පූජ්‍ය
උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන
යන්ත්‍ර ක්‍රියාත්මකවීමේදි තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව
පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් පවරා තිබුණු නඩුවක් අද
(20) කැදවූ අතර එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ විසින්
ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට වරේන්තු නිකුත් කළා.
පසුගිය නඩු වාරයේදී පොරොන්දු වුවද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියේද නෑ . අධිකරණයේ කිසිදු අවසරයකින් තොරව උන්වහන්සේ විදෙස්ගත්වී ඇති බව අනාවරණය වීමත් සමගින් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කර තිබෙනවා .