“සූරියවංශේ සිංහල පුතුනේ
නැලවිලි ගී මා හද ආදරේ
මේ රණ ගීතය සවන තියා
මව්බිම නලවා ගන්න පුතේ”
ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් අල්විස් විසින් රචනා කළ ප්‍රවීණ සංගීතවේදී
ලයනල් අල්ගම සංගීතවත් කළ මේ ගීතය ගායනා කළේ ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක
විසිනුයි. හැත්තෑව දශකයේ බිහි වූ මේ ගීතය අදත් එදා වගේම එක සේ ජනප්‍රිය
ගීතයක්. එක්තරා රූපවාහිනී නාලිකාවක් සතිපතා විකාශය කරන රියැලිටි
වැඩසටහනකදී වත්මන් පරපුරේ ජනප්‍රිය ගායිකාවක වන උමාරියා මේ ගීතය ගායනා
කළා. එදා එම වැඩසටහනට නිමිත්ත වෙලා තිබුණේ නිදහසයි. ඒ අවස්ථාවේ ඇය මෙම ගීතය
සමග මාලනී බුලත්සිංහල ගයන මේ රට මගෙ රට කියන ගීතයත් ගායනා කළා. වැඩසටහනේදී
එම ගීත ගැන සඳහන් වෙන විට මාලනී බුලත්සිංහලගේ නම සඳහන් වුණත් සුජාතා
අත්තනායකගේ නම සඳහන් නොවීම ගැන තමන් තුළ ඇත්තේ බලවත් කලකිරීමක් බවයි ඇය කියා සිටියේ.
සූරියවංශේ ගීතය උමාරියා ගායනා කළේ හරිම අසාර්ථක මට්ටමකට. ඊට හේතුව අනවශ්‍ය
දෑ ඊට එකතු කරන්නට යාම. ලයනල් අල්ගම මීට අවශ්‍ය හැමදේම එකතු කරලා තිබුණා.
මම ඒ හැමදේම ගැයුවා. මේකට තව අනවශ්‍ය දේ එකතුවිය යුතු නැහැ. පැරණි ගීතයක්
ගයද්දි ඒ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි.
වෙනත් ගායිකාවන් ගැයූ මගේ ගීත විකාශය කරන්න එපා කියලා මම නීතිඥයන් හරහා
සියලුම නාලිකාවලට ලිඛිතව දැනුම් දීලයි තියෙන්නේ.
මම රූපවාහිනී නාලිකාවල විකාශය වන සංගීත වැඩසටහන් බලන්නේ අඩුවෙන්. පැරණි
ගීත විකෘති කිරීම් ඔය වැඩසටහන් තුළ සිදුවන හින්දා ඒක බලන්නේ නැහැ. පහුගිය
දවසේ මේ වැඩසටහන යද්දිත් මම එය බැලුවේ නැහැ. ඊට පස්සේ අපේ ප්‍රවීණ සංගීත
අධ්යක්ෂවරයෙක් මට දුරකථනයෙන් කත කරලා කිවුවේ අදාළ වැඩසටහනේ මගෙයි මාලනී
බුලත්සිංහලගෙයි ගීත දෙකක් උමාරියා ගැයූ බවත්. එහිදී මගෙ නම සඳහන් නොකළ බවත්
මම සාමාන්‍යයෙන් යමක් ගැන අදහසක් ප්‍රකාශ කරන්නේ ඒක ගැන හොයල බලලා පස්සේ
මම අන්තර් ජාලයෙන් මේ වැඩසටහන බැලුවා. ඊට පස්සේ තමයි මමත් ඒ බව දැක්කේ.
පස්සේ මම සතිශ් අයියාට (සතිශ්චන්ද්‍ර එදිරිසිංහට) කතා කරලා මේ ගැන ඇහුවා.
සිදු වූ අමතක වීම ගැන සතිශ් අයියා කනගාටුව ප්‍රකාශ කළා.
එදා ඒ ගීත ගැයුව උමාරියාවත් ඒ වෙලාවේ මේ ගීතය මගෙ ගීතයක් බව කිව්වේ නැහැ.
මේ වගේ වැඩසටහනක් සඳහා ප්‍රවීනයින්ගේ ගීත යොදා ගන්නවා නම් ඒ ගීතවල මුල්
අයිතිකරුවන් ගැන සඳහන් කිරීම තමයි ඒ වැඩසටහන්වල යුතුකම. මේ සිද්ධියෙන් මම
ගොඩක් කලකිරීමට පත්වුණා.
ඔබේ ගීතයක් වෙනත් ගායිකාවක ගැයීම ගැනත් ඔබ තුළ කලකිරීමක් තියෙනවද?
වෙනත් ගායිකාවන් ගැයූ මගේ ගීත විකාශය කරන්න එපා කියලා මම නීතිඥයන් හරහා
සියලුම නාලිකාවලට ලිඛිතව දැනුම් දීලයි තියෙන්නේ. ඒත් ඒවා ක්‍රියාත්මක
වෙන්නේ නැහැ. නාලිකාවල බලධාරීන් මාරුවන විට ඒ ලියුම නැවත නැවත යවන්න
සිදුවෙලාද කියලා මට තේරෙන්නේ නැහැ.
