ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 16, 2017

තවත් පාහරයෙකුගේ නිරුවත හෙළිවේ...!!! මෛත්‍රී දිගටම බබා චරිත රංගනයේ...!!!

මිලියන 159කට කෙලවු ඇමති ඩිලාන්ට FCID,CID පරික්ෂණ නෑ – නඩුත් ආණ්ඩුවේ බඩුත් ආණ්ඩුවේ...!!!
විදේශිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් විදේශගත ශ‍්‍රමිකයන් විසින් ලබාදුන් අරමුදල් වලින් රු.ලක්‍ෂ 1597ක වාර්තා සහිත මුදලක් සහ වෙනත් බොරු වාර්තා පෙන්වමින් තවත් ලක්ෂ ගණනක් මුදලක් එවකට විදේශ රැකියා ඇමතිව සිටි ඩිලාන් පෙරේරා විසින් කාබාසිනියා කර දමා ඇති බව ‘එතෙර අපි’ සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කළා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ රුපියල් මිලියන 159කට අධික මුදලක් පාඩු කළ ඇමතිවරයා එෆ්.සී.අයි.ඞීයට හෝ සී.අයි.ඞී.යට කැඳවලා නැති බවත් ආණ්ඩුවේ ඇමතිවරයෙක් වූ නිසා මෙම දුෂණයන්ට කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැති බවයි.

“එතෙර අපි” සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති
එතෙර අපි සංවිධානය කියන්නේ විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ ඒ රටවල්වල ශාඛා පවත්වාගෙන යන ශී‍්‍ර ලංකාවේ තිබෙන ප‍්‍රධාන සංවිධානයක්. මේ වනවිට රටවල් 26කට අධික ප‍්‍රමාණයක් එතෙර අපි සංවිධානයේ ශාඛා පවත්වාගෙන යනවා. ඉදිරි කාලය තුළ ශාඛා පවත්වාගෙන යනු ලබන රටවල්වල විශේෂ සමුළු පවත්වන්න අපි කටයුතු සංවිධානය කර තිබෙනවා. ඒ මගින් විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ අයිතිවාසිකම් ගැටලූ, ප‍්‍රශ්න පිළිබඳව විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ගේ වගේම ශී‍්‍ර ලංකාවේ රජයේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.
ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුවම ප‍්‍රකාශ කරන පරිදි අපේ රටට වැඩිම විදේශ විනිමය ප‍්‍රමාණයක් ලැබෙන්නේ විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගෙන්. එම ප‍්‍රමාණය ඩොලර් බිලියන 06ක් පමණ වෙනවා. එවැනි විදේශ විනිමය ප‍්‍රමාණයක් රටට එවන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය මොනවද කරලා තිබෙන්නේ? ඒ නිසා තමයි සමුළු පවත්වලා අපිට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් කරන්න සිදුවෙලා තිබෙන්නේ. එම විශේෂ සමුළු මාලාව මාර්තු 26වැනිදා කැනඩාවේ ටොරොන්ටෝවලින් ආරම්භ වෙනවා. මාර්තු 31 අබුඩාබිවල සහ ඩුබායිවලදී එදිනම කුවේට්හිදී මෙම සමුළු පැවැත්වෙනවා. ඒ වගේම අපේ‍්‍රල් මස 16 රෝමයේදී, 17 නාපෝලිහිදී, 22 බ්‍රේෂියාහිදී 23 වෙරෝනාහිදී, එදිනම ප‍්‍රංශයේදී පැරිස්හිදී, අපේ‍්‍රල් 25 මිලානෝහිදී මෙම විශේෂ සමුළු පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.
