කොළන්නාව තෙල් සංකීර්ණයට සහ කටුනායක ගුවන් කඳවුරට බෝම්බ දැමීමට කොටි
සංවිධානය භාවිතා කළ ගුවන් ධාවන පථවලින්ද හමුදාව ඉවත් විය යුතු බව ද්‍රවිඩ
සංධානය රජයෙන් ඉල්ලා ඇත. මෙය ද්‍රවිඩ සංවිධානයේ අලුත්ම ව්‍යාපෘතියයි. එම
ව්‍යාපෘතියට අනුව වසර පහකට පෙර ආරම්භ කළ මුලතිව් ගුවන් කඳවුර ඉවත් කරන ලෙස
රජයෙන් ඉල්ලා තිබේ. උතුරු මහ ඇමැති ප්රමුඛ පළාත් සභාවද ඉරනමඩු, මුලතිව් සහ
ඉරනමඩු ගුවන් ධාවන පථයෙන්ද ගුවන් හමුදාව යා යුතු බව දන්වා තිබේ.
ඉරනමඩු ජලාශය අසල පිහිටි ඉරණමඩු ධාවන පථය කොටින්ට ප්‍රයෝජනවත් වූයේ
පනරොට් රොට් ඇතුළු වෙනත් උපාංග ගෙන ඒම සඳහායි. මේ නිසා එහි ඇති වැදගත්කම
තේරුම් ගත් ගුවන් හමුදාව ඉරනමඩු ධාවන පඨය මීටර් 1500 ක් දිග හා මීටර් 25
ක් පළල ලෙසද පුළුල් කළේය.
මේ නිසා ඉරනමඩු ගුවන් ධාවන පථයට සී. 130 හර්කියුලිස් යානාවක් පවා
ගොඩබැස්සිය හැකිය. සටන්විරාම සමයේදී එවකට පැවැති රජය වන සංරක්ෂණ
දෙපාර්තමේන්තුව සතු මෙම ඉඩම්වලට ඔප්පු ලබාදීමට ක්‍රියා කළේ කොටි සැනසීම
උදෙසායි. 2001 දී ද්‍රවිඩ සංධානය ස්ථාපිත කරන ලද්දේ කොටි සංවිධානයය.
ඉන්පසු කොටි සංවිධානය තෝරාගත් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ඉල්ලමින්
විරෝධතා ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය. ද්‍රවිඩ සංධානය දැන් දියත් කරන්නේ
එම ව්‍යාපෘතියේ දෙවැනි කොටසයි. එහෙත් 2002 සටන්විරාම ගිවිසුම යටතේ කොටි
දියත් කළ මෙහෙයුම් ගැන නොදන්නා අඳබාල මාධ්‍ය වාර්තාකාරියන් ඉඩම් අයිතිය
ඉල්ලා සටන් කරන ජනතාව වෙනුවෙන් මාධ්‍ය මිථ්‍යාමත පතුරුවන බව කියා සිටී.
ප්රභාකරන් ත්‍රස්තවාදී යුද්ධය දියත් කරන සමයේදී සහ ඊනියා සටන්විරුට
ගිවිසුමට මුවා වී සිදු වු කොටි ක්‍රියාකාරකම් ගැන නොදන්නා මෙවන් අඳබාල
පාර්ශව අතීතය යටපත් කිරීමට උත්සාහ කිරීම හාස්‍යයට කරුණකි. මොවුන් මාධ්‍ය
ක්ෂේත්රයට පැමිණීමට පෙර අඩු වශයෙන් අතීතය ආවර්ජනය කළ යුතුව ඇත. එදා කොටි
සංවිධානය උතුරේ හමුදා කඳවුරුවලින් හමුදාව ඉවත් විය යුතු බවට දියත් කළ
මෙහෙයුම ද්‍රවිඩ සංධානය එකහෙලාම අනුමත කළේය.
ඒ සඳහා කොටි දියත් කළ මෙහෙයුමට පොංගුතමිල් යෑයි නම් කර තිබුණි. මේ නිසා
එදා පැවැති රජය දෛනික වාර්තා මාධ්‍යයට නිකුත් කිරීම නොකරන ලෙස හමුදාවට
නියෝග කරනු ලැබීය. එහෙත් හමුදාව රහසිගතව මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කළේය.
