ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 14, 2017

මම කවදාවත් දැකලා නෑ ප්‍රභාකරන්ට විරුද්ධව කතා කරන මිනිහෙක්

මිනීමරු ප්‍රභාකරන් දේවත්වයෙන් සලකා ,මහින්ද රාජපක්ෂ ,ගෝඨාබය රාජපක්ෂ සහ රණවිරුවන් මිනීමරුවන් ,හොරුන් බවට පත් කිරීමට තරම් අද සමාජය පහත් තත්වයකට ඇද වැටී ඇති බවත් ,ඒ සම්බන්ධයෙන් තමාට ඇත්තේ කණගාටුවක් බව ,හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පවසනවා .ජාතික සංවිධාන සම්මේලනය විසින් සකස් කරන ලද යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා හමුදාව මුළුමනින්ම නිදොස්‌ බවට දක්‌වන කරුණු සඳහන් විරුවන්ගේ විත්ති වාචකය නමැති පිටු 200 ක වාර්තාව  (13) හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙත පිළිගැන්වූ අතර එහිදි අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
එංගලන්තයේ අග්‍රාමාත්‍යවරිය තම රණ විරුවන් සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා එල්ල නොකරන බව ප්‍රසිද්ධියේ පවසා ඇති බවත්, ඒ ආකාරයෙන් තමන්ගේ රටේ රණ විරුවන් ආරක්ෂා කරන ඔවුන් මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත්වීම් සිදුකරන බවත් ඔහු සදහන් කළා .video

