ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 7, 2017

බැඳුම්කර ණය පියවීමට මහා භාණ්‌ඩාගාරයට දුෂ්කරලූ...!!!


බැඳුම්කර ණය පියවීමට මහා භාණ්‌ඩාගාරයට විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ තිබෙනවා ...මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි බැඳුම්කර කොමිසම හමුවේ කියයි...!!!
භාණ්‌ඩාගාර බැඳුම්කර මගින් රජය ලබාගත් පැරණි ණය පියවීම සඳහා මහා භාණ්‌ඩාගාරය වෙත විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ ඇති වී තිබෙන බවත් එම ණය එකවර සපයා දීමේ දුෂ්කර තත්ත්වයකට මහ බැංකුව මෑතදී මුහුණ දී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරි ටී. එච්. බී. සරත්චන්ද්‍ර  ඊයේ (07 දා) හෙළි කළේය.
මේ දුෂ්කර තත්ත්වය හමුවේ මහ බැංකු අධිපතිතුමන් සමඟ සාකච්ඡා කර මහා භාණ්‌ඩාගාර ලේකම්වරයාට කරුණු පැහැදිලි කිරීමට මහ බැංකුව පියවර ගත් බව ද සරත්චන්ද්‍ර මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පරීක්‍ෂා කිරීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.
2017 ජනවාරි මස මුලදී පරිණත වූ භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා ගෙවීම් කිරීමට රු. බිලියන 120 ක විශාල අරමුදල් අවශ්‍යතාවක්‌ ඇති වූ බවද කෙටි කලක්‌ තුළ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියකින් එකවර එතරම් විශාල මුදලක්‌ රැස්‌කර ගැනීමේ දුෂ්කරතාවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට මුහුණ දීමට සිදු වූ බවද සරත්චන්ද්‍ර  කොමිසම හමුවේ කියා සිටියේය.

මේ අනුව එක්‌ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියකින් උපරිම වශයෙන් රැස්‌කර ගත හැකි මුදල රු. බිලියන 40 ක්‌ බවට භාණ්‌ඩාගාර ලේකම්වරයාට දැනුම් දීමට මහ බැංකුව කටයුතු කළ බවද කොමිසම හමුවේ කියා සිටියේය.
ඉදිරි කාලය තුළ තවත් රු. බිලියන 90 ක පමණ භාණ්‌ඩාගාර බැඳුම්කර කල්පිරීමට තිබෙන බවද, එම පැරණි ණය ගැනීම සඳහා ගෙවීම් කිරීමට මහා භාණ්‌ඩාගාරයට අරමුදල් සපයා දීමට සිදුව තිබෙන බවද  කියා සිටියේය.
මේ අරමුදල් ප්‍රශ්නය ගැන මහ බැංකුව මහා භාණ්‌ඩාගාරයේ භාණ්‌ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ බවද මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරිවරයා කියා සිටියේය.

මේ දුෂ්කර තත්ත්වය සමනය කර ගැනීම සඳහා දළ වශයෙන් හෝ මහා භාණ්‌ඩාගාරයේ අරමුදල් අවශ්‍යතාව ලිතව දන්වා එවන ලෙස මහ බැංකුව විසින් මහා භාණ්‌ඩාගාරයට දන්වා ඇති බවද ඒ  කීවේය.

සාමාන්‍යයෙන් රජයට අවශ්‍ය මුදල් ප්‍රමාණයට වඩා අඩු මුදල් ප්‍රමාණයක්‌ සඳහා භාණ්‌ඩාගාර බැඳුම්කර ලංසු කැඳවීම සිදුකරන බවත්, එසේ කරන්නේ පොලී අනුපාත ඉහළ යැම වළක්‌වා ගැනීමට බවත් ඒ මහතා තවදුරටත් කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවේය.

රාජ්‍ය ණය අධිකාරි
සරත්චන්ද්‍රගේ සාක්‍ෂිය ඊයේ මෙහෙයවනු ලැබුවේ මෙම පරීක්‍ෂණයේදී කොමිසමට සහය වන රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂහීඩා බාරි  විසිනි.

තමා ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවයට බැඳුණාට පසුව දෙපාර්තමේන්තු කීපයක තනතුරු දරා ඇති බවත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයකු ලෙස ද ටික කලක්‌ සේවය කර ඇති බවත් එහි ප්‍රධානියා ලෙස පත්වීම ලැබෙන විට එම තනතුරේ සිටියේ දීපා සෙනවිරත්න  බවත් සරත්චන්ද්‍ර  සාක්‍ෂිදීම ආරම්භ කරමින් පැවසීය.


බැඳුම්කරය ගැන විමර්ශන පවත්වන්න
සීඅයිඩීයට උපදෙස්‌ දුන් බව නීතිපති පාර්ලිමේන්තුවට දන්වයි
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ කෝප් පරීක්‌ෂණ වාර්තාවට අදාළව විමර්ශන පවත්වන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස්‌ දුන් බව නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට දැනුම් දී ඇත.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වර්තමාන මහ බැංකු අධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර ඇති පැමිණිල්ල ද සමගින් කෝප් පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණු උපයෝගි කර ගනිමින් අදාළ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙසද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෝප් කමිටුව කළ පරීක්‌ෂණ වාර්තාව පිළිබඳ නීතිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග සහිත මෙම ලිපිය කථානායකවරයා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

කෝප් පරීක්‌ෂණ වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව නීතිපතිවරයා වෙත යොමු කළ බවද ඒ අනුව නීතිපතිවරයා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට ලිපියක්‌ එවා ඇතැයිද කථානායකවරයා කීවේය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.