අපේ රටේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අරමුදල් ලැබෙන්නේ අපේ රටේ භාණ්ඩාගාරයෙන් නෙවෙයි. ශී‍්‍ර ලාංකිකයින් විසින් රැකියාවන් සඳහා විදේශගත වනවිට ඔවුන්ගෙන් අයකර ගන්නා ගුවන්තොටුපොළ ගාස්තු, ලියාපදිංචි ගාස්තු ඇතුළු අනෙකුත් අයකරගැනීම්වලින් තමයි කාර්යාංශයට මුදල් ලැබෙන්නේ. ඒ වගේම පසුගිය කාලයේ කුවේට්හිදී යුද අවතැන්වූවන් වෙනුවෙන් විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ගේ අරමුදල්වලින් හදපු කුවේට් වන්දි අරමුදල නමින් විශාල අරමුදලක් ගොඩනගා තිබුනා. ඒ ආකාරයෙන් එක්රැස්වූ අරමුදල්වලින් පහුගිය කාලයේ විෂය භාර ඇමතිවරු තමන්ගේ දේශපාලන කටයුතු වෙනුවෙන් මුදල් නාස්තිකර තිබෙනවා. අපිට ලැබිලා තිබෙනවා 2015දී සකස් කළ විගණකාධිපති වාර්තාවක්. එම වාර්තාව මගින් විදේශසේවා නියුක්ති කාර්යාංශය මුදල් අක‍්‍රමිකතා විශාල ප‍්‍රමාණයක් හෙළිදරව් කරලා තිබෙනවා. එම විගණකාධිපති වාර්තාව ඉදිරිපත් කොට වසර දෙකක් ගතවෙලා තිබුණත් මේ වනතෙක් යහපාලනය ගා ගත්තු ආණ්ඩුවෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. එවකට ඇමති ඩිලාන් පෙරේරා තමන්ගේ දේශපාලන කටයුතු වෙනුවෙන් බදුල්ල හාලිඇල ආසනයේ විවිධ කටයුතු වෙනුවෙන් කාර්යාංශයේ මුදල් වියදම්කර තිබෙනවා. එම මුදල රුපියල් මිලියන 159කට අධිකයි. එවැනි මුදලක් පාඩු කළ ඇමතිවරයා එෆ්.සී.අයි.ඞීයට හෝ සී.අයි.ඞී.යට කැඳවලා නැහැ. ඔහු විපක්‍ෂයේ මන්තී‍්‍රවරයෙක් වුණානම් ඔහුට එරෙහිව පරීක්‍ෂණ කරනවා. නමුත් ආණ්ඩුවේ ඇමතිවරයෙක් වූ නිසා මෙම දුෂණයන්ට කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගන්නේ නැහැ.
විදේශිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් විදේශගත ශ‍්‍රමිකයන් විසින් ලබාදුන් අරමුදල් තමයි මේ විදිහට නාස්ති කරලා තිබෙන්නේ. රටවිරු ටැලන්ට් ස්ටාර් වෙනුවෙන් රු. මිලියන 134ක්, සංගීත වැඩමුළුවක් සඳහා රු. ලක්‍ෂ 10ක්, ආදි ශිෂ්‍ය සංගමයක් සඳහා කරන මූල්‍ය පරිත්‍යාග ලෙස රු. ලක්‍ෂ 10ක්, ජනාධිපතිවරණ කාල සීමාව තුළදී බදුල්ල හා මොනරාගල දිස්ති‍්‍රක්කවලදී 2014 දෙසැ. 01 සිට 2015 ජන. 31 දක්වා ඡන්ද ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් රු. ලක්‍ෂ 94ක් වැයකොට තිබෙනවා. ඒවගේම ඩිලාන් පෙර්රා රේඛීය අමාත්‍යවරයා ලෙස ඉටුකළ සේවය ඇගයීමක් වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු සඳහා රු. 2,265,000ක් 2014 අපේ‍්‍රල් 19 වැනි දින බදුල්ල බක්මහ උළෙල වෙනුවෙන් රු. ලක්‍ෂ 24ක්, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා 2014 ජූනි 23 බදුල්ලට පැමිණීමේ පිළිගැනීමේ උත්සවය සඳහා රු. ලක්‍ෂ 10ක්, ජාත්‍යන්තර කම්කරු දින පෙළපාලි රැස්වීම් සඳහා කොඩි ප‍්‍රදර්ශනයට රු. 615,000ක්, 2014 නොවැ. 08 දින ජනාධිපති මන්දිරයේ පැවති උත්සවයක ආහාර නවාතැන්, ප‍්‍රවාහන වියදම් වෙනුවෙන් රු. ලක්‍ෂ 38ක්, වැයකොට තිබෙනවා. ඩිලාන් පෙරේරා පදනම සංවිධානය කළ බදුල්ල පොසොන් කලාපය වෙනුවෙන් තවත් රු. ලක්‍ෂ 10ක් වැයකොට තිබෙනවා. එම වියදම්වල එකතුව රු.ලක්‍ෂ 1597කට වැඩියි.
