත්තක්‌ අරගෙන ද කපා ගත හැකිය. මේ නිසා චෝදනා එල්ලවී ඇති බැඳුම්කර මගඩියෙන් බදු ගෙවන ජනතාවට සහ අර්ථසාධක අරමුදලේ ලක්‍ෂ සංඛ්‍යාත සාමාජික ප්‍රජාවට සිදුව ඇති ඉමහත් හානියට ඔවුන් සැමදා දෙස්‌ දෙවොල් තබනු ඇත. ඒ නිසා මේ නිලධාරීන්ට තම විශ්‍රාම දිවිය හෝ සතුටින් ගතකිරීමට හැකිවනු ඇතිද...?


දැන් අර්ථසාධක අරමුදලේ බැඳුම්කර ගනුදෙනු ගැන අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව වර්තමාන මුදල් මණ්‌ඩලයට ඉදිරිපත්වූ විට අඩු තරමේ අතීතයේ සිදුවූ වැරදි නිවැරදි කරන්නට හෝ (වර්තමාන) මුදල් මණ්‌ඩලය නිසි පියවර ගත යුතුව තිබේ. වත්මන් මුදල් මණ්‌ඩලයේ සාමාජිකත්වය දරන නිහාල් ෆොන්සේකා සහ ක්‍රිශාන්ත පෙරේරා යන මහත්වරු දෙදෙනා ගැන අපට ඉමහත් ගෞරවයක්‌ තිබේ. අදාළ පරීක්‍ෂණ වාර්තාව මුදල් මණ්‌ඩලයට ඉදිරිපත් වූ ඉකුත් මාර්තු 23 දින මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී මේ දෙදෙනා අදාළ වාර්තාවට අනුව එම අර්ථසාධක අරමුදලට පාඩු සිදුකිරීමට වගකිව යුතු මහ බැංකුවේ නිලධාරීන්ගේ වහාම වැඩ තහනම් කර විනය ක්‍රියාමාර්ග ගත යුතු බව ප්‍රකාශකර ඇති බව අපට දැනගන්නට තිබේ. ඒ ගැන මාධ්‍යයද වාර්තා කර තිබිණි. එහෙත් සුපුරුදු පරිදි ආචාර්ය සමරතුංග මහතා සහ එම්. රාමනාදන් මහත්මිය නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කර ඇතැයිද කියති. මේ පසුබිම තුළ අදාළ නිලධාරීන් එම තනතුරුවලම තබාගෙන ඔවුන්ට එරෙහිව සැහැල්ලු පිළිවෙතක්‌ අනුගමනය කරමින් සිටින බවද පෙනේ. මෙයට කිසිසේත්ම එකඟ විය නොහැකි අතරම මේ තුළ අර්ථසාධක අරමුදලේ සාමාජික ප්‍රජාව තව තවත් නොසන්සුන් වනු ඇතැයි කිව හැකිය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.