ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 8, 2017

මහාචාර්ය සෙනරත් පරණවිතාන

මහාචාර්ය සෙනරත් පරණවිතාන


විසිවන සියවසේ ශ්‍රී ලංකාවේ පහළ වුණු මහා විද්‍යාර්ථියෙකු සහ යුග පුරුෂයකු ලෙස මොහු හැඳින්විය හැකිය. ඇතැම්හු, තම තනතුරු නිසා බැබළේ. එහෙත්, මෙතුමා නිසා සිදුවූයේ තනතුරට කිසියම් ප්‍රභාෂ්වරයක් හිමිවීමයි.
ඒ අන් කවරෙක් වත් නොව, නම ඇසූ පමණින් ඔබ හඳුනන, ශ්‍රී ලංකා පුරා විද්‍යාවේ පියා යන ආදර නමින් ඔබගේ හදවත්වල රැඳී ඇති, ශ්‍රී ලංකාවේ ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස සේවය කළ, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහා ප්‍රඥයා ය.
  (උපත 1896- 12-26 වනදා) මේ මහා පඩිවරයා, පුරා විද්‍යාඥයා, සිහිපත් කිරීම, රටට, දැයට, සේවය කළ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍රයෙක් පිළිබඳ වූ මතකය අවදි කිරීමකි. අනාගත පරපුරේ ප්‍රයෝජනය සඳහාත් හුදී ජනයාගේ පහන් සංවේගය පිණිසත්, විශේෂයෙන්ම, මේ සටහන  තබමි. එතුමා, ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකයේ පුරාවිද්‍යාඥයන් අතර “සිළුමිණ” ය.
ශ්‍රී ලංකාවේ සාඩම්බර ඉතිහාසය ලොවට පසක් කරමින්, එතුමා ඉටුකළ සේවාව අති විශිෂ්ට ය. සීගිරි මහා මේකුල පවතිනා තාක් කල්, සීගිරි ගලේ ලියවී ඇති කුරුටු ගී සහ අප්සරාවන්, විජ්ජුලතාවන්, මේඝලතාවන් නිහඬව අප දෙස බලා සිටින තාක් කල්, ඒ සමඟ ම බැඳී ඇති පරණවිතාන නාමය, අපට අමතක කළ නොහැකි ය.

ඒ 1923 වසරේ එක්තරා දිනයකි. වයස අවුරුදු විසිගණන්වල තරුණ ප්‍රාදේශිය පාසලක ගුරු භවතෙක්, දිනක්, කොළඹ පිහිටි පුරා විද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලයට රැකියාවක් සඳහා සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දුන්නේ ය. බැලු බැල්මෙන් නම් ඔහුට ප්‍රතාපවත් කායික පෞරුෂයක් නොතිබිණ. ඒ කාර්යාලයේ තමන් දන්නා හඳුනන කෙනෙක් ද නොවීය. කෙසේ වුවද ජාතියේ වාසනාවට, “සුදු මහත්තයන්වරුන්” ඇතුළු පරීක්ෂක මණ්ඩලය ඉතා නිහඬ, බුද්ධිමත් මේ තරුණයා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රැකියාවකට බඳවා ගත්තේ ය.
ඒ, 1923 වර්ෂයේ ජුනි 13 වනදා ය. ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය, ගැන පැහැදුණ නිලධාරින් ඔහුගේ බුද්ධි මහිමය සහ මතක ශක්තිය ගැන බෙහෙවින් ම පැහැදුණි. හේ අපූරුවට ඉංගි‍්‍රසි ඉංගි‍්‍රසි බස හැසුරුවේ ය. ඔහු සතුව තිබුණේ විශ්ව දැනුමකි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුණු පසුව, හේ, මුලින් ම ශිලා ලේඛන විද්‍යාව(Epigraphy) පිළිබඳ තනතුරකට පත්විය. ඉතා සුහදව කාගේත් සිත් දිනා ගනිමින් සේවයට කැපවුණු පරණවිතානයන්, මුලින් ම ඉන්දියාවට ගොස් පුරා විද්‍යාවට අදාළ විෂයයන් පිළිබඳ තම දැනුම පුළුල් කරගත්තේය.
කාසි විද්‍යාව විද්‍යාව  (Numismatic) කෞතුකාගාර සංවිධානය හා පාලන විද්‍යාව (Muselogy)  කැණීම් හා හැරීම් (Excaration) සංරක්ෂණය විශේෂයෙන්ම ස්වභාවික පරිසරය (Conserration Natural Environment Studies) ගැන ද, පුරා විද්‍යාව පිළිබඳ පරිපාලනමය කරුණු ද රසායනික ද්‍රව්‍ය මඟින් පැරැණි පුරා වස්තුන් ආරක්ෂා කිරීම් (Chemical Treatment of Antiguites) ආදි කරුණු පිළිබඳව ද විශේෂඥ දැනුමක් පරණවිතානයන් ලබා ගත්තේ ය.
