ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 19, 2017

අවලං සුණඛ දේනුවක සමග රැළේ වැටුන පිම්පියන්ගේ කෙරුවාව...!!!

ප්‍රශ්ණය නම් තවමත් මේ අපතයන් අල්ලා  නීතිය ඉදිරියට නොගෙනේමය.....!!!  වත්මන් නිරූපණ ශිල්පිනියන් බොහෝමයක් නිරූපණය වෙනුවට කරනුයේ මහන්සි නොවී හාන්සි වීමයි.ඒ ඇරෙන්නට අඩුම තරමින් රංගනයක පවා යෙදෙන්නට නොහැකිය.මූං වටා රැළේ යන පාදඩ බලු රංචුද සිටිති.වැඩේ නම් අහිංසකයන්ට මුන් පහර දෙන්නේ අර වෙසඟණන් ඉදිරියේ වීරයන් වීමටය. මේ බල්ලන් නීතිය හමුවට ගෙන ආ යුතුමය .


 පියුමි හංසමාලි මෙරට සිටින  නිරූපණ ශිල්පිනියකි. එලෙසම ඇය කලින් කලට විවිධ ආන්දෝලනාත්මක පුවත් මවන්නියක්‌ නිසා සමහර මිනිස්‌සු ඇය කියන කරන දේවල් ගැන ඇස ගසාගෙන සිටිති. පසුගිය දිනකද පියුමි ගැන බොහෝ පිරිස්‌ කතාබහ කිරීමට පටන් ගත්හ. ඒ මාධ්‍ය ආයතන කිහිපයක සේවකයන් පිරිසකට, ඇය සමඟ සිටි පිරිසක්‌ පහරදීම හේතුවෙනි.
පසුගිය පහළොස්‌වැනිදා කිරිබත්ගොඩ ප්‍රදේශයේ එක්‌තරා අවන්හලක රාජ්‍ය ආයතනයක ප්‍රධාන නිලධාරියකු විසින් රාත්‍රී සාදයක්‌ සංවිධානය කළේය. එම සාදයට මාධ්‍ය ආයතන කිහිපයක සේවකයන් පිරිසකටද
ඇරැයුම්පත් ලැබී තිබුණහ. නියමිත වේලාවට, ඇරැයුම් පත් ලැබූ බොහෝ අය සාදයට පැමිණියහ.
ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියාගේ සාදය කිසිදු අඩුපාඩුවකින් තොරව පවත්වාගෙන ගියේය. එයට සහභාගිවූ පිරිස අන් අයට හිරිහැරයක්‌ නොවන අයුරින් ගී කියමින් විනෝද වූහ.

පියුමි හංසමාලි ඇතුළු තරුණයන් පිරිසක්‌ එම සාදය පැවති අවන්හලට පැමිණියහ. එම පිරිස යාබද මේසයක වාඩිවී තම තමන්ට අවශ්‍ය දේවල් ඇණවුම් කළහ. පැය ගණනක්‌ ගතවූ පසු රාජ්‍ය නිලධාරියා අතුළු පිරිස සහභාගි වූ සාදය අවසන් වුණු අතර එම පිරිස විසිරී යැමට සැරසුණහ.
සාදයට පැමිණි පිරිස විසිර යැමට සැරසුණු මොහොතේ එක්‌වරම පියුමි හංසමාලි සමඟ පැමිණි පිරිසේ සිටි තරුණයන් දෙදෙනකු මාධ්‍ය ආයතනයක සේවකයෙක්‌ ගෙන් "මොකද වෙන්න ඕනෙ කියා" විමසුවේය.

"මොකුත් වෙන්න ඕනෙ නැහැ" එම සේවකයා පැවසුවේය.

"මොකුත් වෙන්න ඕනෙ නැහැ. තට්‌ටයා... තෝ දැන ගනින් අපි කව්ද කියලා. මොකටද අපි දිහා බැලුවේ..."

