නියඟයෙන්
පීඩාවට පත්වී සිටින ජනතාවට සහනාධාර සඳහා ඉන්දියාවෙන් සහ ඉන්දුනීසියාවෙන්
මෙරටට එවූ හාල් කිලෝ පන්ලක්ෂ හැට දහසක ප්‍රමාණය කොහේදැයි ආණ්ඩුව හෙළිකළ
යුතු යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය
ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න (11) දඹුල්ල පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
නියඟයෙන්
පීඩා විඳි ගොවීන්ට වන්දි ලබාදීම කඩිනම් කරන ලෙසත් වන්දි ලබාදීමේදී කිසිදු
කප්පාදු කිරීමක් නොකරන ලෙසත් වන්දි ප්‍රමාදයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ
මාලාවක් සංවිධානය කර තිබෙන බව දැනුම්දීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා
තිබිණි.
එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මෙසේද පැවසීය.
මේ විදේශ රටවලින් සහනාධාර හාල් තොග ලැබුණේ පාර්ලිමේන්තුවේ කෝලං නටන අයට බුදින්න නොවේ. මේ වන විට පීඩාවට පත් ජනතාවට වතුර විතරයි බෙදලා තියෙන්නේ. මේ හාල් කොහෙද තියෙන්නේ? මොනවටද එව්වේ? වහාම ආණ්ඩුව මේවාට උත්තර දිය යුතුයි.

