පත්තර විකුණා පන්නරය ලබා
යාචකයන්ට ගමක් හදන අපූරු මිනිසා....!!!
"අපේ ගමේ පවුලක පින්තූරයක් 'දිවයින' පත්තරෙන් දැකලා දවසක් ලලිත් කොතලාවල මහත්තයා අපේ
ගමට ආවා. ඇවිල්ලා ගම්මානයේ අය එකතු කරලා කීවා ඔක්කොටම ගෙවල් හදලා දෙන්නම් ආගමට
බැඳෙන්න කියලා.....· මම කීවා අපේ ආගම බුද්ධාගම කැමති නම් ගෙවල් හදලා දෙන්න කියලා.
ඒකට ලලිත් කොතලාවල මහත්තයා කැමති වුණේ නැහැ......ඒත් මම ගම්මානයේ අසරණයන්ට කොහොම හරි
ගෙවල් හදලා දෙනවා කියලා හිතාගත්තා. මුලින්ම කළේ අපට අයිති නැති මේ කැලෑ ඉඩම අපට
දෙන්න කියලා ගල්නෑවේ ඒ. ජී. ඒ. මහත්තයගෙන් ඉල්ලුව එක. අමරතුංග ඒ. ජී. ඒ මහත්තයා අපට
සහයෝගය ලබාදුන්නා. ගල්නෑව ප්‍රාදේශීය සභාවේ ඥනතිලක මහත්තයත් උදව් කළා. අපි ඉන්න
කැලය නිසා වනජීවී එකෙනුත් අවසර ගත්තා. ඒකට අඩවි වන නිලධාරි මහින්ද බණ්ඩාර මහත්තයා
උදව් කළා. ගෙවල් හදන්න සල්ලි හොයන එක තිබුණ ලොකුම ප්රශ්නය වුණා. ආණ්ඩුවේ ලොකු
ලොකු මහත්වරුන්ට මේ ගැන කීවා. නිවාස අධිකාරියේ මහත්වරු ඇවිල්ලා බලලා කීවා උදව්
කරන්නම් කියලා. අපි කීවා අපි හිඟමන් යදින අය........නිවාස ණය අරන් අපට ගෙවන්න
හැකියාවක් නැහැ කියලා. අපි කියපු දේවල් ඒ මහත්වරු පිළිගෙන තොරතුරු ලියාගෙන
ගියා......·"
"මහත්තයෝ මෙතන දරු පවුල් තිහක් පමණ ඉන්නවා. මේ අය ඔක්කොම කරන්නේ සිඟමන් යදින
එක.....ගෙවල් ගාණේ යනවා.
උඩමළුවට, දඹුළුගලට ගිහිල්ලා සිඟමන් යෑදලා ලැබෙන මුදලෙන් කාලාබීලා දවස ගෙවනවා. මේ අය
හවසට ගම්මානයට ඇවිල්ලා ගංජා බොනවා......අරක්කු බොනවා.......ජීවිතයේ වෙනසක් නැහැ.
ගම්මානයේ රැස්වීමක් කියලා මම මුලින්ම කළේ ගංජා සහ අරක්කු බොන එක
නැවැත්වීමයි.......පත්තර විකුණද්දී ලැබුණ අත්දැකීම් වලුනුයි මම මේ ගම හදන්නේ
මහත්තයෝ........·" නෑගම, වලස්වැව පාරේ අලිවංගුවේ පැල්පත් නිවාසවල පදිංචි ගමක් හදන
දිරිය මිනිසකු වන ශාන්ත කුමාර (38) මහතා එසේ පැවසීය.
