එක්
කලෙක මහා රෞද්‍ර වනයෙක සියලු සත්ත්වයනට ප්‍රධානව මහා කේසර සිංහයෙක්
සිටියේය. එම වනෙහිම උපන් එක් උරෙකු කඳබඩ මහත්වී දළ ඇදී එන තරුණ වයසේ දී
තමාගේ පෘෂ්ටිමත් ශරීරය ගැන උදම්ව සියලු වන සතුන් එක් රුස් කොට කේෂර සිංහයාට
අභියෝග කළහ. තොප මා හා තරඟ වැදුනහොත් තොප සිංහයෙකු
නමුත් පරාජය කොට පෙන්නමියි කීය. වන සතුන් මැද මේ අභියෝගය සිංහයා
ප්‍රතික්ෂේප කළ කල්හී වන සතුන් සිංහයාට අපවාද නගන්නට විය. ඌරෙක්ගෙ
අභියෝගයෙක් වත් පිළිගත නොහැකි මූ සංහයෙක්දැයි කීහ. පළමු වරත්, දෙවන වරත්
මෙසේ අභියෝග කළ කල්හී සිංහයා එය නොසලකා හැරීයේය. නමුත් අනිත් වනසතුන්ගේ
අපවාදත්, කුතුහළයත් දුරු කරනු පිණිස තෙවන වර සිංහයා අභියෝගය බාර ගත්තේය.
තමන් ඌරට වඩා බෙහෙවින් ශක්ති සම්පන්න බැව් දැන දැනත් ඌරා අභියෝග කළේ
ජයග්‍රහණය ලබන බවට දැඩි ස්ථිරත්වයෙනි. කෙසේ නමුත් සටනට දින සකසා වනයෙහි
සියලු සතුන් රැස් කරවා ඌරාද සටනට සැරසී සිටියදී සිංහයා මහත් තේජසිං තරග
බිමට ප්‍රවිෂ්ට වුණි. එහෙත් සිංහයා නොසිතූ දෙයක් සිදුවිනි. ඌරා තරග වදින්නට
අභියෝග කොට තිබුනේ මහා අසූචි ගොඩකය. පණුවන් පැහි ලලා දගළන, දුර්ගන්ධයෙන්
පිරුණු, මළ මුත්‍ර පිරුණු අසූචි ගොඩේ එහෙටත් මෙහෙටත් පණිමින් අභියෝග කරමින්
ඌරා කෑ මොර දුන්හ. නමුත් සිංහයා නිතරගෙන්ම ජයග්‍රහනය ඌරාටම දී හැරී
ගියේය.වන සතුන් මැද ඌරා ජයග්‍රහණය සැමරීය. එහෙත් කවර කළකනම් ඌරා සිංහයා වී,
සිංහයා ඌරා නම් වේද.?
ඉදින් සමන්තබද්‍රයන්
තමාගේ ආරාමයට රතනසාර හිමියන් පමුණුවා කරනුයේ අධර්මය නැමති අසූචි වලෙහි
ගිල්ලවීමය.. ධර්මය යනු තර්කයෙන් පිරිසිඳ දත යුත්තක් නොවේ. එය එසේ වූයේනම්
ධර්මයෙහි තර්කය ගොණු කරන භික්ෂූහූ කොතෙකුත් මෙරට ඇත. ඉදින් සමන්තබද්රයන්ට
අවශ්‍යය වන්නේ මෝඩ, අණුවන මිනිසුන් අතර ප්‍රසිද්ධ වීමට බැවින් ඔහු
ක්‍රිස්තියානි වැකියෙනුත්, ස්ලාම් අන්තයෙනුත්, හින්දු ගතිකත්වයෙනුත් තථාගත
ධර්මයට උපැහැරණ සපයන්නේය. ධර්මයෙහි ස්වභාවය කිලිටි කරමින් පෘථග්ජන මනසම
කළඹන්නේය. එබැවින් ඔහුගේ අර්හත්වය කෙබදු යැයි දත හැකිය. කෑ පතේ නොපහරා
සියලු භික්ෂූන් විෂයෙහි තමා ලැබු රහත් බව මෙසේ වී යැයි පහදා, සංඝයාගේ දොසක්
වොදෝයි එය පෙන්වා දී සංඝයා හරි මගට ගැනීම කළ යුතුය. ඉදින් ඔහු පෘථග්ජන
ලාමක සිත් ඇති කපටි මිත්යාදුෂ්ටිකයෙකු බැවින් සංඝයාත්, දායකයාත් එකිනෙකාට
වෛර ඇත්තෝ කරති. එම සූක්ෂම දැක්ම ඇත්තෙන් බොරු කීමකි. ඔහුට අවශ්‍යය වන්නේ
ඔබ නිවන් දැක්වීම හෝ නිසිමඟ පෙන්වීමට නොවේ ගතානුගතික පෘථ්ජන සංඝයා භේද
භින්න කිරීමකි. එය ඔහුටත් ඔහු පිටුපස සිට රටට කෙළ හලන පාපී
අන්යාගමිකයන්ගේත් මණ දොළකි. ඉන් සිදුවන සංඝයා ගේ හා දායකයාගේ දුරස්වීම
මෙරට සියල්ල කඩා දැමිය හැකි, විකෘතිකළ හැකි, මත ඔබ්බවිය හැකි පිළිලයකි.
ඉදින් ඔහු සැබවින්ම රහත්ව ඔබට බණ කියන්නේ නම් කවර කලකවත් ලාමක පෘථග්ජන සිත්
හා සමවදින්නේ නැත. එබැවින් ණුවන ඇති මිනිසුන් ඉන් මිදී ඇත්ත පිරිසිඳ
දකිත්වා.! සමන්තබද්‍රයන් වැනි මහණුන් ලක්දිව බොහෝය. ඔවුන්ගෙන් පෙරට ආ එක්
අයෙක් වන සමන්තබද්‍රයන් මා දකින්නේ හිස් කපටි මහණෙක් ලෙසය. මවාගත්
සීලයයි,හොවාගත් මහා පුටුවයි,දොවාගත් අරමයි, පොවාගත් මිත්යාදෘෂ්ටියයි හැර
අන් කිසිවක් ඔහු කෙරේ නැත. එබැවින්ම මා හෙතෙම පිරිහෙළමි.පිළිකුල් කරමි.දොස්
දකිමි.බැහැර කරමි.. එසේම අනුකම්පා කරමි. තෙරුවන් සරණයි..!!!
Lunugamwehere Dhammarathana Thero
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, March 17, 2017
සමන්තබද්‍රයන් මා දකින්නේ හිස් කපටි මහණෙක් ලෙසය...!!!
2017-03-17T12:27:00+01:00
lankanews
athuraliye rathana himi|fake buddhist monk|lankanews|maharagama siridamma|pitaduwe siridamma thero|samantha badra|siri samantha|siridhamma himi|sri sumangala thero|srilankan fake reverent|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
