වීර කැප්පෙටිපොල නිලමේ තුමා ඇතුළු 1818
කැරැල්ලට සහභාගී වූ රණ ශුරයන් දේශද්‍රෝහීන් ලෙස සියවස දෙකක් පුරාවට ලංකා
ඉතිහාසයේ නම් කොට තිබියදී ඒ සියලු දෙනාම මාර්තු 1 වනදා ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන විසින් ඓතිහාසික මගුල් මඩුවේදී දේශප්‍රේමින් ලෙස
නම් කිරීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නාහිමිවරු ප්රමුඛ මහා සංඝරත්නය
පිරිත් දේශනා කරන අවස්ථාවේදී ක්ෂණිකව මහා නාහිමිවරුන්ගේ වටාපතට හැඩි දැඩි
රැවුලක් සහිත පුද්ගලයකුගේ මුහුණක සේයාවක් වැටුන බව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල බණ්ඩාර විසින් දැක ඇති අතර එය දුටු විගස එය සතර මහා
දේවාල වල බස්නායක නිලමේ වරුන් ඇතුළු පිරිසට එය පෙන්වා ඇත.
එහිදී නිලමේවරුන් කිහිපදෙනකු හට එය දැක ගැනීමට හැකියාවද ලැබී ඇත. එමෙන්ම තවත් නිලමේ වරුන් දෙදෙනකු විසින් දැක තිබෙන්නේ සංඝයා වහන්සේලා ඉදිරිපිට ප්රතාපවත් දේහධාරී පුද්ගයකු නමස්කාර පුර්වක ඉරියව්වෙන් විද්‍යාමාන වූ බවයි. ක්ෂණිකව ක්‍රියාත්මක වූ දියවඩන නිලමේ විසින් සිය දුරකතනයෙන් ඡායාරුප ගැනීමට කටයුතු කලද මහනායක හිමිපාණන් වහන්සේගේ වටාපතට වැටුණු සෙවනැල්ල ඡායාරුපයට එක් වුවත් සැබෑ සේයාව ඡායාරුපයට වැටී නොතිබිණ. වැඩසටහන අවසන් වනවාත් දියවඩන නිලමේ තුමන් සහ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ විසින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ට හා සෙසු නිලධාරීන්ට මෙම සිදුවීම පිළිබඳව දැනුම් දී ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශය සතුව ඇති ඡායාරුපවල එය පරීක්ෂා කරන ලෙස නිලමේ වරුන් විසින් ඉල්ලා සිට ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවට
සම්බන්ධ වූ අයගෙන් අප විමසා සිටී අතර එහිදී ඔවුන්ද එවැනි සිදුවීමක්
සම්බන්ධව කතා බහක් ඇතිවූ බවත් දියවඩන නිලමේතුමන් එවැනි ඡායාරුපයක් තමන්ටද
පෙන්වූ බවත් ප්‍රකාශ කල සිටියා එහිදී ඔවුන් තවදුරටත් ප්‍රකාශ කලේ බිතු
සිතුවම් වල දක්නට ලැබෙන වීර කැප්පෙටිපොල නිලමේතුමාගේ රුවට එය සමාන බවයි.