ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවේ
දූෂිතයින් හෙළිදරව් කිරීම හා ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි 10 වන හා අවසන්
හෙළිදරව්ව අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව සිදු කර තිබෙනවා.ඒ නොරොච්චෝලේ
ගල් අගුරු විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේ දී රජයට රුපියල් මිලියන 5000 ක
පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්.
2015 අප්‍රේල් මාස 8 වන දා හෝ ඊට ආසන්න දිනයක ලංකා කෝල් සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 6.75 ක ප්‍රමාණයක් වර්ෂ 3 ක භාවිතය සඳහා ගෙන්වීමට විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදු කර ඇති අතර ඒ සඳහා ලංසු 8 ක් ඉදිරිපත්ව ඇති අතර එයින් ලංසු 6ක් සුදුසුකම් ලබා තිබිණි.
කෙසේ හෝ ඉන් අවම ලංසුව නොබල් රිසෝසස් සමාගමට හිමිව තිබිය දී 5 වන ස්ථානය හිමි කර ගත් ස්විස් සිංගපූර් නැමති ටෙන්ඩර්කරුට හිමි වීම තුළින් මෙම වංචාව සිදුව ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කලේ.
(16) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ,පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක කියා සිටියේ ,
“ලංකා කෝල් සමාගම යටතේ ගල් අගුරු මිලදී ගැනීමක් සිද්ධ වෙනවා.ඒ මිලදී ගැනීමේදී සිදුවුණ දූෂණය මිලියන 5000 ක් .මේ ටෙන්ඩරය ලබා ගැනීම සදහා සමාගම් 08 ක් ඉදිරිපත් වෙනවා.ඒ සමාගම් 08 න් 05 වෙනියාට ලංසුව තියපු සමාගමට තමා මේ ටෙන්ඩරය ලබා දෙන්නේ .මේ ගණුදෙනුව ඉදිරියට යා යුතුයි කියලා තීන්දු කරන්නේ කවුද ?ආර්ථික කළමණාකරන කමිටුවේ සභාපතිවරයා හැටියට ඉන්න වර්තමාන අගමැතිවරයා.මේකට හවුල් වෙනවා පාස්කරලිංගම් ,මලික් සමරවික්‍රම සහ සුරෙන් බටගොඩ.