කොටි සංවිධානය වන්නි පළාත තුළ ගුවන් ධාවන පථ ගණනක් ඉදි කර තිබුණි. 2009
පෙබරවාරි මස මුල් සතියේදී 5811 හමුදා බලකාය කොටි ගුවන් ධාවන පථ ගණන් තම
පාලනයට ගැනීමට ක්‍රියා කළේය. පිරමන්තකුලම් සුන්දර පුරම්, තිරුවිලාරු,
නැමැති ස්ථානවලද ගුවන් ධාවන පථ ඉදිකිරීමට කටයුතු කෙරෙන අවස්ථාවේ
සටන්විරාම කමිටුව නෝර්වේ රජය සහ ශ්‍රී ලංකා රජයද බලාසිටියේය.
ඉරණමඩු ගුවන් ධාවන පථයෙන් කුඩා සැහැල්ලු යානාවක් ගුවන් ගත වන අයුරු
දුටු ගුවන් හමුදාව ඒ ගැන සටන්විරාම කමිටුවට දැනුම් දුන් නමුත් ඒ ගැන
වැඩිදුරටත් පියවරක් ගැනුනේ නැත.
මේ පසුබිම මැද ද්‍රවිඩ සංධානය උතුරුකරය කොටි පාලන සමය යටතේ පැවැති තත්ත්වයට ගෙන ඒමට සැලසුම් කර ඇත.
පසුගියදා මුලතිව් ගුවන් හමුදා කඳවුර සතු ඉඩම් අක්කර 42 ක් නිදහස්
කිරීමට රජය ක්‍රියා කළේය. ඒ සම්බන්ධව රජයේ මාධ්‍ය පැවසුවේ ද්‍රවිඩ ජනතාව
සතුටු කඳුළු වගුරුවමින් එම ඉඩම්වලට පැමිණි බවයි.
එහෙත් 2003 දී ද්‍රවිඩ සංධානය දියත් කළ උපග්රමික ක්‍රමවේදය 2017 දී යළි
ආරම්භ කර ඇත. එහෙත් සැබෑ යථාර්ථය රජයේ බලධාරීන්ට අවබෝධ වී නැත. අවි
පුහුණුව ලැබු 12000 ක් කොටි උතුරේ සිටි. පුනරුත්ථාපනය නොවු කොටිද උතුරේ
සිටින බව හෙළි වී ඇත. උතුරේ සඟවා අති ආයුධ ගැන දන්නේ මේ කොටි පමණකි. ඊට
හොඳම නිදසුන ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුමන්තිරන් ඝාතනයව අත්අඩංගුවට ගත්
කොටියා ළඟ තිබී සොයාගත් පුද්ගල නාශක බෝම්බයයි.
මේ අතර මුලතිව්හි ගුවන් හමුදාව සතුව තිබු ඉඩම්වලින් අක්කර 42 ක් අවතැන් වූවකු යෑයි කියන පිරිසට බාරදීම පසුගියදා සිදුවිය.
එහෙත් මුලතිව්හි තවත් අක්කර 425 කින් හමුදාව ඉවත් විය යුතු බවට ඉල්ලා
ඇත. එහෙත් ද්‍රවිඩ සංධානයේ මේ උපක්‍රමශීලී ප්රයෝජනවලට රජය ගොදුරු විය
යුතුද? සංහිදියාවට මුවා වී ද්‍රවිඩ සංධානය කටයුතු කරන ආකාරය මේ
ඉල්ලීම්වලින් සනාථ වේ.
කීර්ති වර්ණකුලසූරිය
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, March 9, 2017
LTTE ගුවන් ධාවන පථ හයකින් හමුදාව ඉවත් වෙයි.. ආපසු බාර දෙයි..
Posted by
lankanews
at
March 09, 2017
Labels: iranamadu, LTTE agenda, TNA politicians, TNA politics, yahapalanaya
LTTE ගුවන් ධාවන පථ හයකින් හමුදාව ඉවත් වෙයි.. ආපසු බාර දෙයි..
2017-03-09T19:57:00+01:00
lankanews
iranamadu|LTTE agenda|TNA politicians|TNA politics|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
