පෙර පිනට අපට ලැබී ඇති වරප්‍රසාද ගැන විවේචනය කරන්නේ ඒ ගැන නොදන්නා අයයි ....!!!
බස්නාහිර ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය
"අපි ඉහත ආත්මවල රජවාසලවල ජීවත් වන්න ඇති. ඒ නිසා අපට මේ තානාන්තර ලැබිලා තිබෙන්නේ.
පෙර කර ඇති පිංබලයෙන් අපට ලැබී තිබෙන වරප්‍රසාද ගැන විවේචනය කරන්නේ කිසිවක්
නොදන්නා පිරිසක් බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය ඉළුක්ඕවිට
කනිෂ්ඨ විද්‍යාලයේ පැවැති උත්සව සභාවක් අමතා ප්‍රකාශ කළේය.
වසර 52 කට වඩා වැඩි කාලයක් දිගන, හා ඉළුක්ඕවිට ග්‍රාම නිලධාරි වසම්වල රජයේ ඉඩම්වල
අනවසරයෙන් පදිංචිව සිටින ජනතාවට එම ඉඩම්වල, අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩම් බලපත්
ලබා දීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රධාන ඇමැති පිම්පියා, ඔබ සැමත්, මමත්, සීතාවක හා
කෝට්ටේ රාජධානිවල ජීවත්වන අය පෙර ආත්මවල බොහොම පිංකරලා ඇති. ඒ නිසයි, අද ඔබට ඉඩමක
හිමිකම ලැබෙන්නේ. ඔබේ ඉඩම් අයිතිය ලබා දෙන්න පැමිණි මට මේ පොළවේ කිසිම තැනක බිම්
අඟලක අයිතියක් නැහැ.
නමුත් පෙර පිං මහිමයෙන් මා අද කැබිනට් ඇමැතිවරයකුට හිමි සියලුම වරප්‍රසාද සහිතව
මිලියන ගණනක් වටිනා නිවසක ජීවත් වෙනවා. දැන් බලන්න මහ මග අගුපිල්වල කොතරම් නම්
පිරිසක් බිම් අඟලක අයිතිය නැතිව සිටිනවද? ඒ ඔවුන්ට පෙර පිං නොමැති කමිනුයි. මිලියන
20 ක් ජීවත්වන රටේ පාර්ලිමේන්තුවට පත්වන්නේ 225 ක් වැනි සංඛ්‍යාවක්. ඒ පිං කරපු
පිරිසක්. ඒ ගැන විවේචන චෝදනා කරන්නෙ අවබෝධයක් නැති අයයි.
මෙතනදී ඔය සිරිකොතේ ඉඳන් මට චෝදනා කරන මල්ලිලාටත් යමක් කියන්න ඕන. ඔයාල කියන දේවල්
කරන්න අපේ ජනාධිපති සූදානම් නැහැ. ශ්‍රී ල. නි. ප. ප්‍රතිපත්තිවලට පටහැනි යමක්
කළොත් මට එරෙහිව පියවර ගනීවි. ඒ නිසා ඒ ගැනත් ඔය මල්ලිලා තේරුම් ගන්නවා නම් හොඳයි.
යම් විදියකින් යටින් වැඩක් කරලා මාව යවන්න උත්සාහ කළොත් කොන්ද කෙළින් තියාගෙන
ශ්‍රී ලංකා කාරයකු විදියටයි යන්නේ.
රංජිත් සොයිසා කර තිබූ ප්‍රකාශයකුත් මා දුටුවා, අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ල.නි.
ප සමඟ අනෙකුත් බලවේග එක් කරගෙන ඉදිරියට ගොස් රජයක් පිහිටුවන්න. ඒ කාර්යය මා
භාරගෙන කටයුතු කරමින් සිටිනවා" යෑයිද හෙතෙම වැඩිදුටත් පැවසීය.
පළාත් සභා මන්ත්‍රීවරුන් වන, මහේෂ් අල්මේදා, සුමිත් විජයමුණි සොයිසා ප්‍රාදේශීය
ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනී, සුනේත්‍රා රුද්රිගූ, ප්‍රාදේශීය සභාවේ ලේකම්
චන්දන පද්මසිරි ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ආනන්ද රූපසිංහ, ග්‍රාම සංවර්ධන
සමිතියේ සභාපති, අයි. ඩී. සිසිර කුමාරද කතා කළහ.
ග්‍රාම නිලධාරි වසම් දෙකෙහි පදිංචි පවුල් 42 කට මෙදින ඉඩම් බලපත් ලබාදීම සිදු
කෙරුණු අතර උත්සවය ඉළුක්ඕවිට ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති අයි. ඩී. සිසිර කුමාර විසින් සංවිධානය කර තිබුණි. ආගමික වතාවත් ඇල්ල උඩ සම්බෝධි විහාරාධිපති කෝට්ටේ
ධම්මසේන හිමියන් විසින් සිදු කරන ලදී.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, March 9, 2017
පෙර පින මතක් කරන ජනතා පිම්පියෙක්...!!!
Posted by
lankanews
at
March 09, 2017
Labels: con politicians, fake politicians, isura devapriya, yahapalanaya
පෙර පින මතක් කරන ජනතා පිම්පියෙක්...!!!
2017-03-09T21:39:00+01:00
lankanews
con politicians|fake politicians|isura devapriya|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...