‘ඇමති බෙන්ස් එකට ලක්ෂ 320යි – මීතොටමුල්ල මියගිය අයකුට ලක්ෂයයි!
මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් මියගිය ජනතාවගේ පවුල්වලට හෝ ඒ නිසා දේපළ හානි සිදු වූ ජනතාවට සහන සැලසීමට මේ ආණ්ඩුවට කිසිදු උවමනාවක් නැති බවයි පෙනෙන්නේ. සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පසුවත් මේ ආණ්ඩුව කටයුතු කළේ මේ ආකාරයටම නොසැලකිලිමත් ලෙසයි. ඇමති බෙන්ස් රථයකට රුපියල් ලක්ෂ 320ක් වැය කරන මේ අෘණ්ඩුව, ඒ අනවශ්‍ය වියදම නතර කළා නම් මීතොටමුල්ල ඛේදවාචකයෙන් මියගිය අයකුට රුපියල් ලක්ෂ 50කට අධික වන්දි මුදලක් ගෙවන්න තිබුණා.
මේ ආණ්ඩුව ජනතා ප්‍රශ්නවලට ඇහුම්කන් නොදී අද ඒ ප්‍රශ්න විසඳීමට කඳුළු ගෑස් සහ බැටන් පොල්ලට භාර දි තිබෙනවා. මේ තත්වය ජනතාව හැමදාම ඉවසයි කියා හිතුවොත් ඒක මුලාවක්.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