1. මුලින්ම කවුරුන් හෝ තොල්කයකු මාර්ගයෙන් බලවත් ඇමතිවරයකු හමු වන්න .
2. හැකිපමණ ඉක්මනින් අදාළ ඇමතිවරයාගේ ගුණ වැයුම් රැසක් තම මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරන්න.
3. ඊ ලඟට ඇමති වරයා උත්සවයකදී අහම්බෙන් මෙන් හමුවූ බව හඟවා නැවතතෝල්කයා හරහා කතා කරන්න .
4. එවිට ඇමතිවරයා ආරාධනා කරනා මධු පානෝත්සවයට සහභාගී වන්න.
5. මධු පානොත්සවයෙදී ඇමතිවරයා ලබාදෙන සට්ටඹි ක්‍රියා සියල්ල මතක තබා ගන්න.
6. ඇමතිවරයා ගජමිතුරකු බව තම මාධ්‍ය ආයතනයේ හිමිකරුවනට අඟවා ඔවුන්ගේ
ජාවාරම් සඳහා අනුග්‍රහය ලබාදෙන බව පවසා හිරිකිතයකින් තොරව මාධ්‍ය
හසුරුවන්න.
7. ප්‍රධාන කතුවරයා හෝ ඉහල නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගන්න.
8. එම ගැටුම් පිලිබඳ ඇමතිවරයා දැනුවත් කර හොඳ හිත වැඩිදියුණු කරගන්න.
9. ඇමතිවරයා යටතේ පවත්නා ආයතන වල සභාපතිවරුන් සහ ඇමතිවරයා සහභාගී වන උත්සව වලට සහභාගී වන්න.
10. ඇමති වරයා සමග ඇති සම්බන්ධය සභාපති වරුනට පෙන්වන්න.
11. පසුව ආයතන වලට ගොස් සබාපති වරුන් මුන ගැසෙන්න.
12. සභාපති වරුන් ගේ ප්‍රශ්න ඇමති වරයාට ගෙනයන පණිවුඩ කරුවා වන්න.
13. මීළඟට ආයතන වල සුළු කොන්තරාත් භාරගන්න.
14. කොන්තරාත් දීමට විරුද්ධ නිලධාරීන් කෙසේ හෝ බැලන්ස් කරන්න.
15. බැලන්ස් කිරීමට අපහසු නිලධාරීන් සභාපති වරුන් සමග අමනාප කරවා මාරුකර දමන්න.
16. මේ සියළු ක්‍රියා දාමය අතරතුර තම මාධ්‍ය භාවිතා කර ඇමතිවරයාගේ සහ සභාපති වරුන්ගේ කුණු අපුල්ලන්න.
17. දැන් ඔබගේ හොඳම කාලයයි. ඇමතිවරයා විසින් ඔබට, ඉඩම්, ගෙවල්, වාහන,
ලැප්ටොප් ආදිය රජයේ මුදලින් ලබාදෙන ලෙස සභාපතිවරුනට බල කරනු ඇත. ඒවා
අකමැත්තෙන් මෙන් භාර ගන්න එකඟ වන්න.
18. පසුදාම අදාළ සභාපති වරුන්ගෙන් එකඟවූ වරදාන ඉල්ලා ඔවුනට ඇනයක් වන්න.
19. වරදාන ලබා නොදෙන සභාපති වරුනට විරුද්ධව මාධ්‍ය හසුරුවන්න. එකක් දෙකක් වදින විට සියල්ල ලැබෙනු ඇත.
20. තමන් පොත් ලියන්නේ නම් ඒවා තොගයම රජයේ ආයතන වලට ගෙනගොස් දමන්න. අනතුරුව මුදල් ලැබෙන තෙක්ම ආයතන වල නිලධාරීනට ඇනයක් වන්න.
21. චන්දයක් ළං වූ පසුව පරාජය පෙනිපෙනී වුවද පැත්ත මාරු නොකරන්න.
ඇමතිවරයාට හොඳටම පක්කිලි කම් කර මාධ්‍ය අවභාවිතා කරන්න. චන්ද පෝස්ටර් සහ
රුපවාහිනී දැන්වීම් ඔබම භාරගන්න. ඒවාට ලැබෙන මුදල් යටිමඩි ගසන්න. මුද්‍රණාල
වලට සහ රුපවාහිනී ආයතනවලට පොලු තබන්න.
22. චන්දය දිනුවොත් රජයේ ලොකු තනතුරක් ලබාගන්න.
23. පැරදුනොත් ඉහත ක්‍රමවේදය මුල සිට නැවත අනුගමනය කරන්න.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, March 1, 2017
ජඩ මාධ්‍යවේදියකු වීමේ මාර්ගය ...!!!
Posted by
lankanews
at
March 01, 2017
Labels: abc media srilanka, free media, hiru media, maharaja media, media ethics, media freedom, media mafia srilanka, media ministry, media sri lanka, yahapalanaya
ජඩ මාධ්‍යවේදියකු වීමේ මාර්ගය ...!!!
2017-03-01T10:25:00+01:00
lankanews
abc media srilanka|free media|hiru media|maharaja media|media ethics|media freedom|media mafia srilanka|media ministry|media sri lanka|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