ඒත් නවකයන්ට සංගීත තරගවලදී ගයන්න වෙන්නේ ප්‍රවීනයන්ගේ ගීත.
ඔව්.තරගවලදී අනුන්ගෙ සින්දු කියලා තමයි නවකයන්ට තමන්ගේ දක්ෂතා පෙන්වන්න
වෙන්නේ. එහෙම කිව්වට වරදක් නැහැ. නවක ගායිකාවක් තරගයකට මගෙ ගීතයක් ගායනා
කළාට මගෙ කිසිම අකමැත්තක් නැහැ. නැවත නැවත එය විකාශය කිරීම ගැනයි මම
කියන්නේ. මගේ බොහෝ ගීත ශාස්ත්‍රීය මට්ටමේ ඇති ගායනා කිරීම අපහසු ගීත.
හැබැයි ඒවා හරියට කිව්වොත් නවක ගායිකාවකට තමන්ගෙ දක්ෂතා පෙන්වන්න ඒක ඉතා
හොඳ අවස්ථාවක්. මගෙ ගීත හරියට කියලා කෙනෙක් තමන්ගේ දක්ෂතා පෙන්වනවා නම් මම
ගොඩක් කැමතියි. ඒ වගේම තමයි හරියට කියන්න බැරිනම් මගෙ ගීත ගයන්න එපා කියලයි
මම කියන්නේ.
නව පරපුර ගැන ඔබේ අදහස?
ඉතාම දක්ෂ අය ඉන්නවා. ඒ අය අතර සංගීතය හොඳින් හැදෑරු අයත් ඉන්නවා. ඒත්
ප්‍රශ්නෙ කියන්නේ මේ අය තමන්ගේ අනන්‍යතාවය ගොඩනගාගන්නෙ නැති වීම. මම. ලතා,
ඇන්ජලීන්, ජී.එස්.බි. රාණි, ගීත ගයද්දී පළවෙනි පේලිය යද්දිම මේ ගීතය ගයන්නේ
අසවල් ගායිකව කියලා මිනිස්සු දන්නවා. ඒත් අද බොහෝ ගීත සම්පූර්ණයෙන්
උනන්දුවෙන් අහන්න ඕන මේ ගීතය ගයන්නෙ කවුද කියලා හොයාගන්න. එකට හේතුව
අනුකරණය. අනුගමනය කමක් නැහැ. අනුකරණය වැරදියි. අපිත් ලතා මංගේෂ්කාර්ගේ තනු
අනුගමනය කළා. හැබැයි ලතා මංගේෂ්කාර්ව අනුගමනය කළේ නැහැ.
උමාරියා ගැන ඔබේ අදහස මොකක්ද?
මුලින්ම කිව යුතුයි උමාරියා කියන්නේ ගායන හැකියාවක් තියෙන
ළමයෙක් බව. ඒත් සූරියවංශේ ගීතය නම් ඇය ගායනා කළේ හරිම අසාර්ථක මට්ටමකට. ඊට
හේතුව අනවශ්‍ය දෑ ඊට එකතු කරන්නට යාම. ලයනල් අල්ගම මීට අවශ්‍ය හැමදේම එකතු
කරලා තිබුණා. මම ඒ හැමදේම ගැයුවා. මේකට තව අනවශ්‍ය දේ එකතුවිය යුතු නැහැ.
පැරණි ගීතයක් ගයද්දි ඒ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි.
සුජාතා නගන චෝදනාව පිළිබඳව අප උමාරියාගෙන් විමසීමක් කළා.උමාරියා ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කළේ මේ විදියටයි.
එදා ඔය ගීතය තෝරා ගත්තේ මම. වැඩසටහනේදී මම කතා කරන්නේ මගෙන් ප්‍රශ්න
ඇහුවොත් විතරයි. මගෙන් ප්‍රශ්න ඇසීමක් නොකළ හින්දා සූරියවංශේ ගීතය සුජාතා
අත්තනායක මහත්මිය ගයන බව මම ප්‍රකාශ කරන්න ගියේ නැහැ. එය රටම දන්න ගීතයක්.
සුජාතා අත්තනායක කියන්නේ රටම හඳුනන ගායිකාවක්. ඔය ගීතය ඇගේ බව හැමෝම
දන්නවා. එදා වැඩසටහනේදී ඇගේ නම සඳහන් නොවීම අතපසුවීමක් මිස කිසිසේත්ම
හිතාමතා කළ දෙයක් නොවෙයි. ඒ අතපසුවීම නිසා සුජාතා අත්තනායක මහත්මියට යම්
සිත් රිදීමක් වුණා නම් මම ඒ ගැන කනගාටු වෙනවා.
ආරියවංශ කුලතිලක
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, March 6, 2017
හරියට කියන්න බැරිනම් මගෙ ගීත ගයන්න එපා ....!!!! සුජාතා අත්තනායක...!!!
Posted by
lankanews
at
March 06, 2017
Labels: lankanews, reality shows, sinhala songs, song copy, star, sujatha attanayake, umariya
හරියට කියන්න බැරිනම් මගෙ ගීත ගයන්න එපා ....!!!! සුජාතා අත්තනායක...!!!
2017-03-06T05:42:00+01:00
lankanews
lankanews|reality shows|sinhala songs|song copy|star|sujatha attanayake|umariya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
