හිටපු නියෝජ්‍ය පොලිස්පති බෝධි
ලියනගේ විසින් රචනා කළ "අන්න ඒක හරි" නම් කෘතිය එළිදැක්වීම පසුගිය සතියේ
මහවැලි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ වත්මන්
පොලිස්පති පූජිත ජයසුන්දර ය. උත්සවයේ මූලාසනය දැරූ භික්ෂූන් වහන්සේ සභාව
අමතමින් ප්‍රකාශ කළේ "මේ බෝධි ලියනගේ මහත්තයා කියන්නේ අවංක, දක්ෂ, නිකැළැල්
පොලිස් නිලධාරියෙක්. කවදාවත් කිසිම දූෂණයකට සම්බන්ධ වෙච්චි කෙනෙක් නෙවෙයි.
ඒවගේ අය පොලීසියේ හරිම විරලයි" යනුවෙනි.
ඊළඟට තිබුණේ පොලිස්පති පූජිත ජයසුන්දරගේ ප්‍රධාන දේශනයයි. දේශනය ආරම්භ
කරමින් ම පූජිත පැවසුවේ " හාමුදුරුවනේ ඒක මහ කැත කතාවක්නෙ! ඇයි හාමුදුරුවනේ
මේ මම ? මමත් අවංක, දක්ෂ, නිකැළැල්, කිසිම දූෂණයකට සම්බන්ධ නැති කෙනෙක්නේ ?
ඇයි මං ගැන ඔබවහන්සේ එහෙම නොකියන්නේ ?" යනුවෙනි. ඔහු ඊටම එකතු කරමින් "හැම
එකාම කියන්නේ පූජිතට කෙළවෙලා කියලා, ඒත් මේ ඉන්නෙ මං හොඳට පොලිස්පති
පුටුවේ .." යනුවෙන් ද පැවසුවේය.
පූජිතගේ විකාර කතාවෙන් තක්බීර් වී ගිය සභාවේ සිටි අයෙක් හඬනඟා කීවේ "
ඔහොම කියන්න එපා සර්, ඕවා පත්තරවල යයි" කියා ය. පූජිත හැරෙන තැපෑලෙන් උත්තර
දුන්නේ " පත්තර කාරයො ? ඕකුන්ව මං එනකොටත් සර්ච් කරනවා, යනකොටත් සර්ච්
කරනවා " ලෙස ය.
ලංකාවේ පොලිස්පතිවරයා සිතාගෙන සිටින්නේ ප්රවෘත්ති යනු සාක්කුවේ දමාගෙන
යන භාණ්ඩ විශේෂයක් කියා විය යුතුය. එනකොට සර්ච් කරන්නේ ප්රවෘත්ති රැගෙන
එනවාදැයි බැලීමට ය. යනකොට සර්ච් කරන්නේ ප්රවෘත්ති රැගෙන යනවාදැයි බැලීමට
ය. රටකට ගිය කලක් ඔහොමය.
මේ අතර මේ අවස්ථාවට සහභාගී වූ පිරිසක් පැවසුවේ " මේ යකා කෙළින පිස්සු වල
හැටියට මිනිහා හරියන්නෙ මෙහෙට නෙවෙයි ඇමරිකාවට. අර ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක
සෙට් උනා නම් හරියට හරි. දැන් රටේ නැති විකාර කියවන එකේ එතකොට ලෝකෙ නැති
විකාර කියව කියවා ඉන්න පුළුවන් " යනුවෙනි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Tuesday, March 21, 2017
පත්තර කාරයො ? ඕකුන්ව මං එනකොටත් සර්ච් කරනවා, යනකොටත් සර්ච් කරනවා "...!!!
Posted by
lankanews
at
March 21, 2017
Labels: bribery of srilankan police, embilipitiya police murder, henchman police, lankanews, pujitha jayasundara, srilanka police, yahapalanaya
පත්තර කාරයො ? ඕකුන්ව මං එනකොටත් සර්ච් කරනවා, යනකොටත් සර්ච් කරනවා "...!!!
2017-03-21T23:02:00+01:00
lankanews
bribery of srilankan police|embilipitiya police murder|henchman police|lankanews|pujitha jayasundara|srilanka police|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...