ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 6, 2017

පිසාචයන්ගේ බුද්ධි අංශ දඩයම....!!!

නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියා වූ සුමිත් රණසිංහ සුවිශේෂ නිලධාරියෙකි. කොළඹ විනාශ කිරීමට කිලෝ 1100ක්‌ බරැති බෝම්බ සහිත ලොරිය 2007 දී ත්‍රිකුණාමලයේදී සොයාගෙන තමන්ම එම ලොරිය පදවා ගෙනවිත් බෝම්බ නිෂ්ක්‍රීය කොට කොළඹ විනාශ කිරීම නතර කළේ ඔහුය. එම බෝම්බ ලොරිය කොළඹට පැමිණ පුපුරවා හැරියා නම් අද දේශපාලන නායකත්වයේ සිටින අය මෙන්ම රණවිරුවන් දඩයම් කරන CID අයද විනාශ වීමට හොඳටම ඉඩ තිබුණි.
ජනාධිපති සිරිසේන  බොහෝ අවස්‌ථාවල සේනාධි නායකයා ලෙස තමන්ගේ හමුදාවන් රකින බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත. මාර්තු 04 වන දා පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්‌ෂණ චාරිකාවක නිරත වීමෙන් පසුව අදහස්‌ දැක්‌වූ ඔහු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට චෝදනා පත්‍ර ගෙන ඒමට හෝ නඩු ඇසීමට තමන් සූදානම් නැතැයි එඩිතරව ප්‍රකාශ කළේය. එහෙත් CID ය බුද්ධි අංශ නිළධාරීන් පසුපස යමින් ඔවුන් රිමාන්ඩ් කිරීම නතර කර නැත. ඒ වෙනුවෙන් ඇතැම් CID යේ ඇතැමුන්ට අතීතයට ද බලපාන පරිදි "ඩබල් ප්‍රමෝෂන්" ද ලැබේ.

නැගෙනහිර නාවික බුද්ධි ප්‍රධානියා වූ සුමිත් රණසිංහ සුවිශේෂ නිළධාරියෙකි. කොළඹ විනාශ කිරීමට කිලෝ 1100ක්‌ බරැති බෝම්බ සහිත ලොරිය 2007 දී ත්‍රිකුණාමලයේදී සොයාගෙන තමන්ම එම ලොරිය පදවා ගෙනවිත් බෝම්බ නිෂ්ක්‍රීය කොට කොළඹ විනාශ කිරීම නතර කළේ ඔහුය. එම බෝම්බ ලොරිය කොළඹට පැමිණ පුපුරවා හැරියා නම් අද දේශපාලන නායකත්වයේ සිටින අය මෙන්ම රණවිරුවන් දඩයම් කරන CID ය ද විනාශ වීමට හොඳටම ඉඩ තිබුණි.

ජීවිත පරිත්‍යාගයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට ක්‍රියා කළ සුමිත් රණසිංහ රණවිරුවාගේ සිරුරෙහි තවමත් බෝම්බ කෑලි තිස්‌ගණනක්‌ ඇත. ඒවා ඉවත් කළ නොහැක. ඔහුගේ කනේ ද බරපතළ ආබාධයක්‌ ඇත. ඒ කිසිවක්‌ ගැන නොතකා 2001 දී තරුණයන් පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ චෝදනාවට සම්බන්ධ වූයේ නේවි සම්පත් ඇතුළු කණ්‌ඩායමක්‌ බව හඳුනාගෙන තිබියදීත් ඊට කිසිදු සම්බන්ධයක්‌ නොමැති බුද්ධි අංශ නිළධාරීන්ට දඬුවම් දෙන්නේ කොටි හිතවාදීන්ගේ උවමනාවට බවට කිසිදු සැකයක්‌ නැත. රණසිංහ පමණක්‌ නොව කොළඹ ආරක්‌ෂාව තහවුරු කළ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියකු වූ රවිරාඡ් ඝාතනයට අත්අඩංගුවට ගෙන සිට නිදොස්‌ කොට නිදහස්‌ කළ කමාන්ඩර් හෙට්‌ටිආරච්චිට ද CID ට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් 2002 වසරේ මිලේනියම් සිටි බුද්ධි අංශ නිලධාරීන් විනාශ කළා සේම අදත් ත්‍රස්‌තවාදය අවසන් කිරීමට මහා මෙහෙවරක්‌ කළ බුද්ධි අංශ නිලධාරීන් හෙළිදරව් කර ඔවුන්ට දඬුවම් දෙන්නේ වෙනත් කිසිදු අරමුණකින් නොව බටහිර රටවල් හා කොටි හිතවාදීන් සතුටු කිරීමට බව නොරහසකි. ඔවුන් හෙළිදරව් කිරීම නිසා ඔවුන්ගේ දරු පවුල්වලට ද බරපතළ හිරිහැර කරදර වීමට හොඳටම ඉඩ ඇත. රටත්, ජාතියත් ත්‍රස්‌තවාදීන්ගෙන් බේරාගත් විරුවන්ට දඬුවම් කරන මොවුන්ට රජ කාලේ දඬුවම් දිය යුතුය. එසේ කළ නොහැකි වුවත් අපායේදී ලැබෙන දඬුවම් නම් අනිවාර්ය බව කිව යුතුය.

ජාතික හිමිකම් සංවිධානය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.