ඔහු විසින් වසර ගණනක් තිස්සේ වැල්වල ආධාරයෙන් බදින ලද පුටුවක වාඩිගෙන කැටපත් පවුරේ (Mirror wall) ලියා තිබුණ කුරුටු ගී කියවා සම්පාදනය කරන ලද ලියන ලද සීගිරි කුරුටු ගී (Sigiri Graffiti) ග්‍රන්ථ දෙකක්, ලංකාවේ සෙල්ලිපි (Inscriptions of Ceylon)  ග්‍රන්ථයත් පුරා විද්‍යාව හා ඉතිහාසයට අදාළ ව, ලොව පළවූ අතිවිශිෂ්ට කෘතින් ලෙස සැලැකේ.
1926 වර්ෂයේ ඉන්දියාවේ සඟරාවක පළ කරන ලද, පරණවිතාන ශුරින් විසින් ලියන ලද, ද්‍රවිඩ භාෂාවෙන් ලියැවුණු රහස් සංකේතවලින් ලියැවී තිබුණ ශ්‍රී ලංකාවේ ලේඛනයන් පරිවර්තනයක් අඩංගු නිබන්ධනයක් ඉන්දියාවේ ද විද්‍යාර්ථින්ගේ බලවත් ප්‍රශංසාවට ලක්වුණි.
1940 ඔක්තෝබර් 18 වනදා, සෙනරත් පරණවිතාන, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා බවට පත්විය. එතුමාට පෙර, ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරය දැරුවන් අතර එච්. සී. පී. බෙල් විශේෂිත ය.
වර්ෂ 1960 ගණන්වලදී සීගිරි මහා විදුහලේ ප්‍රථම උපාධිධාරී ගුරුවරයා ලෙස සේවය කරන සමයේදී මට සීගිරියේදී හමුවූ ගැමියන්, පරණවිතාන ශුරින්ව දේවත්වයෙන් සලකන බව මට පෙනී ගියේ ය. ඔහු ව, හැඳින්වූයේ “පරණවිතාන දෙවියෝ” යනුවෙන් ය.
 පරණවිතානයන් සීගිරියට පැමිණෙන දිනයක් වෙතොත් එදින වැස්ස ලැබෙන බවට මතයක් ඔවුන් තුළ දක්නට ලැබුණි. බෞද්ධයන්ගේ විශ්වාසය වූයේ දළදා සමිඳු වඩමාවන දිනවලදි වර්ෂාව ලැබෙන බව ය. පරණවිතානයන් තරම් සීගිරි ජනතා පැසසුම් ගෞරව ලද වෙනත් රාජ්‍ය සේවකයෙක් ගැන නම් මා අසා නොමැත.
වරක්, අප හිතවත් පුරා විද්‍යාවේ සේවක උක්කු බණ්ඩා මා සමඟ කී කතා මෙහි සඳහන් කරන්නේ පරණවිතානයන්ගේ මානුෂික ගුණයන් හුවා දැක්වීමට ය. සතා - සිව්පාවටත් හේ කෙතරම් ආදරය කළේදැයි පැහැදිලි කිරීමට ය.
“සර්, වරක්, පරණවිතාන උත්තමයත්, මාත්, බක්කි කරත්තයෙන්, පිදුරංගල බලා ගියා. අපගේ කරත්තය අදින ගොනා සෙම දම දමා යන බව පරණවිතාන උත්තමයා දැක්කා. උක්කු බණ්ඩෝ, මේ සතා කරත්තය අදින්නේ අමාරුවෙන්. ඌට අපි බර වැඩි ඇති. එතුමාත්, මාත් කරත්තයෙන් බැස්සා. උදේ කෑම සඳහා එතුමා රැගෙන ගිය ආනමාලු කෙසෙල් ඇවරියේ ගෙඩි සතාට කව කවා එතුමා සැතපුමක් පමණ පයින් ගියා.” යයි උක්කු බණ්ඩා මා සමඟ පැවසීය.
දිනක් සීගිරිය පුරා විද්‍යා කාර්යාලයේ තිබුණු සිමෙන්ති කොට්ටයක් අතුරුදන් විය. පරණවිතාන ශුරින් මේ ගැන ප්‍රශ්න කළ විට, එක්තරා සේවකයෙක් එය ගෙදර අරන් ගොස් ඇති බව දැනගත්තේ ය. මෙය සේවකයා අනිවාර්ය නිවාඩු යවන්නට තරම් වරදකි. පරණවිතාන මහතාට එෆ්. ආර්. (F.R.) එකට වඩා වැදගත් සාධාරණත්වය හා මනුස්සකමයි. එම සේවකයා කැඳවා ප්‍රශ්න කොට පරණවිතානයන් මෙසේ පැවසු බව ඔහු ළඟ සේවය කළ සේවක මහතෙක් මා සමඟ පැවසීය.