අපි අරගල
කළා. විරෝධතා කළා. පීඩාවට පත්වූ ගොවීන්ට වන්දි දෙන්ඩ කියලා. ආණ්ඩුව ඒක
පිළිගත්ත අපි සටන් මඳකට නතර කළා. හැබැයි දැන් ඒවා වචනවලට සීමා කරලා. ලබා
දෙන වන්දි මුදල කපා දමන්ඩ දැන් සූදානම් වෙනවා. රැකියා කරනවද? නංගි ගාමන්ට්
යනවද? ගෙදර අත් ට්‍රැක්ටර් තියෙනවද....? වගේ විවිධ කරුණු සොයනවා. සහනාධාර
කප්පාදුවට. කරුණාකරලා මේ සහනාධාර කප්පාදුව නතර කළ යුතුයි.
මේ ඉන්න
ඇමැතිවරු කීප දෙනකුට වාහන ගන්න රුපියල් කෝටි පනස් තුනක් වෙන්කර ගන්න හදනවා.
මීට පෙර කෝටි එකසිය දහඅටකින් වාහන ගත්ත. හැබැයි ගොවියාට සාධාරණ වන්දිය ලබා
දෙන්න අමාරුයි. අවුරුදු හතළිහකට පස්සේ තමයි ගොවියා මෙවැනි වන්දි මුදලක්
ඉල්ලා සිටින්නේ.
මේ සහනාධාර
නොදෙන්නේ නම් අපි නැවත වරක් ගොවියා පාරට බස්සනවා. ගොවියෝ අපෙන් ඉල්ලීම්
කරනවා ඕනෑම සටනකට එනවා කියලා. ඒ නිසා අපි දැන්ම ආණ්ඩුවට කියනවා ලබන 17 වන
දින නැවත ගොවි සටන මොනරාගලින් ආරම්භ කරනවා. 24 වැනිදා කුරුණෑගලින් පාරට
බහිනවා. 27 වැනිදා බුත්තලින් 28වැනිදා අනුරාධපුරෙන්, 30 වැනිදා ගලේවෙල
නගරයෙන් ගොවීන් පාරට බහින්න දැනටමත් සූදානම් කරලා.
ඉරිදා දිනවලදී තවත් නගර රැසකින් පාරට බහිනවා. මේ සටන්වල අවසන් පියවර ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් වේවි.
රටේ හතරවටින් ගොවීන් කොළඹට ගෙන්වා ගන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.
රටේ හතරවටින් ගොවීන් කොළඹට ගෙන්වා ගන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා.
දැන්
ඒකාබද්ධ විපක්ෂයේ අය ජනතාවගේ කුසගින්න ගැන, හාල් ගැන කතා කරන්න පටන් ගෙන
තියෙනවා. මහින්ද රාජපක්ෂ ට හාල් ගැන කතා කරන්න අයිතියක් නෑ. මේ අය
පිටරටින් හාල් ගෙන්නලා රටට පාඩු කළා රුපියල් කෝටි එක්දහස් පන්සිය පහළොවක්.
පාරිභෝගිකයාට නුසුදුසු හාල් ගෙනාවා. ඒ වගේම හාල් මෙට්‍රක් ටොන් පනස්
හත්දහසක් සත්ත්ව ආහාරවලට නිකුත් කළා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් වස හාල්
ගෙන්නුවා. මේ ආණ්ඩුවෙන් ඒවා ජනතාවට කැව්වා. ඒක තමයි ඇත්ත.
මේ මාධ්‍ය
හමුවේදී ඌව පළාත් උක් හා බඩඉරිගු ගොවීන් මුහුණ පා ඇති ප්‍රශ්න හා බඩඉරිඟු
පිළිබඳව උක්ගොවි සංවිධානයේ සභාපති වසන්ත පියතිලක මෙසේ පැවසීය.
අද අප රටේ
බඩඉරිඟු ගොවියා හේන් ගොවියා වගේම උක් වගා කරන ගොවියාත් ප්‍රශ්න රැසකට
මුහුණදීලා ඉන්නේ. අද බඩඉරිඟු අස්වැන්න නෙළාගෙන විකුණගන්න බැරිව ඉන්නවා.
ආණ්ඩුව මේ ගොවීන් අමතක කරලා දාලා. බඩඉරිඟු බිජ පැකට් එකක් අද රුපියල්
පන්දහසක් වෙනවා. මීට වසර නවයකට පෙර බිජ පැකට් එකක මිල රුපියල් එක් දහස්
හයසීයයි. හැබැයි එදා පැවැති මිලම තමයි අදටත් ගොවීන්ගේ අස්වැන්නට ලැබෙන්නේ.
ඇයි මේ පවතින ආණ්ඩුවලට මේ ගොවීන් ගැන සොයා බලන්න බැරි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී. බි. සරත්,
මේ ගොවීන්ගේ ප්‍රශ්න දිනෙන් දින වැඩිවෙනවා. ආණ්ඩුව කොළඹ විරෝධතා පවත්වන කාලසටහන් හදනවා. අපි මේ කාලසටහන් කඩාගෙන ගොවීන් එක්ක කොළඹ එන්න සූදානම් වෙලා ඉන්නේ. කාලසටහන් ක්‍රියාත්මක වෙන්න නම් මේ ගොවීන්ට වහාම කප්පාදුවකින් තොරව වන්දි මුදල් ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

බදුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති සුනිල් රණවීර,
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහත වැටුණේ යාපනේ ගොවීන්ගේ නිෂ්පාදන ලැබිමෙන් කියලා කතාවක් තිබෙනවා. එහෙම නෑ. මේක නිසි කළමනාකරණයකින් තොරව අස්වනු වෙළෙඳපොළට ලැබිම නිසයි. අද එළවළු ගොවියා අනාථ වෙලා ඉන්නේ. විශාල නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඒත් සැලසුම් නැහැ. අද ගොවියාගේ නිෂ්පාදනවලට මිලක් නැහැ. ජනතාව ආහාර රටාව වෙනස් කරලා. ඒ ගැන සොයා බලන්න කෙනෙක් නැහැ.

ආණ්ඩුව
මැදිහත් වෙලා මේ ගොවීන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. එහෙම
නැත්නම් හෙට දවසේ විදේශ රටවලින් සියලු ආහාර ගෙන්වලා තමයි රටට කන්න දෙන්න
වෙන්නේ.