උතුරු මැද, සබරගමු සහ නැඟෙනහිර පළාත් සභා මැතිවරණ යෝජිත පළාත්
පාලන මැතිවරණයට පෙර පවත්වන්නට ජනාධිපති තීරණය කර තිබේ. ඒ අනුව පළාත්පාලන මැතිවරණ පැවැත්වෙන්නේ ඊට
පසුවය.හම්බන්තොට වරාය ප්රශ්නය දේශපාලන තලය උණුසුම් කරමින් ඉදිරියටම
ඇදී යමින් පවතී. හම්බන්තොට වරාය චීනයට බදු නොදෙන්නේ නම් රට පවත්වාගෙන යැමට
මුදල් නොමැති බව කියන්නේ ආණ්ඩුවේම ඉහළ නිලධාරීන්ය. මෙය බරපතළ
ගැටලුවකි. හම්බන්තොට වරාය චීනයට ලබාදී ලැබෙන මුදල් අවසන් වන
විට ඊළඟට විකුණන්නට දෙයක් සොයා ගත යුතුවේ. මේ ආකාරයට රටේ
සම්පත් විකුණනවා වෙනුවට නිසි ආර්ථික වැඩපිළිවෙළක් ආණ්ඩුව
වහාම සොයාගත යුතුය.
මතභේදයට තුඩුදී තිබෙන හම්බන්තොට වරාය චීනයට
බදු දීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම තාවකාලිකව
අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මේ සම්බන්ධව සොයා
බැලීමට පත්කරන ලද කැබිනට් අනුකමිටුවේ වාර්තාව තවමත් ලැබී නැති
බැවින් එම වාර්තාව ලැබෙනතෙක් මෙම අත්හිටුවීම සිදු කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ
කැබිනට් මණ්ඩල රැස්වීමේදී හම්බන්තොට වරාය චීන සමාගමකට බදු
දීමේ ගිවිසුම සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. වරාය
සම්බන්ධයෙන් ප්‍රශ්න ඇත්නම් අදාළ කැබිනට් අනු කමිටුවේ
සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා
ඇමැතිවරුන්ට පවසා තිබේ.
හම්බන්තොට වරාය චීනයට බදු නොදෙන්නේ නම් රට පවත්වාගෙන යැමට
මුදල් නොමැති බව කියන්නේ ආණ්ඩුවේම ඉහළ නිලධාරීන්ය. මෙය බරපතළ
ගැටලුවකි. හම්බන්තොට වරාය චීනයට ලබාදී ලැබෙන මුදල් අවසන් වන
විට ඊළඟට විකුණන්නට දෙයක් සොයා ගත යුතුවේ. මේ ආකාරයට රටේ
සම්පත් විකුණනවා වෙනුවට නිසි ආර්ථික වැඩපිළිවෙළක් ආණ්ඩුව
වහාම සොයාගත යුතුය. රටේ ආර්ථික තත්ත්වය එන්න එන්නටම පහත
වැටෙමින් පවතී. මේ වන විට ඩොලරය ඉහළ යමින් පවතී. රජයේ බැංකුවක
වත්කම්, රාජ්‍ය ආයතන කීපයක තැන්පතු රජයේ ආදායම් ලෙස ජාත්‍යන්තර
මුල්‍ය අරමුදලට පෙන්වා ඇති බවට චෝදනා එල්ලවී තිබේ. මෙය අතිශය
බරපතළ තත්ත්වයක් වන්නේ මේ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති
විශ්වාසය බිඳවැටීමත් රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ලබාදී ඇති
වැරදි දත්ත නිසා ආර්ථිකයේ සැබෑ ස්වරූපය පෙන්නුම් නොකිරීමත්
නිසාය.
චීන ආධාර මත ඉදිකෙරෙන කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මුල්
අදියර මුදල ලබාදීම ප්‍රමාද වී තිබේ. හම්බන්තොට අත්සන් කළ විට
ණය බර අඩුවී තවත් ණය ලබා ගැනීමට ආණ්ඩුවට අවස්ථාව සැලසේ. මේ
නිසා මහා පරිමාණ නව ව්‍යාපෘති කීපයක් ආරම්භ කරන්නටත් ඒ යටතේ
පුද්ගලිකව වාසි ලබා ගන්නටත් ඇතැම් ඇමැතිවරු සූදානමින් සිටින බව
පැවසේ. අනෙක් අතට ආණ්ඩුව පවසන පරිදි රටේ ණය බර අඩුකර ගන්නට
හම්බන්තොට වරාය බදු දෙන්නේ නම් තවත් ණය ලබාගෙන ඒ ණය වැඩිකර
ගන්නට ආණ්ඩුව ගන්නා උත්සාහය තේරුම් ගැනීම අපහසුය.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මැයි මස ශ්‍රී ලංකාවේ සංචාරයක
නිරත වීමට නියමිතය. ඔහු මැයි මස 12-14 දිනවල ශ්‍රී ලංකාවේ
සංචාරය කරන බව සඳහන්ය. ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා ඔහු
මෙරටට පැමිණෙන බව සඳහන්ය. හම්බන්තොට වරාය ප්රශ්නය, ඉක්ටා
ගිවිසුම ආදී කරුණු හේතුවෙන් නරේන්ද්‍ර මෝඩිගේ ශ්‍රී ලංකා
සංචාරය දෙරටටම අතිශය වැදගත්ය.