ඒ වගේම මතබේදයට තුඩුදුන් තවත් විදයම් ප‍්‍රමාණයක් විගණන වාර්තාවේ සඳහන් වෙනවා. 2014.04.27 සහ 29 දිනවලදී ගම්පහ සහ කොළඹදී පැවැත්වුණු පා ගමනක් යැයි සඳහන් කරමින් ආහාර පාන සැපයීම සඳහා රු. 2,854,000ක්ද ටීෂර්ට් හා තොප්පි මිලදී ගැනීම වෙනුවෙන් 3627,000ක්ද සහ තවත් වියදම් වෙනුවෙන් රු. ලක්‍ෂ 7,406,304ක් රටවිරු සුභසාධන අරමුදලින් පෞද්ගලික ආයතනයකට ගෙවා තිබෙනවා. ගම්පහ පා ගමනට ආහාර ලබාගෙන තිබෙන්නේ බදුල්ලේ රාවනා ඇල්ල ෆුඞ් ඇන්ඞ් කේටර්ස් කියන ආතයනයෙන්. අපිට තියෙන ප‍්‍රශ්නය ගම්පහ තියෙන පා ගමනකට බදුල්ලෙන් කෑම ගේන්නේ ඇයි කියන එකයි. ආහාර සැපයුම් ආයතනයේ සැපයුම් ආයතනයේ රංජිත් කාරියවසම්ගේ ප‍්‍රකාශයට අනුව පැහැදිලි වෙනාව පා ගමනක් පැවැත්විලා නැහැ කියලා. ඉන්වොයිස් එකක් ඉදිරිපත් කරලා මුදල් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මතවාදයට ලක්වුණු සිරිලිය ගිණුමට රු. මිලියන 2ක් ලබාදෙන්න කියලා පාලන අධ්‍යක්‍ෂ සුසිල් රණසිංහ මහතා රාවණා ඇල්ල ෆුඞ් ඇන්ඞ් කේටර්ස් ආයනයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ලබාදුන් චෙක්පත ඩිලාන් පෙරේරා පදනමට බැරකරගෙන තිබෙනවා. එම චෙක්පත ලබාගෙන තිබෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නැවත ගෙවීමේ පදනම මතයි. ඩිලාන් පෙරේරා සිරිලිය ගිණුමට වැඩක් දීලා තමන්ගේ පදනමට මුදල් දාගෙන තිබෙනවා.
ඩිලාන් පෙරේරා විෂය භාර ඇමතිවරයා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් මුළුමනින්ම දේශපාලනික කටයුතුවලට යොදවලා තිබෙනවා. ඒ අනුව පරිපාලන අධ්‍යක්‍ෂ සුසිල් රණසිංහගේ ඉල්ලීම පරිදි තේ කොල ලබාදීම වෙනුවෙන් රු. 1,980ක් 2014.10.03 සිට 2014.10.05 දක්වා ඇමතිවරයාගේ නිවසේ පැවති දේශපාලන රැස්වීමේ ආහාර බිල්පත වෙනුවෙන් රු. 37,750ක් 2014 පැවති ඌව පලාත් සභාවේ ඡන්ද විමසීමේ ප‍්‍රචාරක රැස්වීමට ලබාදුන් ආහාර සඳහා ණය බිල්පත පියවීමට රු. 61,500ක්, 2014.12.03 හාලිඇල පැවති දේශපාලන රැස්වීමක කිරි පැකට් හා බනිස් වෙනුවෙන් රු. 20,000ක් ඇමතිතුමාගේ හිතවතෙකුගේ මළ ගෙදර වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ ලබාදීමට රු. 5011ක් සහ රු. 2110ක් මුදල් වැයකොට තිබෙනවා. ඇමතිතුමාගේ හිතවතාගේ මළ ගෙදරටත් දීලා තිබෙන්නේ විදේශ සේවා නියක්ති කාර්යාංශයේ මුදල. මොකක්ද මේ හිඟන දේශපානය මේ වෙනුවෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගැනීම බරපතල කාරණයක්.
