නිරායුධ මිනිසුන් අමු අමුවේ ඝාතනය කළ යුගය 2009 මැයි මාසයෙන්
පසුව අවසන් විය. එසේ නමුත් සිය ගණන් අසරණ වැසියන් අමු අමුවේ
මරා දැමූ ත්‍රස්ත යුද අපරාධකරුවන්ට නම් නිසි දඬුවම් ලැබිය
යුතුය.
තවත් යුද අපරාධකරුවකුට වසර 20 ක සිර දඬුවමක් ලැබී ඇත. ජිනීවා
මානව හිමිකම් කවුන්සිලය කනගසබේ දේවදාසන් යුද අපරාධකරුවකු ලෙස
නම් කරන්නේ ද නැද්ද යන්න අපි නොදනිමු. නමුත් 2008 වසරේ
පෙබරවාරි 03 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී
එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් සිදුකළ
ප්‍රහාරයට ආධාර අනුබලදීමේ චෝදනාවට වරදකරු වූ වැල්ලවත්ත
ප්‍රදේශයේ පදිංචිකරුවකු යෑයි කියන නාදන් යෑයි අන්වර්ථ නාමයෙන්
හඳුන්වන යුද අපරාධකරුවාට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ විසින් පෙරේදා (29 දා) බරපතළ වැඩ ඇතිව විසි වසරක සිර
දඬුවමක් නියම කරනු ලැබීය.
එදා 2008 පෙබරවාරි තුන්වැනිදා රටම ත්‍රස්ත භීෂණයට ලක්ව
තිබිණි. ගාලු මුවදොරදී පැවැත්වෙන හැටවන නිදහස් සමරුව
කඩාකප්පල් කිරීම සඳහා කොටි සංවිධානය මහත් වෑයමක් දරන්නට විය.
එනිසා පෙබරවාරි 03 වැනිදා පෙරවරු කාලයේ දෙහිවල සත්වෝද්‍යානයේ
බෝම්බයක් පුපුරා ගිය අතර, සවස 2 ට පමණ මේ නාදන්ගේ උදව්වෙන්
කොටුව දුම්රිය ස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බකාරිය ක්‍රියාත්මක
වූවාය. මෙම බෝම්බයට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ
බේස්බෝල් කණ්ඩායම බිලි විය. ත්‍රිකුණාමලයේ පාසල් සිසුන්
පස්දෙනකු ඝාතනය ගැන කතා කරන මානව හිමිකම් සංවිධාන කොළඹ
කොටුවේදී මරාගෙන මැරෙන බෝම්බයට බිලි වූ ඩී. එස්. සිසුන් ගැන
කතා කරන්නට මැලි වෙති. මෙය කවර කුහකත්වයක් ද? මානව හිමිකම්
හැඳි දෙකකින් බෙදන්නේද?. ජිනීවා මානව හිමිකම් කොමිසමේදී 2008
පෙබරවාරියේ ඝාතනය වූ ඩී. එස්. සිසුන් ගැන කතා කරන්නේ කවරෙකුද?
එහෙත් ත්‍රිකුණාමලයේ සිද්ධිය ගැන නම් අදටත් කතා කරයි.
කොළඹ බෝම්බ අතහැර දමා යුද අපරාධ ගැන සාකච්ඡා කළ හැකිද? කොළඹ
බෝම්බ පිපිරුණේ හමුදා කඳවුරු තුළද? කොටුව දුම්රියපළ හමුදා
නිවස්නයක් ද? නැත.
කොටුව දුම්රිය ස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බයට ඩී. එස්.
සේනානායක විද්‍යාලයේ බේස් බෝල් පුහුණුකරු වූ මාලින්ද
අරුමාදුර, හා රාජරත්නම් රදීෂ්වරන්, සුපුන් හලල්ල, එරංග චතුරංග,
තිවංක තිසේරා, දිනුත් ප්‍රියශංක, කෝලිත වාසලමුදලිගෙ, විමුක්ති
සජාන් යන සිසුන් පිරිස බිලිවිය. මේ ෙ€දවාචකය ගැන 2008 පෙබරවාරි
05 වැනිදා "දිවයින" පුවත්පතේ ලිපියක් පළව තිබූ අතර, එහි
සඳහන්ව තිබුණේ ක්‍රීඩා කණ්ඩායමක වැඩිම පිරිසක් එකට අවසන්
ගමන් ගිය පළමු අවස්ථාව මෙම සිද්ධිය බවයි. මරාගෙන මැරෙන
ප්‍රහාරයට බිලි වූ මේ සිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වූයේ
නැද්ද? මොවුන් වින්දිතයන් නොවේද? සංහිඳියා කොමිසම කොටුවේ
බෝම්බයෙන් මියගිය ඩී. එස්. සිසුන් ගැන කිසිම සඳහනක් කර ඇත්ද?
යුද අපරාධකරුවකු වන නාදන්ට දඬුවම් දීම හරහා හෝ මේ මියගිය
සිසුන්ට යම් සාධාරණයක් ඉටුවීද?
2008 රට තුළ පැවති තත්ත්වය අද බොහෝ දෙනකුට අමතක වීම
කනගාටුදායකය. ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ මෙරට
හමුදාව සටන් කළ බව අප කිසි විටෙක අමතක කළ යුතු නැත. එනිසාම යුද
අපරාධ දංගෙඩියට අපේ රණවිරුවන් ගෙන යැමට සිදුකරන උත්සාහයන්
පරාජය කළ යුතුය. 2008 දී රට තුළ පැවැති මරණයේ භීතිය වසර නමයක්
ගතවෙද්දීම අමතක වුවහොත් මේ ජාතියට අත්වන්නේ කවර ඉරණමක් ද?
අතීතය අමතක කළ හොත් වර්තමානය අඳුරු වී අනාගතය ෙ€දවාචකයක් වනු
ඇත.
නිරායුධ මිනිසුන් අමු අමුවේ ඝාතනය කළ යුගය 2009 මැයි මාසයෙන්
පසුව අවසන් විය. එසේ නමුත් සිය ගණන් අසරණ වැසියන් අමු අමුවේ
මරා දැමූ ත්‍රස්ත යුද අපරාධකරුවන්ට නම් නිසි දඬුවම් ලැබිය
යුතුය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Friday, March 31, 2017
කථා කරපියව් ඒවා යුධ අපරාධ නොවේද...???
Posted by
lankanews
at
March 31, 2017
Labels: Former LTTE arms procurer, Geneva, Geneva Resolution, ltte, ltte bombs, mangala samaraweera, ranil murders, tamil elam, yahapalanaya
කථා කරපියව් ඒවා යුධ අපරාධ නොවේද...???
2017-03-31T21:26:00+02:00
lankanews
Former LTTE arms procurer|Geneva|Geneva Resolution|ltte|ltte bombs|mangala samaraweera|ranil murders|tamil elam|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...