එක්‌ තරුණයකු ඉතා උස්‌ හඬින් පැවසුවේය.

"මම කා දිහාවත් බැලුවේ නැහැ" යළි ඔහු පැවසුවේය.

"නැත්තේ මොකද. අපි දැක්‌කනේ... උඹ බලන දිහා. තට්‌ටයා පරිස්‌සම් වෙලා හිටපන්..." යළි පියුමි හංසමාලි සමඟ පැමිණි තරුණයකු පැවසුවේය.

ඒ සමඟම එතැන සිටි තවත් තරුණයකු එම සේවකයාට පහරදීමට සැරසුණේය. සාදයට පැමිණි අනික්‌ අය පහරදීමට සැරසුණු තරුණයා වළක්‌වා "මෙතැන ගහගන්න දෙයක්‌ වුණේ නැහැනේ..." කියා පැවසූහ.

ගතවූයේ තත්ත්පර කිහිපයකි. පියුමි සමඟ පැමිණි අනෙක්‌ තරුණයෝද එම ස්‌ථානයට පැමිණියහ. මාධ්‍ය ආයතන සේවකයෝ එම ගැටුම නිරාකරණය කිරීමට සැරසුණත් එම තරුණයෝ එයට කන් නොදුන්හ.

විනාඩි කිහිපයක්‌ ඇතුළත එම අවන්හල පුංචි යුද පිටියක්‌ බඳුවිය. පියුමි සමඟ පැමිණි තරුණයෝ ඉවක්‌ බවක්‌ නොමැතිව මාධ්‍ය ආයතනවල සේවකයන්ට පහර දුන්හ. එක්‌ තරුණයකු වීදුරු බෝතලයක්‌ රැගෙන එයින්ද පහර දුන්නේය.

පියුමි හංසමාලිද ගැටුම මැදට පැමිණ මොන මොනවාදෝ කියමින් එහාට මෙහාට ගියාය. තවත් අවස්‌ථාවක ඇය පහරදෙන තරුණයන් පසෙකට ඇදගෙන යැමට උත්සහ කළාය. එහෙත් එය සාර්ථක වූයේ නැත. කුලප්පු වූ හරක්‌ රැළක්‌ සේ එම පිරිස මාධ්‍ය ආයතනවල සේවකයන්ට පහර දුන්හ.

පියුමි සමඟ පැමිණි එක්‌ තරුණයකු එම අවන්හලේ පළමු මහලේ කළමනාකරුට ඇදගෙන වැටෙන්න පහර දුන්නේය. එලෙස බිම වැටුණු කළමනාකරු බේරා ගැනීමට ගිය මාධ්‍ය ආයතනයක සේවකයකුටද එම පිරිස පහර දුන්නේ ඉතා අමානුෂික අයුරින්ය.

අවසානයේ මාධ්‍ය ආයතනවල සමහර සේවකයෝ එම පිරිසට පහරදීමට එපා කියා වැඳ වැටී ඇත. එහෙත් එය තඹ සතේකටවත් මායිම් නොකළ එම පිරිස මාධ්‍ය ආයතනවල සේවකයන්ට දිගට හරහට පහරදී තිබේ. ඇතිවන තුරු පහරදුන් එම පිරිස සහ පියුමි හංසමාලි අවසානයේ එම ස්‌ථානයෙන් පැනගොස්‌ තිබුණි.

පහරකෑමට ලක්‌වූ පිරිස පසුව රෝහල් ගතකළ අතර තවමත් එක්‌ මාධ්‍ය ආයතනයක සේවකයකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. වෛද්‍යවරු පවසන්නේ දරුණු පහරකෑමකට ලක්‌වී ඇති ඔහුගේ එක්‌ ඇසකට ලේ බැස ඇති බවයි.

