ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, March 11, 2017

ලංකා ඉතිහාසයේ මුල් වරට අභියාචනාධිකරණයේ.. සිංහල භාෂාවෙන් නඩු තීන්දුවක් දීමට නියෝග ....!!!

පසුගිය සමයේ සමාජයේ මහත් ආන්දෝලනයකට ලක් වූ සිදුවීමක් ලෙස නීති විරෝධී ලෙස අලි පැටවුන් ජාවාරමකට අදාල කරුණු අනාවරණය වීමත්, අලි ලියාපදිංචියට අදාල අලි පොත වන ජීවි දෙපාර්තමේන්තුවෙන් අතුරුදහන් වීමත් සැළකිය හැකිය. එකී කරුණු පිළිබද විමර්ශනය කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 23073/15 නඩුව පවරා රජයේ සේවකයන් 2කු සහ තවත් අයෙකුට එරෙහිව නඩු පවරා තිබුණි. එමෙන්ම එකී නඩුව එවකට විභාග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් ගිහාන් පිලපිටිය  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත නීති විරෝධී සන්තකයේ තබා ගැනීම මත අලි පැටවුන් 20ක් පමණ රජයේ භාරයට ගැනීමටද නියෝග කර තිබුණි. ඒ අතර එකී රජයේ භාරයට ගත් අලි පැටවුන්ගේ හිමිකරුවන් විසින් කරන ලද ඉල්ලීමක් මත එම අලි පැටවුන් කිහිප දෙනෙකු රැපියල් කොටි 3ක බැදුම්කරමත තාවකාලිකව කෙටි කාලයකට මුදා හැරීමටද 2016 මැයි 20 දින නියෝග කර තිබුණි.

තාවකාලිකව කෙටි කලකට අලි පැටවුන් මුදා හැරීමට ලබා දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණට HC/Rev/76/2016 නඩුව පවරා තිබූණි. කොළඹ මහාධිකරණ විනිසුරුමනිලාල් වෛද්‍යතිලක විසින් එකී මහාධිකරණ නඩුවේ නියෝගය ලබා දෙමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 431 වගන්තිය යටතේ වෙන් වෙන් වශයෙන් විමසීමක් සිදුකර එකී අලින්ගේ අනන්‍යතාවය තහවුරුකර අවස්ථාවෝචිත පරිදි නියෝග ප්‍රකාශ කිරීමට මහේස්ත්‍රත් අධිකරණයට නියෝග කරමින් එකී නඩුව අවසන් කර තිබුණි. එකී මහාධිකරණ නියෝගයට එරෙහිව සීගිරිය ප්‍රදේශයේ පිහිටි පාරිසරික සහ සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරුන් වන සුජීව ජාසිංහ සහ සුදර්ශනී ප්‍රනාන්දු යන අය අභියාචනාධිකරණයට CA/PHC/APN/144/16 අංක යටතේ ප්‍රතිශෝධන නඩුව ගොනු කළ අතර එකී නඩුවේ පෙත්සම, දිවුරුම් පෙත්සම සහ පෙරකලාසිය සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම්කරුවන්ගේ කරුණු ඉදිරිපත් කිරීම කරන ලද්දේද සිංහල භාෂාවෙනි. එකී නඩුව පවත්වාගෙන යාමට නීතිමට හැකියාවක් නැති බවට ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න  ඇතුළු වගඋත්තරකරුවන්ගේ නීතීඥවරුන්ද, නීතිපතිවරයා නියෝජනය කරමින් දිලීප පීරිස්ද අභියාචනාධිකරණයේ කරුණු ඉදිරිපත් කරන ලදි.
අභියාචනාධිකරණය විසින් එකී නඩුවේ නියෝගය 2017 මාර්තු මස 09 වැනි දින ලබා දෙමින් නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට වගඋත්තරකරුවන්ගේ මූලික ස්ථාවරය පිළිගනිමින් පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභා කරන ලදී. ඒ අවස්ථාවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අභියාචනාධිකරණය අමතමින් මෙම නියෝගයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා නඩු තීන්දුවේ පිටපතක් සිංහල භාෂාවෙන් ලබා දීමට අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා සිටි අතර එකී ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය එකී තීන්දුවේ සිංහල භාෂාවෙන් වූ පිටපත ලබා දෙන ලෙස අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරන ලදී.
ඒ අනුව ලංකා නීති ඉතිහාසයේ මුල් වරට අභියාචනාධිකරණ නඩු තීන්දුවක් අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාගේ නිලමුද්‍රාව සහ අත්සන යටතේ සිංහල භාෂාවෙන් ලබා ගැනීමට හැකියාව ලැබුණි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.