මහ
බැංකු බැඳුම්කර නිකුතුව ගැන පරීක්ෂා කෙරෙන ජනාධිපති කොමිසමේ
සාක්ෂි විභාග කටයුතු නරඹන්නකු ලෙස ඒ සඳහා වෙන්කර තිබෙන අසුනක
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වාඩිවී සිටීම
ගැන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා
ඊයේ දැඩි විරෝධය පළ කළේය.
හිටපු අධිපති මහේන්ද්‍රන් (21 දා)
කොමිසමට පැමිණ සිටියේ ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥ කණ්ඩායමක්
සමඟය.
ජනාධිපති කොමිසම ඊයේ පෙරවරු 10 ට රැස්වූ අතර මුලින්ම නැගී
සිටි අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති
නීතිඥ රොමේෂ් ද සිල්වා , නීතිපති දෙපාර්තමේන්තුවේ
නීතිඥවරුන් සාක්ෂිකරුවන් මාර්ගයෙන් කොමිසමට ඉදිරිපත් කරන මහ
බැංකුවේ ලියවිලිවල පිටපත් තමාට ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ලිවේරා එම
ඉල්ලීමට විරුද්ධ විය. ඔහු කියා සිටියේ කොමිසමට ඉදිරිපත් කරන මහ
බැංකුවේ ලියවිලි අතර අතිශයින් රහස් ලියවිලි තිබෙන බැවින් මහ
බැංකුවේ අවසරයක් නැතිව ඒවා ලබාදිය නොහැකි බවයි.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉක්බිතිව අර්ජුන
මහේන්ද්‍රන් කොමිසමට විත් නිරීක්ෂකයකු ලෙස අසුන් ගැනීමට
අවසර දෙන මෙන් ද ඔහුගේ නීතිඥයා ඉල්ලා සිටියේය.
තමා මෙම ඉල්ලීම කරන්නේ කොමිසම් සභා පනතේ 16 (1) වගන්තිය යටතේ
බවත් කොමිසමේ කෙරෙන කටයුතු නැරඹීමට ඕනෑම කෙනෙකුට අදාළ
රෙගුලාසිය යටතේ හැකියාව තිබෙන බවත් ඒ සඳහා ඉල්ලීමක් කළහොත් ඊට
අවසරය ලැබිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
කොමිසමට සහය වන නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්ඩායමේ නායක
ජනාධිපති නීතිඥ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල
ලිවේරා එම ඉල්ලීමට විරුද්ධත්වය පළ කරමින් කියා සිටියේ මහ
බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කොමිසම හමුවට විත් සාක්ෂි දෙන මේ
දවස්වල හිටපු අධිපති මහේන්ද්‍රන් කොමිසමේ රැඳී සිටීම
සුදුසු නොවන බවයි. මෙහි පැවැත්වෙන්නේ මහ බැංකුවේ හිටපු අධිපතිව
සිටි කාලයේ එහි සිදුකෙරුණු ඔහු සම්බන්ධ මහා භාණ්ඩාගාර
බැඳුම්කර වෙන්දේසි කිරීම් පිළිබඳව සත්‍ය කරුණු හෙළිකර ගැනීම
සඳහා වූ පරීක්ෂණයක් බව ද එනිසා මෙතැන සිටීම කොහෙත්ම අනුමත කළ
හැකි ක්‍රියාවක් නොවන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.
කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිත හෝ එසේ නොමැති මහ බැංකුවේ
කිසිදු නිලධාරියකු මෙතනට විත් වාඩි වී බලාගෙන නොසිටින බවත්
වත්මන් මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි දිනයේ ඔහු සමඟ පැමිණි මහ
බැංකුවේ උසස් නිලධාරීන් කීපදෙනකුට කොමිසන් සභා ශාලාවේ රැඳී
සිටීමට ඉඩ නොලැබුණු බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා
වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ලිවේරා සහ
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අතර උණුසුම් වචන
හුවමාරුවක් ඇතිවිය.
මෙතැන නිකං හයියෙන් බුරන්න එපා යෑයි සිය අසුනෙන් නැගී සිට
රොමේෂ් ද සිල්වා වේගවත් ස්වරයෙන් කියා සිටි විට දප්පුල ද
ලිවේරා ඊටත් වඩා සැරෙන් ප්‍රතිචාර දැක්වූවේ 'මම බුරනවා
නොවේ හපා කනවා' යෑයි ප්‍රකාශ කරමිනි.
කුඩා ළමුන් මෙන් මෙතන හැසිරෙන්න එපා යෑයි කොමිසමේ සාමාජික
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන දෙදෙනාටම
පවසමින් එම මත ගැටුම සමථයකට පත් කළේය.
අනතුරුව විනිසුරු චිත්රසිරි සඳහන් කළේ අර්ජුන
මහේන්ද්‍රන් කොමිසමට පැමිණ නිරීක්ෂකයකු ලෙස අසුන් ගැනීමට
නීතිඥවරයකු මගින් ඉල්ලීමක් කර ඇති බවත් අදාළ පනතේ රෙගුලාසිවලට
අනුව එම ඉල්ලීමට ඉඩ දෙන බවත්ය. මහේන්ද්‍රන් දැන් මහ
බැංකුවේ නිලධාරියෙක් නොව පිටස්තර පුද්ගලයකු බව ද විනිසුරු
චිත්රසිරි කීය.
මහ බැංකුවේ නිලධාරියකුට වුවද සාක්ෂි විභාග කෙරෙන කොමිසමට
පැමිණ අසුන් ගෙන සිටීමට ඉල්aලීමක් කළහොත් ඒ ගැන ද සලකා බලන බව
මෙතෙක් කිසිවකු ගෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නැති බව ද
කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, March 21, 2017
නඩු අහන්නත් ලැජ්ජ නැතුව ආපු ලෝක හොරාණෝ...!!!
Posted by
lankanews
at
March 21, 2017
Labels: arjun alosius, arjun mahendran, bandumkara, Bond Scam, central bank, ranil wickramasinge, ravi karunanayake, ravi karunanayake family, yahapalanaya
නඩු අහන්නත් ලැජ්ජ නැතුව ආපු ලෝක හොරාණෝ...!!!
2017-03-21T23:43:00+01:00
lankanews
arjun alosius|arjun mahendran|bandumkara|Bond Scam|central bank|ranil wickramasinge|ravi karunanayake|ravi karunanayake family|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