පහරකෑමට ලක්‌වූ පිරිස මෙම සිද්ධිය පිළිබඳ කිරිබත්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇති අතර මෙම ලිපිය ලියන මොහොත වන තුරු ඒ සම්බන්ධයෙන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොතිබුණි. කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරියකු පවසා ඇත්තේ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනකු දැනට හඳුනාගෙන ඇති බවයි. හැකි ඉක්‌මනින් ඔවුන් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂණ පවත්වන බවත්, පියුමි හංසමාලිටද කිරිබත්ගොඩ පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වා ඇති බවත් ඔහු පවසා තිබුණි.

මෙම සිද්ධිය පිළිබඳ අපි පියුමි හංසමාලිගෙන් විමසූ විට ඇය පැවසුවේ මෙවැනි දෙයකි.

"මම මේ පහරදීමට සම්බන්ධ නැහැ. සමහරු කියලා තියෙනවා පියුමි හංසමාලිගේ මැරයෝ පිරිසක්‌ මෙම ප්‍රහාරය එල්ල කළා කියලා. ඒක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්‌..."

"හෝටලයක යම් සිද්ධියක්‌ ඇතිවුණා. එම ස්‌ථානයේ මමත් හිටියා. එච්චරයි මම දන්නෙ. මම මේකට සම්බන්ධ නැහැ..."

"ඒ පහරදීමට සම්බන්ධ පිරිස ඔබ සමඟ පැමිණියා කියලා චෝදනාවක්‌ තියෙනවා නේද?" යළි අපි ඇයගෙන් විමසුවෙමු.

"මම ඒ පිරිස එක්‌ක ආව තමයි. ඒත් මම මේ ගැටුමට සම්බන්ධ නැහැ" අවසානයේ ඇය එලෙස පැවසුවාය.
http://www.lankanews.org/2017/03/blog-post_82.html
එක්‌තරා ප්‍රසිද්ධ සමාජ වෙබ් අඩවි ජාලයකට ඇය මෙම සිද්ධිය පිළිබඳ පවසා තිබුණේ මෙවන් දෙයකි.

"ඊයේ රෑ පාටි එකකට සම්බන්ධ වුණා. මාත් එක්‌ක මගේ බෙස්‌ට්‌  friend වෙනුර ගියා. අපිට එහා පැත්තේ හිටපු කට්‌ටියක්‌ මගේ දිහා බලාගෙන මොනා හරි කිව්වා. මට කියපු දේ ඉන්න තැනට ඇහුණා. ඒකට වෙනුරට තරහ ගියා. වෙනුර එයාලා ඉන්න තැනට පැනලා ඒ අයට ගැහුවා. ඒ අය ගුටිකෑවා. මං මැදට පැනලා දෙපැත්තේ අයට රණ්‌ඩු වෙන්න එපා කිව්වා. මේ ටික තමයි ඇත්තටම වුණේ..."

පියුමි හංසමාලි කියන අයුරින් එම සාදයට පැමිණි පිරිස ඇයට මොනවා හෝ දෙයක්‌ පවසා තිබේ. එසේ පැවසූ දෙය කුමක්‌ද කියාවත් ඇය පවසා නැත. එසේ කියූ පමණින් ඇය සමඟ සිටි තරුණයෝ සාදයට පැමිණි මාධ්‍ය ආයතනවල සේවකයන්ට අමානුෂික ලෙස පහර දුන්හ. වචනයක්‌ කියූ සැණින් අමානුෂික ලෙස පහරදීමට තරම් හයියක්‌ එම
අපතයන්ට ලැබුණේ කෙසේද යන්න වගකිවයුතු නිලධාරීහු අනිවාර්යයෙන් සොයා බැලිය යුතුය. එසේ නොවුණහොත් ඉදිරියේදී එම පිරිස පියුමි හංසමාලි දෙස බලා හිතවත්කමට සිනාසෙන පුද්ගලයකුගේ වුවද දත් තිස්‌දෙක ගළවා දැමීමට පුළුවන.
 ගයාන් සමරසිංහ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.