සේවක සේවිකාවන් තුන් සියයකට පමණ රැකියා අහිමි කරමින්
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තීරු බදු රහිත සාප්පු
සංකීර්ණය ඉන්දියානුකරණය කිරීමේ මහා පරිමාණ සැලැස්මක්
ක්‍රියාත්මකව ඇතැයි එහි සේවක පිරිස් සඳහන් කරති.
අතයට සිදු වන රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක් මත ටෙන්ඩර්
මගඩියකින් ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ
වෙළෙඳ අයිතිය වසර පහකට ඉන්දීය සමාගමකට ලබා දීමෙන් මෙය සිදු
කෙරෙන බවද ඔවුහු පෙන්වා දෙති.
දැනටමත් අදාළ ඉන්දීය සමාගමට තීරුබදු රහිත ගුවන්තොටුපළ
සාප්පු සංකීර්ණයේ කාණ්ඩඩ අංක 01 ට අයත් ඉහළ වෙළෙඳ
ධාරිතාවක් ඇති කුටිවල වෙළෙඳ අයිතිය පවරා අවසන්ව ඇතැයිද එම
සේවකයෝ සඳහන් කරති.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය මගින් ඉකුත්
2016 වසරේ මැයි මස 8 වැනිදා කැඳවන ලද ටෙන්ඩරයකට අනුව එකී
ඉන්දීය සමාගමට තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ කාණ්ඩ අංක
01 ට අයත් කොටස මෙසේ ලබා දී ඇති අතර එහිදී කාණ්ඩ අංක දෙකට
අයත් කොටසද එම ටෙන්ඩරය මගින්ම ලබා දෙන බව කීවද මේ වන විට
එය අවලංගු කොට නැවත ටෙන්ඩර් කැඳවීමට අමාත්‍යංශය ක්‍රියා කර
ඇත.
එහිදී අරුම පුදුම තීන්දුවක් ගනිමින් අදාළ ඉන්දීය සමාගම
ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ පළමු කොටස
ලබා ගැනීමට ඉදිරිපත් කළ මිල අවම ලංසුව වශයෙන් යෙදීමටද
අමාත්‍යංශ බලධාරීන් පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ගුවන් තොටුපළ සේවකයන්
පවසනුයේ සාප්පු සංකීර්ණයේ ඉතිරි කොටස මුල් ටෙන්ඩරයට
ඉදිරිපත් කළ මිල යටතේ ඉන්දීය සමාගමටම ලබා දීමේ උපක්‍රමයක්
වශයෙන් එසේ අවම ලන්සුව වෙනස් කිරීම සිදුව තිබෙන බවකි.
ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවීමේදී අමාත්‍යාංශ බලධාරීන් මේ
අන්දමින් ක්‍රියා කිරීම රටට විදේශ ආයෝජන ලැබීමේ
ක්‍රියාවලියට පවා බලපෑම් එල්ල කරන බවද පෙන්වා දෙන සේවකයෝ
යම් ලෙසකින් රජය ඉන්දියාව සමඟ ඉක්ටා ගිවිසුම අත්සන්
තැබුවහොත් ඉදිරියේදී කටුනායක ගුවන් තොටුපළේ තීරු බදු රහිත
සාප්පු සංකීර්ණයේ ඉන්දීය ජාතික සේවකයන් සේවය කිරීම
වැළැක්විය නොහැකි බවද පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ
ලේකම් නිහාල් සෝමවීර ගෙන් කළ විමසීමකදී ගුවන්
තොටුපළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් රජයට වැඩි
ආදායමක් ලබා ගැනීමේ අරමුණ ඇති කැබිනට් මණ්ඩලයේ තීරණයකට
අනුව අවම ලන්සුව නියම කර දෙවන ටෙන්ඩර් කැඳවීම සිදු කළ බව
හෙතෙම පැවසීය.
එම තීරණය ගනු ලැබුවේ පැහැදිලිවම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය
ඇතිව බවද පෙන්වා දුන්නේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, March 9, 2017
කටුනායක 'ඩියුටි fප්‍රී' සාප්පු සංකීර්ණයත් ඉන්දියාවට දීමේ තැතක්...!!! ඒකත් ඉවරයි...!!!
Posted by
lankanews
at
March 09, 2017
Labels: colombo airport, duryfree, fake politicians, malik samarawickrama, ravi karunanayake, sathosa selling ravi, selling, selling airlanka, yahapalanaya
කටුනායක 'ඩියුටි fප්‍රී' සාප්පු සංකීර්ණයත් ඉන්දියාවට දීමේ තැතක්...!!! ඒකත් ඉවරයි...!!!
2017-03-09T21:50:00+01:00
lankanews
colombo airport|duryfree|fake politicians|malik samarawickrama|ravi karunanayake|sathosa selling ravi|selling|selling airlanka|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...