මේ වන විට මෙවර මැයි දිනය සඳහා ප්‍රධාන පක්ෂ සූදානම් වෙමින්
සිටිතී. පොදු විපක්ෂයේ මැයි රැලිය මැයි 01 දා ගාලු මුවදොර
පිටියේදී පැවැත්වේ. ප්‍රධාන මැයි රැලියක් ගාලු මුවදොර පිටියේ
පැවැත්වෙන්නේ අවුරුදු 25 කට පසුවය. එදා අවසන් වරට මැයි
රැලියක් ගාලු මුවදොර පැවැත් වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයාය.
එහෙත් එදා ඔහුට මැයි රැලියට සහභාගිවන්නට ඉඩ ලැබුණේ නැත.
හම්බන්තොට වරාය, ජලය, විදුලිය. ඛනිජ තෙල් ඇතුළු සියලු රාජ්‍ය
සම්පත් විදේශිකයන් ඇතුළු තම හිතවතුන්ට කුණු කොල්ලයට විකිණීමේ
වැඩපිළිවෙළ පරාජය කිරීම, බදුපිට බදු දුප්පත් කම්කරු ජනතාව වෙත
පටවමින් තම දේශපාලන හෙන්චයියන්ට කෝටි ගණන් මුදල් හම්බකර ගැනීමට
ඉඩ සලසමින් මහ බැංකුවේ සිදු වූ මහා දවල් හොරකම වැනි දූෂණයන්ට
විරුද්ධවත්, ගොවියා කම්කරුවා ඇතුළු නිර්ධන පන්තියේ ජනතාවට එල්ල
කරන පීඩනයට විරුද්ධවත්, රාජ්‍ය සේවයේ ගරුත්වය කෙළෙසමින් රාජ්‍ය
සේවාවේ කප්පාදුවට විරුද්ධවත් මෙම මැයි රැලිය සංවිධානය කරන බව
පොදු විපක්ෂය පවසයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොදු
විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදු ජන
පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ජාතික
නිදහස් පෙරමුණ, ඇතුළු පක්ෂ ගණනාවක්ම මෙන්ම ඒවාට සම්බන්ධ
සියලු ම වෘත්තීය සමිති හා සංවිධාන එකමුතුව මීට සහභාගි වන්නට
නියමිතය.
කැබිනට් මණ්ඩල සංශෝධනය යළිත් කල් ගොස් තිබේ. එය සිංහල
අවුරුද්දෙන් පසුව සිදුකෙරෙන බව සඳහන්ය. මෙවර ඇමැති මණ්ඩල
සංශෝධනයේදී දැනට එජාප ඇමැතිවරුන් දරන ඇමැති ධුර කිසිසේත්ම
ශ්‍රීලනිපයට ලබා නොදිය යුතු බවට එජාපයේ මැති ඇමැතිවරුන් විසින්
අගමැති රනිල් වික්‍රමසිංහට දැඩිව අවධාරණය කර තිබේ.
එජාප ඇමැතිවරුන්ගේ ඇමැති ධුර වෙනස් කළ යුත්තේ එජාප ඇමැතිවරුන්
අතර පමණක් බවත් පෙන්වා දී ඇති ඔවුන් එසේ නොවුණ හොත් එජා
පාක්ෂිකයන් කලකිරෙන බව ඔවුහු පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් මේ මන්ත්‍රීවරු මෙහෙයවන්නේ ඇමැති ධුර අහිමි වෙතැයි
බියෙන් සිටින පිරිස් බවද සඳහන්ය. කෙසේ වෙතත් දූෂණ චෝදනා ඇති
ඇමැතිවරුන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට ජනාධිපතිවරයා ගෙන ඇති
තීරණයේ වෙනසක් නොමැති බව පැවසේ. අනෙක් අතට කැබිනට් මණ්ඩලයට
සුදුස්සන් තෝරා ගැනීම ජනාධිපතිවරයා සතු බලයක් මෙන්ම
අයිතියක් ද වෙයි. අනෙක් අතට වසර දෙකකට අධික කාලයක් තිස්සේ
වර්තමාන ඇමැතිවරුන් සිදුකළ කාර්යයන් අනුව ජනාධිපතිවරයා ගන්නා ඍජු තීරණයකට රටේ ජනතාව විරුද්ධ නොවනු ඇත.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරය ඇතුළු ප්‍රධාන
තනතුරු කිහිපයකම වෙනස්කම් ගණනාවක් ලබන අප්‍රේල් 05 වැනිදා
පැවැත්වීමට නියමිත පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී
සිදු කෙරේ.