"මහත්තයෝ......අපේ තාත්තා හිටියේ මල්දෙණිපුර....· අපි කුඩා කාලයේ තාත්තා පලංචියෙන්
වැටිලා ඔත්පල වුණා. එදා ඉඳලා ජීවත් වෙන්න තාත්තා බයිසිකලේ තියාගෙන තල්ලුකරන් ගෙවල්
ගාණේ ගියා. මට වයස අවුරුදු අටයි, නංගිට අවුරුදු පහයි. එහෙම දුක්විඳලා ජීවත් වෙද්දි
අපි කට්ටියක් මල්දෙණිපුර ගමෙන් එළෙව්වා. පසුව අපි ගනේවැල්පොළට ගියා. එහේ ටික
කාලයක් ඉඳලා කලාවැවේ ලයිමට ආවා. ලයිමේ ඉද්දි දවසක් කලාවැවේ පත්තර කඩේ අක්කා මට
කීවා ඉහළගම ඉඳන් පත්තර මිටි අදින්න ලැහැස්ති වෙන්න කියලා......මට බයිසිකලයක් අරන්
හදලා බයිසිකල් පදින්න පුරුදු කළා. ඉහළගම හන්දියට ගිහිල්ලා කලාවැව පත්තර කඩේට පත්තර
මිටි අවුරුදු දෙක තුනක් ඇද්දා.......ඒකට මට හොඳට කන්න දීලා චූටි පඩියකුත්
දුන්නා.........·"
"එහෙම
ඉද්දී අපේ ගෙදර අය නෑගම, වලස්වැව පාරේ අලිවංගුවට පදිංචියටආවා.......එතැන හිටියේ
ඔක්කොම සිඟමන් යදින අය. ඒ අය ගෙවල් ගාණේ සිඟමන් යෑද්දා.......කොටසක් උඩමළුවට,
දඹළුගලට ගිහිල්ලා සිඟමන් රස්සාව කළා........දවසක් පත්තර කඩේ අක්කා මට කීවා පත්තර
අරන් ලයින් එකේ යන්න කියලා........මම ආශාවෙන් පත්තර විකුණන්න පටන් ගත්තා. කලාවැවේ
ඉඳලා වලව්වේගම, අවුකන, සිරිමාගම, හඳුන්ගම, නෙල්ලියගම, වලස්වැව, නෑගම, කරවිලගල,
පලාගල, මීවැව ඉඳලා ගල්කිරියාගම මම පත්තර අරන් ගියා. පත්තර විකුණනවට අමතරව ලොතරැයි
සහ සිගරට් අරන් යන්න මට පැවරුණා. ඒ සඳහ මට රුපියල් එකසිය විසිපහක් ගෙව්වා. මට
අකුරු ලියන්න, කියන්න බැහැ. ගල්කන්ද පන්සලෙන් මට දවල්ට හැමදාම කෑම දුන්නා. පත්තර
විකුණද්දී ආණ්ඩුවේ කන්තෝරුවල ලොකු මහත්වරු හමුවුණා. ඒ මහත්වරු විවිධ දේ මා සමඟ කතා
කළා. උදේට මොනවද කොල්ලෝ අද විශේෂ ප්රවෘත්ති කියලා මගෙන් ඇහැව්වා. ලියන්න කියන්න
දන්නේ නැති මම මොනවා කියන්නද?....ගල්කන්ද පන්සලේ ලොකු හාමුදුරුවන්ට මම මගේ බැරිකම
කීවාම මට පත්තර කියවන්න පුරුදු කළා. අකුරු ලියන්න පුරුදු කළා. ඒ දවස්වල පත්තර
විකුණද්දී මට සමාජයේ විවිධ අය හමුවුණා. ඒ ලැබුණ පන්නරයෙන් තමයි මහත්තයෝ මේ
අසරණයන්ගේ ජීවිතය වෙනස් කරලා පිළිවෙළට ගමක් හදලා හිසට සෙවණක් හදන්න ඕනේ කියලා මට
හිතුනේ......·"
"අපේ ගමේ පවුලක පින්තූරයක් 'දිවයින' පත්තරෙන් දැකලා දවසක් කොතලාවල මහත්තයා අපේ
ගමට ආවා. ඇවිල්ලා ගම්මානයේ අය එකතු කරලා කීවා ඔක්කොටම ගෙවල් හදලා දෙන්නම් ආගමට
බැඳෙන්න කියලා.....· මම කීවා අපේ ආගම බුද්ධාගම කැමති නම් ගෙවල් හදලා දෙන්න කියලා.
ඒකට කොතලාවල මහත්තයා කැමති වුණේ නැහැ......ඒත් මම ගම්මානයේ අසරණයන්ට කොහොම හරි
ගෙවල් හදලා දෙනවා කියලා හිතාගත්තා. මුලින්ම කළේ අපට අයිති නැති මේ කැලෑ ඉඩම අපට
දෙන්න කියලා ගල්නෑවේ ඒ. ජී. ඒ. මහත්තයගෙන් ඉල්ලුව එක. අමරතුංග ඒ. ජී. ඒ මහත්තයා අපට
සහයෝගය ලබාදුන්නා. ගල්නෑව ප්‍රාදේශීය සභාවේ ඥනතිලක මහත්තයත් උදව් කළා. අපි ඉන්න
කැලය නිසා වනජීවී එකෙනුත් අවසර ගත්තා. ඒකට අඩවි වන නිලධාරි මහින්ද බණ්ඩාර මහත්තයා
උදව් කළා. ගෙවල් හදන්න සල්ලි හොයන එක තිබුණ ලොකුම ප්රශ්නය වුණා. ආණ්ඩුවේ ලොකු
ලොකු මහත්වරුන්ට මේ ගැන කීවා. නිවාස අධිකාරියේ මහත්වරු ඇවිල්ලා බලලා කීවා උදව්
කරන්නම් කියලා. අපි කීවා අපි හිඟමන් යදින අය........නිවාස ණය අරන් අපට ගෙවන්න
හැකියාවක් නැහැ කියලා. අපි කියපු දේවල් ඒ මහත්වරු පිළිගෙන තොරතුරු ලියාගෙන
ගියා......·"
"කාලය ගෙවෙද්දී මම ගම්මාන සමිතිය හැදුවා. ගමේ ගංජා බීම, අරක්කු බීම තහනම් කළා.
