ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 6, 2017

යුධ වැදුණු බුද්ධි නිළධාරින් 5000 කට රජයෙන් දැඩි පීඩා ....!!!

වත්මන් ආණ්ඩුව විසින් දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම සදහා , මෙරට යුධ හමුදාව පිලිපීන හමුදාවක් බවට පත් කිරීමේ ද්‍රෝහි සැලසුමක් ආරම්භ කර ඇති බවට , දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසනවා .බත්තරමුල්ල පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර  ,
“මේ ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙනවා ආණ්ඩුව බලයට පත් කල ,බෙදුම්වාදි බලවේග සතුටු කරන්න.ඒ බෙදුම්වාදි න්‍යාය පත්‍රයට අනුකූලව හැසිරෙන එක .ඒ වගේම තමා මේ අයට ඕනෑ වෙලා තියෙනවා මේ රාජ්‍ය දුර්වල කරලා ,වෙනත් රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් විසින් මෙහෙය වන දුර්වල රාජ්‍යයක් බිහි කරන එක .එවැනි රාජ්‍යක් තුළ තමා සිවිල් බලවේග යටපත් කරලා , දේශපාලන ආධිපත්‍ය පතුරුවන්න පුළුවන් වෙන්නේ .

හමුදාව සම්පූර්ණයෙන්ම දුර්වල කරලා ,දුර්මුඛ කරලා මානසික වශයෙන් ඇද වැටුණු හමුදාවක් ගොඩ නගන්න මේ ආණ්ඩුවට උවමනාව තියනවා.විශේෂයෙන්ම ඔත්තු සේවා ,දුර්වල කරන්න මේ අය හදනවා . ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණනාවක් , තබා ගෙන ඉදලා ,මිනීමැරුම් චෝදනා කරලා ඔත්තු සේවා නිළධාරින් එක පැත්තකින් දුර්වල කරනවා.ගිරිතලේ හමුදා කදවුරේ ඔත්තු සේවා තමා කොළඹ නගරයේ පත්තු කරන්න තියපු බෝම්බ 80 ක් සොයා ගත්තේ.ඒ ඔත්තු සේවා හරිම දියුණුයි.ඒක හරිම ප්‍රබලයි .ඒක මෙහෙය වන්නේ අපේ හමුදාවෙන්.ඒත් ප්‍රභාකරන් හිතාගෙන හිටියේ ඒක ප්‍රභාකරන්ගේ කණ්ඩායමක් කියලා.
ඒක යුධමය සැලසුමක් .හැබැයි මේ ආණ්ඩුව ඒවා හෙළිදරව් කළා.ඒ අයගේ මුණු පෙන්නලා කරන්න ඕන හැමදේම මේ ආණ්ඩුව කරලා ඉවරයි. එතකොට ඒ ගිරිතලේ කදවුරේ ඒ නිළධාරින් පාවා දීලා ,දුර්මුඛ කරලා ඉවරයි මේ ආණ්ඩුව.ඒ හමුදාව පාතාලය හා සමාන කරමින් තමා මේ යුධ විරුවන්ට චෝදනා කරන්නේ .
මේ ආණ්ඩුව මොකක්ද මේ ලබා දෙන පණිවිඩය ? උඹලා රට වෙනුවෙන් සටන් කරන්න ලෑස්ති වෙන්න එපා කියන එක තමා මේ ආණ්ඩුව කියන්නේ .මේ වෙනකොට 5000 කට ආසන්න පිරිසකගෙන් ප්‍රශ්න කරමින් යනවා ,යුද්ධයේදී වගකීම් දරපු ,තමන්ගේ ජිවිත දරු පවුල් නොතකා කැප කිරීම් කරපු , නිළධාරින්ගෙන් විවිධ ප්‍රශ්න කිරීම් කරගෙන යනවා. එතකොට ඒ අයගේ පවුල් වලින් පවා , පීඩනයක් එනවා “මින් පස්සේ රට වෙනුවෙන් වැඩ කරන්න යන්න එපා ,එහෙම කළොත් බෙල්ල ගහලා යනවා ,ඒ තරමටම අද ඒ අයව පවුල් පරිසරය තුළ පවා , අසරණ කරලා තියෙනවා.
සංස්කෘතික වශයෙන් මේ ජයග්‍රහණය බාල කරනවා .මේ වගේ දේශප්‍රේමි හමුදාවක් හදන්න ලේසි නෑ . දැන් මේ අයට ඕන , මේක අර පිලිපීනේ වගේ ඇමරිකාවට නිවාඩුවට යන,ඇමරිකාවේ දරුවෝ ඉගෙන ගන්න ඇමරිකාව උසස් කියලා හිතන ,ඇමරිකාවෙන් උපදෙස් ගන්න ,පිලිපීන කාන්තාවන් දුෂණය කලා යැයි කියන හමුදාවක් . එහෙම දුර්මුඛ , සංස්කෘතික වශයෙන් දුර්මුඛ හමුදාවක් කරන්නයි මේ අය හදන්නේ . මේක මේ හොදට දැනුවත් කරන සැලසුමක්.
ඩයස්පෝරාවට උදව් කරපු අයට දැන් ඕන වෙලාවක රට තුළට යන්න එන්න , පුළුවන් විදියට ද්විත්ව පුරවැසිභාවය ලබා දෙනවා. මේ භයානක තත්වය කරුණාකරලා තේරුම් ගන්න . මේ ආකාරයට මේ රජයට කටයුතු කරන්න ඉඩ දෙන්න එපා .”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.