විදේශගත ශී‍්‍ර ලාංකිකයන්ගේ අරමුදල් මේ විදිහට නාස්ති කිරීම ගැන අපි විවිධ අවස්ථාවලදී කතා කොට තිබෙනවා. දැන් පැහැදිලිවම සාක්‍ෂි සහිතව විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කොට තිබෙනවා. කි‍්‍රයාමාර්ග නොගැනීමට ප‍්‍රධාන හේතුව ඔහු මේ ආණ්ඩුවෙත් ඇමතිවරයෙක් වීමයි. මෙම ගනුදෙනුවට අදාල නිලධාරින් ඇමතිතුමා එක්ක වෙන ආයතනවල වැඩ කරනවා. වංචාකාරයින් හැමදාම ආණ්ඩුව පැත්තේ නම් ඔවුන් ආරක්‍ෂා වෙනවා. විදේශගතවන ශී‍්‍ර ලාංකිකයින් තමන්ගේ ගේ උගස් කරලා මාල වළලූ උගස් කරලා කාර්යාංශයට ගෙවපු සල්ලි තමයි මේ විදිහට නාස්ති කරන්නේ. මැද පෙරදිග යන සියලූ දෙනාගෙන් 17,000 ගානේ කාර්යාංශයෙන් අයකර ගන්නවා. කොරියාවේ සේවය කරලා නිවාඩුවකට ලංකාවට ඇවිත් කොරියාවේම වෙන රැකියාවකට යන ශී‍්‍ර ලාංකකයින්ගෙන් අමතරව රු. 10,000ක ගාස්තුවක් අයකර ගන්නවා. ඒ විතරක් නෙවෙයි, විදේශ රැකියාවකට යන සෑම පුද්ගලයෙක්ම ගුවන්ගත වීමේ ගාස්තු වශයේන ඩොලර් 50ක් අයකන්න ආණ්ඩුව තීරණය කරලා තිබෙනවා. මේ විදිහට අයකර ගන්න මුදල් තමයි මේ විෂය භාර ඇමතිවරු අවභාවිත කොට තිබෙන්නේ. ඒ නිසා වර්තමාන විෂය භාර ඇතිතුමියට අපි අවධාරණය කරනවා මුදල් ගසා කාපු වංචාකාරයින් හංගන්න උත්සාහ කරන්නේ නැතිව හොරුන්ට කි‍්‍රයාත්මක කළ යුතු නීතිය කි‍්‍රයාත්මක කරන්න කියලා.
විදේශගත ශ‍්‍රමිකයින්ට විශ‍්‍රාම වැටුපක්
ඒ වගේම එතෙර අපි සංවිධානය විදිහට අපි ආණ්ඩුවට යෝජනාවක් කළා විදේශගත ශ‍්‍රමිකයින්ට විශ‍්‍රාම වැටුපක් ලබාදීමට අරමුදලක් පිහිටුවන්න කියලා. රජයේ සේවකයින්ට විශ‍්‍රාම වැටුපක් තිබෙනවා. පුද්ගලික අංශයේ සේවකයින්ට සේවය අවසන් වන විට යම් දීමනාවක් අතට ලැබෙනවා. නමුත් වසර 15-20ක් පිට රටක සේවය කරලා එන්න වෙන්නේ හිස් අතින්. මීට පෙර ආණ්ඩුව කිව්වා කුවේට් වන්දි අරමුදලේ ඉතිරි වී තිබෙන රු. බිලියන 4ක මුදල විශ‍්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් යොදවනවා කියලා. නමුත් මේ වනතෙක් කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. ඒවගේම විශ‍්‍රාම වැටුපක් ලබාදීමට කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව සකස්කරලා නැහැ. අපි යෝජනා කරන්නේ සේවකයින්ගේ දායක අරමුදලක් අයකරගෙන රජය වැඩි පංගුවක් දරලා විශ‍්‍රාම වැටුප් අරමුදලක් හදන්න කියලා. පසුගිය අයවැයෙන් යෝජනාවක් හැටියට ඉදිරිපත් වුණත් ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ආණ්ඩුවෙන් අරගෙන නැහැ. ජනතාව රවට්ටන්නේ නැතිව විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් හදන්න කියලයි අපි ආණ්ඩුවට කියන්නේ.