සත්තු මරාගෙන කෑම තහනම් කළා. මාතර බෝධියේ අංකුරයක් රෝපණය කරලා ගම්මානයේ අය දහමට
හුරු කළා. දවසක් 'දිවයින' පත්තරේ ලිපිය දැකපු කුරුණෑගල මහ රෝහලේ ඇත්පවුර සංවිධානයේ
වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලය අපේ ගම්මානය පරීක්ෂා කරලා රුපියල් ලක්ෂ හැත්තෑවක්
වියදම් කරලා කිලෝමීටර් තුනහමාරකට වයර් ඇදලා ලයිට් සහ ජලය ලබාදුන්නා......."
"ගම්මානයේ ගෙවල් හදන අදහස මම අතහැරියේ නැහැ. කලාවැවේ ඉසාක් මහත්තයාට අපේ දුක කීවාම
එතුමා මාව සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟට එක්කන් ගිහිං සියලු විස්තර කීවා. සජිත්
ඇමැතිතුමා කීවා ආධාර මුදලක් වශයෙන් ගෙදරකට රුපියල් ලක්ෂ පහක් දෙන්නම් ශ්‍රමය
යොදවලා ගෙවල් හදා ගන්න කියලා.........එතුමා කීවා විදිහටම අපට මුදල්
ලැබුණා......2016.07.20 ඉඳලා මම මූලික වෙලා ගම්මානය වටේට ගෙවල් හදන්න පටන් ගත්තා.
දැන් මහත්තයෝ ගෙවල් විසිහතක වැඩ ඉවරයි. කටුඅතු පැල්වල ජීවත් වුණ ගම්මානයේ අයගේ සතුට
දැන් කියලා නිම කරන්න බැහැ...· තව ගෙවල් කිහිපයක වැඩ තියෙනවා. මේ මාසේ අන්තිමට
ගම්මානය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ ගම්මානයේ ජීවත්වෙන පවුල් තිහේ
සාමාජිකයන්ට නීති දැනුම මදි. තවමත් කරන්නේ සිඟමන් යෑදීම නේ........සමාජයේ කාටවත්
කරදරයක් නැතිව ජීවත් වෙන්න රැකියාවල් අවශ්‍ය වෙනවා. ගම්මානයට ළමා සමාජයකුත් හැදුවා
ළමයි ටික හරි මඟට ගන්න කාගෙන් හෝ උදව් අවශ්‍යයි........·"
සමාජය ඔසවා තබන්න කටයුතු කරන ඔබ ජීවත්වන්නේ කොහොමද....?
"මහත්තයෝ මේ ලැබුණ මුදල් මම බොහොම අරපරිස්සමෙන් වියදම් කරලා ගෙවල් හදන්නේ...මේ
සඳහා නිවාස සංවර්ධන අධිකාරියේ මහත්වරු උදව් කරනවා......ශත පහක් වංචා කරන්නේ නැහැ.
මට දැන් රැකියාවක් නැහැ. ඒ ගම හදන්න මුල් වුණ නිසා. ගම්මානයේ අය සිඟමන් ගිහිල්ලා
ගෙනල්ලා දෙන දෙයින් කාලා තමයි ජීවත් වෙන්නේ.........·"
"අපේ ගමට කීවේ අලිවංගුව කියලා...ඉතිං කුරුණෑගල රෝහලේ ඇත්පවුර සංවිධානය ගම්මානයට
විදුලිය ජලය සැපයූ නිසා අපේ ගමට ඇත්පවුර කියලා නම තැබුවා. කලාවැවේ පත්තර කඩේ අක්කා
මට පත්තර රස්සාව දුන්න නිසා සමාජයේ හොඳ නරක දැන උගෙන ගමක් ගොඩනඟන්න මට ශක්තිය
ලැබුණා.......·"
කැකිරාව - සුදත් ඒකනායක
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, March 12, 2017
හොර දේශපාළු පාහරයන්ගේ පුරාජේරු නොමැතිව ජනතාව අතරින් බිහිවූ සැබෑ වීරයෙකුගේ කථාවක්....!!!
Posted by
lankanews
at
March 12, 2017
Labels: con politicians, great person, houses, humanity
හොර දේශපාළු පාහරයන්ගේ පුරාජේරු නොමැතිව ජනතාව අතරින් බිහිවූ සැබෑ වීරයෙකුගේ කථාවක්....!!!
2017-03-12T21:11:00+01:00
lankanews
con politicians|great person|houses|humanity|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...