ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 7, 2017

කාළකණ්නි නරුම ඵන්.ජී.ඕ හැතිරිය වහා ඉවත් කරනු...!!!

බලෙන් උපත් පාලනය කරවන දඹුල්ලේ වෛද්‍යවරිය ගැන පරීක්‍ෂණ...!!! දරු ප්‍රසූතියෙන් පසුව බලහත්කාරයෙන් උපත් පාලන සැත්කම් සිදු කරන බව කියන දඹුල්ල රෝහලේ වෛද්‍යවරියක සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
මෙම වෛද්‍යවරිය කිසියම් රාජ්‍ය නොවන සංවිධානයක්‌ සමඟ සම්බන්ධ වී කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව සාධාරණ සැකයක්‌ මතුව ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම  පවසයි.
දඹුල්ල රෝහලේදී දරුවන් බිහිකළ මවුවරුන්ට රෝහලෙන් පිටව යැමට නොදී උපත් පාලන සැත්කම් සිදු කර ගන්නා ලෙස බලපෑම් කළ බවට මෙම වෛද්‍යවරියට චෝදනා එල්ලවීම නිසා මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ශාන්ති සමරසිංහගේ මෙහෙයවීමෙන් මූලික පරීක්‍ෂණ ආරම්භ කර ඇත. අදාල වෛද්‍යවරිය ( කාළකණ්නි නරුම හැතිරිය ) දඹුල්ල රෝහලට පැමිණ ඇත්තේ දෙසතියකට පෙර බවත් ඊට පෙර රත්නපුර රෝහලේ සේවය කර ඇති බවත්, එහිදී ද මෙලෙස බලෙන් උපත් පාලන සැත්කම් සඳහා මවුවරුන් යොමු කොට ඇති බවත් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

උපත් පාලන සැත්කමක්‌ සිදු කළ යුත්තේ සැමියා හා බිරිඳගේ කැමැත්ත මත පමණක්‌ බවත් ඊට බලපෑම් කිරීමට කිසිදු වෛද්‍යවරයකුට නොහැකි බවත් බන්දුල යාලේගම අමාත්‍යවරයා කියා සිටියේය.
මෙවැනි වෛද්‍යවරියන්ගේ කටයුතු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අවධානය යොමු විය යුතු බවද, මේ සම්බන්ධයෙන් වන පරීක්‍ෂණයෙන් වෛද්‍යවරිය වැරදිකාරිය වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවශ්‍ය නීතිමය පියවර ගෙන දඬුවම් පමුණුවනු ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.
මධ්‍යම පළාත් සභා මාසික රැස්‌වීමෙන් අනතුරුව ඊයේ (7 දා) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එසේ කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.