ඒ වගේම මැද පෙරදිග ගෘහ සේවයට මුවා වෙලා මහා පරිමාණ මිනිස් ජාවාරමක් සිදුවෙනවා. ඒජන්සිකරුවන් මෙම ජාවාරමේ නිරත වෙලා ඉන්නවා. ඩුබායිවල තිබෙන අල්ඒන් කියන ආයතනයක් විසින් දැනටමත් එම මිනිස් ජාවාරම සිදුවෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ ගැන කිසිදු විමර්ශනයක් කරලා නැහැ. කාන්තාවන්ට රු. ලක්‍ෂ 2ක් ගෙවලා සංචාරක වීසා මගින් මැද පෙරදිගට රැගෙන ගොස් එහි සිටින ගැනුම්කරුවන්ට ලක්‍ෂ 6 සිට මුදලකට එම කාන්තාවන් අලෙවි කරනවා. වසර දෙකකට මුදල් ගෙවා ලබාගන්නා එම කාන්තාවන් ඉන් පසුව තානාපති කාර්යාලවලට ගෙනත් දානවා. ඉන් පසු ඔවුන් විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔවුන් පිළිබඳව කිිසිදු වගකීමක් ගන්නේ නැහැ. ඒ නිසා මේ සම්බන්ධව යම් නීත්‍යානුකූල වැඩපිළිවෙලක් සකස් කොට මෙම ජාවාරම නැවැත්වීමට ආණ්ඩුවෙන් කි‍්‍රයාමාර්ග ගත යුතුයි.
වහල් සේවයට අපේ රටේ කාන්තාවන් යවන එක නවත්වන්න
ඒ වගේම අපි ආණ්ඩුවට අවධාරණය කරනවා වහාම මැද පෙරදිග වහල් සේවයට අපේ රටේ කාන්තාවන් යවන එක නවත්වන්න කියලා. එක පාර කරන්න බැරි වුණත් පළමු අදියරේදී සෞදි අරාබියට,ජෝර්දානයට, කුවේටයට ගෘහ සේවයට යවන එක නතර කරන්න. ගෘහ සේවිකාවන් යැවීම රටට කරන අවමානයක්. වෘත්තීමය රැකියාවලට යැව්වට කමක් නැහැ. නමුත් වහල් සේවයට යවන්න එපා. එම රටවල වෘත්තීය මට්ටමේ සේවය කරන පුද්ගලයින්ටත් මේ නිසා අගෞරවයක් ඇති වෙනවා. එම රටවල්වල සේවය කරන ඉංජිනේරුවන්ගෙන්, වෛද්‍යවරුන්ගෙන්, තානාපතිවරයාගෙන් පවා ගෙදර වැඩට කාන්තාවක් ගෙනත් දෙන්නයි කියලා ඉල්ලන්නේ. නමුත් අපිට කුසලතාවයක් සහිත පුහුණු වෘත්තිකයින් විදේශ රටවල රැකියාවලට යවන්න පුළුවන්. ගුරුවරියන්, හෙදියන් ඇඳුම් මසන්නන් ලෙස තාක්‍ෂණික විද්‍යාලවලින්, විද්‍යාපීඨවලින් උපාධි සහතිකයක් හෝ ඩිප්ලෝමා සහතිකයක් සහිතව ඔවුන් රැකියාවලට යවන්න පුළුවන්. එවිට ඔවුන්ට පිළිගැනීමක් ලැබෙනවා. ලංකාවේ දක්‍ෂ ශ‍්‍රමිකයන් ඉන්නවා. නමුත් ඔවුන්ගේ ශ‍්‍රමිකකම්වලට සරිලන සහතිකයක් ලබාදෙන්න ආණ්ඩුවට බැරිවෙලා තිබෙනවා. මෙම මැදපෙරදිග වහල් සේවය නිසා අපේ රටේ කාන්තාවන් ලිංගික අතවරවලට, මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා එය වහාම නතර කළ යුතුයි. විදේශ සේවා නියක්ති කාර්යාංශයේ දිස්ති‍්‍රක් කාර්යාලවලින් වෘත්තීය හැකියාවක් තිබෙන අය ලියා පදිංචි කරගන්න පුළුවන් ඉන් පසුව ඔවුන්ට වෘත්තීයභාවය ලබාදෙන්න වැඩපිළිවෙළක් හදන්න පුළුවන්. මේක රට වෙනුවෙන් කරන ඉල්ලීමක්.
විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ට ඡන්ද අයිතිය
ඒ වගේම අපේ යෝජනාවක් අනුව විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබාදීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. එම කාරක සභාවට මේ වනවිට මහින්ද දේශපි‍්‍රය මහත්තයා, විදේශ අමාත්‍ය ලේකම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලේකම්, ආගමන විගමන පාලක, ඇතුළු නිලධාරින් ගෙන්වලා සාකච්ඡුා කළා. එහි ප‍්‍රතිඵලයක් විදිහට ඊළඟ පැවැත්වෙන ජාතික මැතිවරණයකදී විදේශගත ශී‍්‍රලාංකිකයින්ට ඡුන්දය ලබාදීමට වැඩ පිළිවෙළක් සකස් කරනවා. මේ මගින් රටට විශාල විදේශ විනිමයක් එවන ශ‍්‍රමිකයින්ට තමන්ගේ මහජන නියෝජිතයින් පත්කර ගැනීමට අවස්ථාවක් උදාකර ගන්න පුළුවන්. විෂය භාර ඇමතිවරියට කියනවා දේශපාලනීකරණකින් තොරව මෙම තේරීම් කාරක සභාව හසුරුවලා අනාගතයටත් බලපාන විදිහට ඡන්ද අයිතිය ලබාදීමට කටයුතු කරන්න කියලා.
විදේශ විනිමය ප‍්‍රමාණයට සාපේක්‍ෂව තීරු බදු සහනයක්
ඊළඟට විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ තවත් ඉල්ලීමක් වන්නේ ඔවුන් රටට එවන විදේශ විනිමය ප‍්‍රමාණයට සාපේක්‍ෂව තීරු බදු සහනයක් ලබාදෙන්න කියන එක. එම තීරු බදු සහනය පාවිච්චි කරලා ඔවුන් නැවත ලංකාවට එන විට ඔවුන්ගේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා ස්වයං රැකියා කටයුත්තත් සඳහා අවශ්‍ය උපකරණ, වාහන, ගෙන්වා ගැනීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඇමතිවරුන්ට 100%ක තීරු බදු සහන දීලා ගෙන්වන වාහනය විකුණා ගන්නත් ඉඩ දීලා තිබෙන තත්වයක විදේශගත වෙලා රැකියා කරන ශී‍්‍ර ලාංකිකයින්ට මෙම සහනය ලබාදීම ඉතාම වැදගත්. ඒ වගේම විදේශගත ශ‍්‍රමිකයින් ලංකාවට පැමිණෙන විට ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරු බදු සහනය දින කිහිපයක් ඇතුළතදී ලබාගත හැකි වන පරිදි රටේ ප‍්‍රධාන දිස්ති‍්‍රක්ක කිහිපයකදී හෝ තීරු බදු සහන සාප්පු විවෘත තරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.
ඒවගේම විදේශගත වෙලා ඉඳලා ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ දරුවන් ලංකාවේ පාසැලකට ඇතුළත් කර ගැනීමට විශාල බාධා ප‍්‍රමාණයක් උද්ගත වෙලා තිබෙනවා. එම දුෂ්කරතා මගහරවා ගැනීමට එක දිස්ති‍්‍රක්කයක ඒක පාසැලක් තෝරාගෙන පංති කාමරයක් වෙන් කරන්න වැඩපිළිවෙළක් හදන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා. දැනට හමුදා නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට, රාජ්‍ය සේවයේ ස්ථාන මාරු ලැබෙන නිළධාරීන්ට එම අවස්ථාව උදාකර දී තිබෙනවා. එම නිසා විදේශ රටවල වසර ගණනාවක් වැඩ කරලා නැවත ලංකාවට එන ශී‍්‍ර ලාංකිකයින් වෙනුවෙන් මෙම සහනය ලබාදෙන්න වැඩපිළිවෙලක් හදන්න කියලා ආණ්ඩුවට යෝජනා කරනවා.
මේ වනවිටත් එතෙර අපි සංවිධානය රටේ ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ශී‍්‍ර ලාංකිකයින්ගේ එකමුතුව ගොඩනැගීම වෙනුවේ විේදශ රටවල්වල වැඩසටහන් ගණනාවක් කි‍්‍රයාත්මක කොට තිබෙනවා. ඒවගේම සෞඛ්‍ය සේවා කඳවුරු ඇතුළු සුභසාධනය සඳහා කි‍්‍රයාමාර්ග ගනිමින් ඉන්නවා. ඒවගේම ඔවුන්ට විශ‍්‍රාම වැටුපක් ලබාගැනීම, ළමුන් පාසැල්වලට ඇතුළත් කර ගැනීම, තීරු බදු සහනයක් ලබා ගැනීම, අවම මූලික වැටුපක් සකස් කර ගැනීම ඇතුළු ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් අප පවත්වන සමුළු සඳහා සහභාගි වන ලෙස විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ට අපි විවෘත ආරාධනාවක් කරනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.