“මිනිහෝ, උඹ වරදක් කරලයි තියෙන්නේ. ඇයි බං ආණ්ඩුවේ දේවල් හොරකම් කරන්නේ. උඹටත්, මටත් අප කරන සේවයට රජය පඩි ගෙවනවා. උඹ ඔය ගෙදර ගෙනියපු සිමෙන්ති කොට්ටය කඩල නැත්නම්, ගෙනත් දමපං. නැත්තං මං සල්ලි දෙන්නම් දඹුල්ලෙන් සිමෙන්ති කොට්ටයක් අරන් වරෙන්. මේ වගෙ වැඩ ආයෙමත් කරන්න එපා. අප රජයේ දේවල් ආරක්ෂා කරන්න ඕනැ. පලයං දැන් වැඩ බිමට ගිහිල්ල හොඳින් අවංකව වැඩ කරපන්.” මේ තමා පරණවිතාන ශුරින්ගේ හැටි.
1950 ගණන්වල, එලිසබෙත් මහා රාජිනියට සීගිරි ඉතිහාසය අපූරුවට පරණවිතානයන් කියා දුන්නේ ය. සාමාන්‍යයෙන් අගමැති සර් ජෝන් කොතලාවල, කාත් කවුරුත් ගණන් ගන්නේ නැති පුද්ගලයෙකි. එහෙත්, ඔහු පරණවිතාන ශුරින් ඇමතුවේ කටපුරා “සර්” යනුවෙන්ය. පරණවිතානයන් රටක්, නොව ලොවක් වටිනා උතුම්, අවංක, සත්ගුණවත් මිනිසෙකි. හේ වැඩි කතාබහක් නැතිව වැඩ කළේ ය. ඔහු රටටම ආඩම්බරයකි. ඕනෑම වියත් සභාවක ශාස්ත්‍රීය දෙසුමක් කරන්නට රුසියෙකි.
අවසාන වරට පරණවිතාන ශුරින් මට හමු වූයේ 1967 ඔක්තෝබර් 17 වනදා නුගේගොඩ, රේමන්ඩ් පාරේ පිහිටි එතුමාගේ නිවසේදීය. එය නිවසකට වඩා පුස්තකාලයක් වැනිය.
1967 ඔක්තෝබර් 14 වනදා සීගිරි චිත්‍ර විනාශය දුටු පළමු පිටස්තර පුද්ගලයා ඔහුය. එය ශ්‍රී ලංකා කලා ඉතිහාසයේ නොමැකෙන මහා කළු පැල්ලමයි.
මේ පුවත, මා එදා සීගිරියේ සිට මා කලක් සේවය කළ ලේක්හවුස් ආයතන පුවත්පත්වලට විශේෂිතව (Exclusively)  වාර්තා කෙරුවෙමි. ඉන් දින දෙකකට තුනකට පසුව මා කොළඹ පැමිණි විට එදා ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන කතුවරුන් වූ ධර්මපාල වෙත්තසිංහ, සිසිල් ග්‍රැහැම්, විමලසිරි පෙරේරා, එස්. සුබසිංහ, සහ ප්‍රවෘත්ති කර්තෘවරුන් වූ යූ. එල්. ඩී. චන්ද්‍රතිලක, සහ ඩී. සී. රණතුංග හමු වුණෙමි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ “සීගිරි විනාශය” අළලා පරණවිතාන ශුරින් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන ලෙසයි. ආරාධනය පිළිගත් මා පරණවිතාන ශුරින් හමු වුණෙමි.
සෙනරත් පරණවිතාන ශුරින් “සීගිරි විනාශය” යන පුවත කියවා දැඩි ලෙස කම්පාවකට ලක්ව ඇති වග පෙනී ගියේය. ඇස් දෙක පියාගෙන හේ, මෙලෙස ප්‍රකාශ කළ අන්දම අදත් මට මතකය.
“ඈපාසිංහ, සීගිරිය මා රැක බලාගත්තේ මගේ ඇස් දෙක වගේ. මගේ කාලයේදී කැටපත් පවුරත් - බිතු සිතුවම් ආදියත් ආරක්ෂා කිරීමට දිවා - රාත්‍රියේ මුරකරුවන් යෙදුවා. අවාසනාවකට මෙන් රාත්‍රි කාලයේ ආරක්ෂා පසුව ඉවත් කරල බවයි මට පෙනෙන්නේ. මෙය ජාතික අපරාධයක්. අප රටේ කිතු ගොස ලෝ පුරා පතල කළේ, සීගිරි බිතු සිතුවම් හා සීගිරියයි. මට දැනෙන්නේ දැඩි වේදනාවක්.”
එතුමාගේ ඇස් කඳුළෙන් තෙත් වී තිබෙනු මම දුටුවෙමි.
මානව දයාවෙන් පිරි මේ මහා ප්‍රඥයා 1972 ඔක්තෝබර් 04 වනදා අභාවප්‍රාප්ත විය. එතුමාට නිවන් සුව පතමි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.