කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත්වන අයගෙන් ලැබුණු තොරතුරු මත මෙම ප්රචණ්ඩ ක්‍රියාවට සම්බන්ධ එක් පාර්ශවයක් ප්‍රසිද්ධියේ ISIS සංවිධානයට සහාය දක්වන කණ්ඩායමක් බවත්, ඔවුන්ගේ දේශනා හා මතවාද නිසා කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත්වන පූර්ව මුස්ලිම් ජාතිකයින්ට, ජීවත්වීමේ අයිතිය තර්ජනයට ලක්වී ඇති බවත් EMSL සංවිධානය පවසයි.
මේ රටේ ප්‍රසිද්ධියේ හා අප්රසිද්ධියේ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී හා ත්‍රස්තවාදී සංවිධාන, හා පුද්ගලයින් ගැන රජය හා ආරක්ෂක අංශ දැඩි ලෙස සොයා බැලිය යුතුයැයි ද, සාමයට හා සහජීවනයට කැමති මුස්ලිම් පිරිස ඇතුළු පොදු මහජනතාව මෙවන් සංවිධාන හා පුද්ගලයින් ගැන ආරක්ෂක අංශ වෙත දන්වා පූර්ණ සහය පළ කළ යුතු යැයිද ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානය වැඩිදුරටත් පවසා සිටී. සුන්නතුල් නිකාය විසින් පසුගිය සිකුරාදා දින කාත්තන්කුඩිය ප්‍රදේශයේ දේශන කිහිපයක් සුදානම් කර ඇති අතර ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයේ නැගනහිර නායකයා ලෙස හැදින්වෙන සහරාන් නමැති පුද්ගලයා සහ තවත් සාමාජිකයන් පිරිසක් මෙම දේශනා නොපවත්වන ලෙසට තමන්ට තර්ජනය කල බව සුන්නතුල් නිකායේ සාමාජිකයකු ප්‍රකාශ කර සිටියා. ඉස්ලාමික රාජ්‍යයක් ඇති කිරීම සදහා කටයුතු කරන ජාතික තහුහිඩ්
ජමාත් සංවිධානයේ බලකොටුව කාන්තන්කුඩි බවත් අනෙකුත් නිකායන් සදහා එහි ඉඩක් නොමැති බවත් තර්ජනය කල පුද්ගලයන් පැවසු බවයි එම සාමාජිකයා වැඩිදුරටත් සදහන් කර සිටියේ.
ජාතික තවුහිඩ් ජමාත් සංවිධානය කාන්තන්කුඩි ප්‍රදේශය තුල අමාත්‍ය හිස්බුල්ලාගේ අනුහසින් ක්‍රියාත්මක වන බවටද චෝදනා එල්ලවන අතර ප්‍රහාරයට පැමිණි බහුතරයක් අමාත්‍යවරයාගේ අනුහසින් තවමත් නිදැල්ලේ සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ පිලිබදව ශ්‍රී ලංකා පොලිසියෙන් තොරතුරු දැනගැනීම සදහා අප මාධ්‍යවේදීන් කිහිපදෙනකු උත්සහ කලත් ඔවුන් එය මගහරින ලදි.
කෙසේ වෙතත් මෙම ගැටුමෙන් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා කාන්තන්කුඩි මහ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් තිදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. තවත් එක් පුද්ගලයකු අද සවස 4 වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
දෙපාර්ශවයේම පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් ලබන 24වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
එදින දහවල් සහරාන් නමැති තවුහිඩ් ජමාත් නැගනහිර නායකයාට විරුද්ධව
සුන්නතුල් නිකායේ පිරිස් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබී ඇති අතර එම උද්ඝෝෂණයේ ඡායරුප පහතින් දැක්වේ..