මන්ත්‍රීවරු 45ක් වාහන බලපත්‍ර විකුණයි – අල්ලස් කොමිෂමෙන් පරීක්ෂණ.
ඒ බව දැනුම් දුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණය
හමුවේ ගොනුකර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙසට පැමිණිලිකාර නීතිඥවරයාගෙන්
ඉල්ලා සිටියේය. වගඋත්තරකාර අල්ලස් කොමිෂන් සභාව විසින් ලබාදෙන එම
පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තමා සූදානම්
නොමැති බව පැමිණිලිකාර නීතිඥවරයා පෙන්වා දීම නිසා එම පෙත්සම සලකා බැලීම
සඳහා ලබන මැයි 09 වැනිදා කැඳවන ලෙසට විනිසුරු මඬුල්ල නියෝග කළේය.
2014 වසරෙදී තමා එම පැමිණිල්ල කරනවිට මන්ත්‍රීවරුන් 24 දෙනකු ඔවුන්ට
ලබාදී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍ර අලෙවි කොට ඇති බවට තොරතුරු අනාවරණය
වූ නමුත් මේ වන විට එලෙස වාහන බලපත්‍ර අලෙවි කළ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 45
දක්වා ඉහළ නැග ඇති බවත් තමා ඒ සියලු තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්
කර ඇති බවත් පෙත්සම්කාර නීතිඥ නාගහලන්ද කොඩිතුවක්කු එහිදී අධිකරණයට
පෙන්වා දුන්නේය. එමගින් රජයට රුපියල් මිලියන 6කට අධික පාඩුවක් සිදුවි ඇතැයි
ද නීතිඥවරයා එහිදි අධිකරණයට පෙන්වා දුන්නේය.
Sunday, March 19, 2017
අපතයෝ 45 උන්ගේ කාර් පර්මිට් විකුණයි...!!!
Posted by
LANKANEWS ORAGANIZATION
at
March 19, 2017
Labels: car permits, lanka politics, luxery vehicles, new vehicles to politikko, politicco, srilankan parliament, yahapalanaya
අපතයෝ 45 උන්ගේ කාර් පර්මිට් විකුණයි...!!!
2017-03-19T15:44:00+01:00
LANKANEWS ORAGANIZATION
car permits|lanka politics|luxery vehicles|new vehicles to politikko|politicco|srilankan parliament|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
