විකිණීමෙන්
රුපියල් මිලියන විස්සක් වංචා කළ බවට උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති
නඩුවේදී සාක්කි දුන් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් ඊයේ (01)
කොළඹ මහාධිකරණයේදී පැවසීය. ෂෑන් ඒෂියා බැංකුව වෙත ඉදිරිපත් කර ඇති ව්‍යාජ
ඇටෝනි බලපත්‍රයේ යොදා ඇති අත්සන් තමන්ගේ හෝ තම බිරියගේ නොවන බවට තමාට සහතික
කර පැවසිය හැකි බවත් බ්‍රයන් ෂැඩික් පැවසීය.
මේ කොටස්
විකිණීම සිදු කර ඇත්තේ සිඩ්නි ජයසිංහ නොව ඇටෝනි බලපත්‍රයක් මගින් එය උදය
ගම්මන්පිල විසින් සිදු කර ඇති බව තම පැමිණිල්ල පිළිබඳ පරීක්ෂණ සිදු කළ එස්.
අයි. යූ. අංශය තමාට දන්වා සිටි බව ද බ්‍රයන් ෂැඩික් ඊයේ (01) පැවසීය.
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ ඉදිරියේ ඊයේ (01) සාක්කි
දෙමින් බ්‍රයන් ෂැඩික් එසේ පැවසීය.
නඩුවේ පළමු හා
දෙවන සාක්කිකරුවන් වූ ඩිජිටල් නොමිනිස් පුද්ගලික සමාගමේ හිමිකරුවන් වූ
බ්‍රයන් ෂැඩික් හා ඔහුගේ බිරිය කොළඹ මහාධිකරණය නිකුත් කළ සිතාසි මත
නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි දීම සඳහා ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණ
ඊයේ (01) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
නඩුවේ
පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායකගේ
මෙහෙයවීම යටතේ බ්‍රයන් ෂැඩික් ඊයේ (01) උදෑසන සාක්කි දීම ආරම්භ කළේය.
සිඩ්නි ජයසිංහගේ පුතෙකුගේ මිතුරකු ලෙස හා හොඳ බෞද්ධයකු ලෙස තමා හඳුනාගත්
උදය ගම්මන්පිල ලංකාවේ වූ මෙටල් රීසයිකල් කලම්බු යන තම සමාගමේ සේවකයකු
ලෙස සේවය කළ බව ද බ්‍රයන් ෂැඩික් පවසා සිටියේ ය. වසර 2000 ජූලි මස 27
හෝ ඊට ආසන්න දිනකදී පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත්කොට ඩිජිටල් නොමිස්
පෞද්ගලික සමාගම නමින් මිලදීගෙන තිබූ ව්‍යාපාර කොටස් විකිණීමෙන් චෝදනා දෙකක්
යටතේ නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිලට එරෙහිව මේ නඩුව පවරා ඇත.
ලංකා දණ්ඩනීති
සංග්‍රහයේ 386 හා 456 වගන්ති යටතේ මෙම නඩුව පවරා ඇත. මෙම නඩුව ඊයේ (01)
කැඳවූ අවස්ථාවේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ඉදිරිපත් කළ මූලික විරෝධතා තුනක් ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ
විනිසුරු ආර්. ගුරුසිංහ මෙම නඩුව විභාගයට ගැනීම නියෝග කළේය.
ඒ අනුව නඩු විභාගය ආරම්භ කරමින් ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් සාක්කි කූඩුවට නැග සාක්කි දීම ආරම්භ කළේය.