( මාර්තු 4) දින පස්වරුවේ පැවති“වියත්මග” වාර්ෂික මහා සමුළුව,
වර්තමානයේ අප රට හමුවේ ඇති විෂය ක්ෂේත්රයන් දහයක් පිළිබඳ සාකච්ඡාවක් සහිත
ඉතා සුවිශේෂී වූ මහා සමුළුවක් බවට පත් වුනු බව ඊට සහභාගී වූ සැමට දැනුනේ
එහි ආරම්භයේ සිටය. එහි කථිකයින් අතුරින් සෞඛ්‍ය ක්ශේත්‍රය පිළිබඳව දේශණය
සිදුකල විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොලගේ කථාව මුළු “වියත්මග” සභාවම
තුෂ්ණිම්භූත කිරීමට සමත් විය.
මේ උත්සවය සඳහා සාටක සුණඛ බැසිලාද සහභාගීවී සිටිනු දක්නා ලදී. Video
මේ රටේ වෘත්තිකයින් තුලින් වූ අඩුපාඩු
මෙන්ම වෘත්තිකයින්ගේ සැබෑ කාර්යභාරය පිළිබඳවත්, දේශපාලන අධිකාරිය හා
වෘත්තිකයින් නොගැටී නොඇලී යා යුතු ආකාරයත් ඇය ඉතා නිර්භයව සමුළුව හමුවේ
ප්‍රකාශ කරණු ලැබිණ.
සහභාගී වූවන්ගේ අත්පොලසන් නදින් කියැවුනේ ඇයගේ
කථාව කෙතරම් ප්‍රායෝගිකද සහ ඒ කතාව තුල ගැබ්ව තිබූ කරුණු කෙතරම දුරට ජාතික
අවශ්‍යතාවයක් වී ඇත්ද යන්න වාර්තා කරුවන්ද
සදහන් කලේය.