රටක ආරක්ෂක අමාත්‍යවරයාගේ වගකීම වන්නේ තමන්ගේ රට නිවරදි යයි පෙන්වීම මිස වැරදි යයි ලෝකයට කියා සිටීම නොවන බවත්, ජාත්‍යන්තර වෙනස්කම් කෙරෙහිද අවධානය යොමුකරමින් ක්‍රියා කිරීම වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නා .
එවක මානුෂික මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්ථාවේදී “මානුෂික ආධාර සඳහා උපදේශකකමිටුව“ නම් කමිටුවක් ක්‍රියාත්මක වුණු බවත්, එහි සභාපතිත්වය ගනු ලැබූවේ මහින්ද සමරසිංහ බවත්, එම කමිටුව පත්කරනු ලැබුවේ එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශවල සිටින ජනයාට නිසි ලෙස අහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන් සොයාබැලීමට බවත් ඔහු කියා සිටියා .
ඒ අනුව රජයට සෘජුව මෙම ආහාර බෙදාහැරීම් සඳහා සම්බන්ධවීමට නොහැකි තත්ත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්, සිවිල් සංවිධාන, රාජ්‍ය නිලධාරීන් ආදිය සම්බන්ධීකරණය කරමින් එම කටයුතු සිදුකළ බවත්, කමිටුව තුළ අමෙරිකානු තානාපති, ජපන් තානාපති, බ්‍රිතාන්‍ය තානාපති ඇතුළු තානාපතිවරුන් , එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයාත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතන 10ක පමණ නියෝජිතයින් සක්‍රීයව දායකවූ බවත් ගෝඨාබය රාජපක්ෂ පෙන්වා දුන්නා.
විශේෂයෙන්ම මානුෂීය මෙහෙයුමෙන් පසුව එම ප්‍රදේශ අත්පත් කරගැනීමෙන් පසුව බංකර්වල එම අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය තිබෙනු දැකිීමට හැකිවුණු බවද ඔහු අවධාරණය කළා .
එවක මෙම කිසිදු එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හෝ කිසිවෙකු මානුෂීය ආධාර උතුරේ ජනයාට නොලැබුණු බවට චෝදනා නොකළ බවත්, චෝදනා කළා නම් කරනු ලැබුවේ ටකරං, සිමෙන්ති, ඉන්ධන ආදිය නොමැති බවට පමණක් යයිද හිටපු ආරක්ෂක ලේකම්වරයා සිහිපත් කලා .
ඒ අනුව එදා යුද්ධයේ අවසාන අදියර තුළ උතුරේ ජනයාට මානුෂීය ආධාර නොලැබුණු බවට එක්සත් ජාතීන් චෝදනා කරන්නේනම් ඒ චෝදනා එල්ලවිය යුත්තේ ඔවුන්ටම බවත්, එහි තේරුම ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු නොකළ බව යයිද ඔහු පෙන්වා දුන්නා .
කෙසේ වෙතත් යුද්ධය තීරණාත්මක වන අවස්ථාවේදී මෙරට සිටි ලෝක ආහාර සංවිධානයේ නිත්‍ය නියෝජිතයා හදිසියේම මෙරටින් මාරු කර යැවූ බවත්, ඔහු රටින් පිටවෙන්නට පෙරාතුව තමන් හමුවී කිසිදේකට බිය විය යුතු නැති බවත්, කිළිනොච්චිය හා මුලතිව් යන ප්‍රදේශවල ඇතිතාක් ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇති බව දැන්වූ බවත් ඔහු සිහිපත් කළේය.
එහෙත් මෙවන් තීරණාත්මක මොහොතක රටින් පිටව යන්නේ මන්දැයි තමන් විසින් නිත්‍ය නියෝජිතයාගෙන් විමසා සිටි බවත්, එහිදී ඔහු කියා සිටියේ තමන්ගේ ප්‍රධානීන් විසින් ලංකාවට වඩා බිහිසුණු තත්ත්වයක් ඇති ජපානයේ ආහාර ප්‍රශ්නයක් ගැන සොයාබලන ලෙස තමන්ට උපදෙස් ලබාදී ඇති බවත් යයි ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ඒ අනුව ලෝක ආහාර සංවිධානයේ ප්‍රධානීන්ද ලංකාවේ තත්ත්වය අවදානම් නොවන බව ඒ මොහොතේ පිළිගෙන සිටි බව මෙවන් නිදසුන් මගින් පැහැදිලි වන බවත්, අවාසනාවකට දරුස්මාන් වාර්තාව සකසද්දී මෙහෙව් නියෝජිතයින්ගෙන් අත්දැකීම් හා තොරතුරු පිළිබඳ විමසා නොමැති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
මේ අයුරින්ම එවක යුනෙස්කෝ සංවිධානය විසින් රජයේ අනුදැනුමකින් තොරව උතුරේ සංචාරය කොට “අතුරුදහන් වූවන්“ පිළිබඳ වාර්තාවක් සකස් කළ බවත්, එම වාර්තාවේ උතුරේ අතුරුදහන් වූවන් ගැන සඳහන්ව ඇතත් ඒ කිසිවක් යුද හමුදාවේ සෘජු මැදිහත්වීම් නිසා සිදුවූ බවක් දක්වා නැති බවත්, තම දරුවන් අතුරුදහන්ව ඇතත් ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳී සිටිය බවට ඔවුන්ගේ මව්පියන් විසින් සාක්ෂි ලබාදී තිබුණු බවත් ගෝඨාභය රාජපක්ෂ  අවධාරණය කළේය.
එම නිමා මෙවන් වාර්තාවන් හා සාක්ෂි පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අපගේ රණ විරුවන් නිවරදි බවට පැහැදිලි පිළිතුරක් ලබාදිය හැකිව පවතින බවත්, එහෙත් ඒ වගකීම ආණ්ඩුව විසින් මෙතෙක් ඉටුකර නොමැති බවත් රාජපක්ෂ  සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා ,
“මම ආරක්ෂක ලේකම්වරයා සිටින කාලය තුළ ,මානසික මෙහෙයුම කාලය අතරතුරදී සිදුවුණ දේ ගැන විවිධ වාර්තා සකස් කරලා තියෙනවා.ඒවා මම දන්නේ නෑ ,රජය පාවිච්චි කරනවාද කියන එක .මේ වාර්තා පාවිච්චි කරලා මේ රජයට පුළුවන් ඉතා පැහැදිලි පිළිතුරක් මේවාට ලබා දෙන්න .නමුත් අවාසනාවකට අද ඒ දේ නෙමේ සිදු වන්නේ .එදා යුධ අපරාධ කල අය තමයි අද මානව හිමිකම් චැම්පියන්ස් වෙලා තියෙන්නේ .
අද TNA සංවිධානයේ ඉන්නේ ඔක්කොම එල් .ටි .ටි .ඊ සාමාජිකයෝ .යුධ අපරාධවලට මේ අය වගකියන්න ඕන .අවාසනාවකට වගේ අද රට වැසියෝ දෙකට බෙදිලා .
මට කණගාටුයි කියන්න ,සෝෂල් මීඩියා දිහා බැලුවාම මහින්ද රාජපක්ෂ මිනීමරුවෙක් -හොරෙක් .ඒ වගේම මේ රණවිරුවෝ .ගෝඨාබය රාජපක්ෂ මිනීමරුවෙක් .හොරෙක් .හැබැයි මම කවදාවත් දැකලා නෑ ප්‍රභාකරන්ට විරුද්ධව කතා කරන මිනිහෙක් .ඔහු දේවත්වයෙන් සලකන සමාජයක් මේක .මේවගේ තත්වයකට පත් වීම කණගාටුදායකයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.