රුපියල් ලක්ෂ 8,000ක් පමණ
වටිනා හෙරෝයින් කිලෝ 13ක් සමඟ සැකකරුවකු (6) සවස ග්රෑන්ඞ්පාස්
ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමත් සමග තොටළඟ වික්‍රමසිංහ මුදියන්සේලාගේ දොන්
අමරසිරි නොහොත් ජපන් චූටි සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල අවදානය යළිත් යොමුව
තිබෙනවා.
ඒ, ජපන් චූටි නැමති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව සහ ඊට අදාළ නිවස චූටිගේ බිරිඳ හෝ නෑනාට අයත් බව ග්‍රෑන්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් ශාන්ත ඇතුළු කණ්ඩායම විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි.
2014 වසරේ සැප්තැම්බර් 05 වන දින අතුරුගිරිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකගේ වෙඩි ප්‍රහාරයකින් මිය ගිය හෙරොයින් ජාවාරම්කරුවකු වූ ලාලිත කෞෂල්‍ය නොහොත් කුඩු ලාලිතට අයත් මත්කුඩු අලෙවි කරමින් මුදල් ඉපයූ ජපන් චූටි, මේ වනවිට කේරළ ගංජා මෙරටට ගෙන්වා බෙදා හැරීමේ ජාවාරමක නිරතවී සිටින බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
කුඩු ලාලිතගේ මරණයට පසුව ඉන්දියාවේ සිට සහ පාකිස්තානු ජාතිකයකු දැන හඳුනාගෙන පාකිස්තානයේ සිට මත්කුඩු ගෙන්වීමට ජපන් චූටි මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.
2011 වසරේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 8 ක් හා රුපියල් හතළිස් හත්ලක්ෂ අනූහය දහස් පන්සියයක මුදලක් සමග හිඹුටානේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී "කුඩු ලාලිත" ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර තිබුනේ ජපන් චූටි ඔහුට මත්කුඩු ලබාදුන් බවයි.
හෙරෝයින් කිලෝ 13ට අමතරව (6) පස්වරුවේ අංක 355, මාදම්පිටිය පාර ලිපිනයේ පිහිටි නිවසක තිබී රුපියල් මිලියන තුනක මුදලක් ද ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
මෙම නිවස ජපන් චූටි නමැත්තාගේ බිරිඳට හෝ නෑනාට අයිති බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.
මාධ්‍ය වෙත හෙළිකළ නොහැකි තවත් මහා පරිමාණ ජාවාරමක සුල මුළ හෙළිකර ගැනීම සඳහා මෙමගින් හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළ වීම නිසා කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක, ග්‍රෑන්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් ශාන්ත, උප පොලිස් පරීක්ෂක ලක්සිරි ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ මේ වන විටත් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත්වූ සැකකරු වැදගත් තොරතුරු රැසක් ඊයේ රාත්‍රී කරන ලද ප්‍රශ්න කිරීම්වල දී ද හෙළි කර ඇති අතර ජාවාරම්කරුවන් සියලුදෙනා හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට ඒ අනුව හැකි වෙතැයි පොලිසිය විශ්වාසය පළ කරනවා.
ජපන් චූටිට තොටලග ප්‍රදේශයේ ඉඩම් රැසක් තිබෙන බවත් ඔහුට ඇති දේපොලවල වටිනාකම රුපියල් කෝටි තිහ හතළිහ ඉක්මවන බවටත් තොරතුරු පොලිසියට ලැබී තිබෙනවා.
මත්කුඩු කිලෝ ග්රැම් 13ක් සමග අත්අඩංගුවට ගැණුනු සැකකරු (7) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.