ඒ අනුව එජාප නියෝජ්‍ය නායක තනතුරු සංඛ්‍යාව තුන දක්වා වැඩි
කෙරෙන අතර, ඊට සුළු ජාතික නියෝජනයක් ද එක් කෙරේ. ඉදිරියේදී
පැවැත්වීමට නියමිත උතුරු මැද, සබරගමුව, නැඟෙනහිර යන පළාත් සභා
ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනාට පැවරේ.
ඊට අමතරව එජාපයට එක් වූ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ්
මාර්ෂල් සරත් ෆොන්සේකාට මෙන්ම 1989 දී ප්‍රථම වරට
පාර්ලිමේන්තුවට තේරී පත් වූ වත්මන් ඇමැතිවරයකුට ද එජාප උපනායක
ධුර හිමිවනු ඇතැයි ද පැවසේ.
එජාප මහ ලේකම් ධුරයට තරුණ කැබිනට් ඇමැතිවරයකු පත් කරන්නට ද
නියමිත බව පැවසේ. එජාප තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණේ
සහ කාන්තා සංවිධානය වන ලක් වනිතා සංවිධානයේ සභාපති ධුර එලෙසම
පවතී. මේ අතර මේ වෙනස්කම්වලට එජාපයේ ඇතැම් පාර්ශව කිසිදු
කැමැත්තක් නොමැති බව සඳහන්ය. මේ වෙනස්කම් එක්සත් ජාතික
පක්ෂයේ තවත් ප්‍රධාන පාර්ශවයක බලය සීමා කිරීම සඳහා සිදුකරන
වෙනස්වීමක් බවටද ඇතැමුන් චෝදනා කරති.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක යළිත් එම පක්ෂයට සම්බන්ධ කරගැනීම සඳහා එම පක්ෂයේ ඇතැම්
පිරිස් කටයුතු කරමින් සිටිති. ඔහු සතු දැනුම හා පළපුරුද්ද
ප්‍රයෝජනයට ගැනීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ
තනතුරක් ඇති කොට ඔහු වෙත වගකීම් භාර දෙන්නට නියමිතය. ඔහුට
නැවත පෙර තනතුරම ලබාදෙන්නට ඇතැම් පිරිස් යෝජනා කර ඇතත්
ප්‍රබලයන් කීපදෙනකු ඊට විරෝධය දක්වා තිබේ.
මේ අතර බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් අත්අඩංගුවට
ගැනීමට එරෙහිව රට පුරා විරෝධය පළවී තිබේ. එල්ටීටීඊ සංවිධානයට
එරෙහිව සටන් කළ රණවිරුවන්ට් කිසියම් ගැටලුවක් මතුවන්නේ නම්
ඔවුන් ආරක්ෂා කිරීම පිණිස කැපවන බව ජනාධිපති පසුගියදා කුරුණෑගල පැවති උත්සව සභාවක් අමතා පවසා
තිබේ.
එහෙත් යුද්ධයෙන් පරිබාහිරව, ජාතික ආරක්ෂාව හා කිසිදු
සම්බන්ධයක් නැති අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් කවර අංශයක සේවය
කළ ද ඔවුන් ආරක්ෂා කිරීමට තමන්ට හැකියාවක් නැති බවද
ජනාධිපතිවරයා පවසා ඇත.
2016 නව ඡන්ද හිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික්ක දෙකක
පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව වෙනස් වී ඇතැයි මැතිවරණ කොමිසම
පවසයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු
මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 සිට 7 දක්වාත් බදුල්ල
දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 සිට 8 දක්වාත්
සංශෝධනය වී තිබෙන බව මැතිවරණ කොමිසම කියයි. අනෙකුත්
දිස්ත්‍රික්කවල දැනට පවතින මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙහි වෙනසක්
වී නැත.
ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටි මන්ත්‍රී විමල් වීරවංශ සිය උපවාසය අත්හැර තිබේ. විමල් වීරවංශ මහතා බන්ධනාගාරගතව සිටිය
දී පසුගිය මාර්තු 21 වැනිදා උපවාසය ආරම්භ කළේය. ජාතික රෝහලට
පැමිණි මැදගොඩ අභයතිස්ස, කිරම විමලජෝති ඇතුළු හිමිවරු
පිරිසක් වීරවංශ මහතාගෙන් උපවාසය නවත්වන ලෙස ඉල්ලා ඇති අතර
පසුව කිරි වීදුරුවක් පානය කොට ඔහු උපවාසය අත්හැර තිබේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක නාපානේ පේමසිරි, මල්වතු
පාර්ශවයේ අනු නායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් ඇතුළු තවත්
නා හිමිවරු කිහිප දෙනෙක් ද විමල් වීරවංශට උපවාසය අත්හරින
ලෙස ලිතව දැනුම් දී ඇත.
ජනිත සෙනෙවිරත්න
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, March 31, 2017
රට යන අත.....!!!
Posted by
lankanews
at
March 31, 2017
Labels: mahinda government, mayithi, ranil wickramasinge, ravi karunanayke, srilanka political corruptions, yahapaalanaya
රට යන අත.....!!!
2017-03-31T07:33:00+02:00
lankanews
mahinda government|mayithi|ranil wickramasinge|ravi karunanayke|srilanka political corruptions|yahapaalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
