ගෞරවනීය මහා සoඝරත්නය ඇතුළු බෞද්ධ
ජනතාවගේ අවධානය පිණිසයි.මෙම ආරාධනය අන්‍ය ජාතීන්ගේ ආගම,
ජාතිය හා සoස්කෘතියට ගරු කරන, මේ පින්බර මව්බිමේ උපන්
බෞද්ධයන් වෙතයි.උපතින්ම බෞද්ධාගම උරුම වූ අප අසා ඇත්තේ ථේරවාදී බුදු දහමේ කෙන්ද්‍රස්ථානය
ශ්‍රී ලoකාව බවයි. අපට අපේ මුතුන් මිත්තන් උරුම කර දුන් වසර සිය
දහස් ගණනක් පැරණි ඒ ප්‍රෞඩ ඉතිහාසය තුළ උරුම වූ නටඹුන් පවා අද අපට රැක ගැනීමට
නොහැකි වෙමින් පවතී. මක් නිසාද යත්,
එම වටිනා උරුමයන්ට නිසි ආරක්ෂාව යෙදීමේ වගකීම මින් පෙර
පැවති සෑම රජයක් විසින්ම පැහැර හරිනු ලැබ තිබිණි.එම අගනා දායාදයන් විදේශිකයින්ට
විකුණා මුදල් උපයා ගැනීමට වෑයම් කළා මිස,
එම සම්පත් කෙරෙහි නිසි අවධානය යොමු කිරිම ඔවුන් අතින්
සිදු නොවීය.
අප ලොවට කෑ ගසා පුරසාරම් දොඩන වසර 2500 ක ඉතිහාසයක් ඇති මේ පින්බිමේ, දින 365 පුරාවටම ගුවන්විදුලි
හා රූපවාහිනි නාලිකා තුළින් බුදු බණ ප්‍රචාරය වූවත්, පහත සඳහන් කරුණු සළකා
බැලීමේදී අපගේ දේශය ථේරවාදී බුදු දහමේ මූලස්ථානය ලෙස හැදින්විය හැකිද යන්න දෙවරක්
සිතා බැලිය යුතුය.
§ සෑම දිනකම උදෑසන පුවත්පත්වල දැකිය හැකි තොරතුරු අතරින්
බොහෝ ප්‍රමාණයක් මිනීමැරුම්, මoකොල්ලකෑම් හා ස්ත්‍රී දූෂණ පිළිබඳ සිදුවීම් ය.
§ මත්පැන් භාවිතය අතරින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස
අප රට හැඳින්විය හැක.
§ ලෝකයේ සිය දිවි නසා ගැනීම් වැඩි වශයෙන්ම සිදුවන රටවල්
අතරට අපගේ රටද එක් වී තිබේ.
§ දිනකට අවම වශයෙන් ළමා අපචාර 4 ක් හෝ සිදු වන බව වාර්තා වී ඇත.
§ ප්‍රෞඩ ඉතිහාසයක් සහිත අපගේ මවුබිමේ කාන්තාවන් ඉතා විශාල
ප්‍රමාණයක් මැද පෙරදිග රැකියාවල නිරත වී සිටින අතර, ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක්
ඉතා අසරණ බවට පත් වී සිටියි.
§ මත් ද්‍රවH භාවිතයට ඉක්මනින්ම ගොදුරු වන්නවුන් බවට ශ්‍රී ලාoකීය තරුණ පරපුර පත් වී
ඇත.
§ ගොවි ජනපදවල ඉතා දුක් මහන්සි වී ගොවිතැන් කරන්නවුන්
විශාල ප්‍රමාණයක් වකුගඩු රෝගයට ගොදුරු වීම නිසා එම පවුල් දැඩි ආර්ථික අපහසුතාවයන්ට
මුහුණ පාමින් සිටියි.
§ උතුරු නැගෙනහිර පැරණි විශිෂ්ට බෞද්ධ සිද්ධස්ථාන විශාල ප්‍රමාණයක්
නිසි සැලකිල්ලක් නොමැති වීම හේතුවෙන් විනාශ වෙමින් පවතී.
ඉහතින් සඳහන් කාරණා වලින් 86% කට වැඩි ප්‍රමාණයකට මුහුණ පා ඇත්තේ මේ මවුබිමේ අහිoසක ජනතාවයි.මෙතෙක් ලකාවේ බෞද්ධ ශාසනය සඳහා ඇමතිවරු කොපමණ
සිටියත්, ඔවුන්ගෙන් බුදු දහමේ
චිරස්ථිතිය උදෙසා කිසිවක් සිදු වී නොමැත. පසුගිය කාලයේ කුඩු විකුණන වෙළෙන්දන්ට
ලිපි නිකුත් කරන ලද්දේ බෞද්ධ ශාසන අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ වලිනි.
වර්ෂ ගණනාවකට පසු මවුබිමේ බෞද්ධයන් වෙනුවෙන් හඬ නගන, මනා පෞර්ෂත්වයකින් හෙබි බෞද්ධ නායකයෙකුට, බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍යංශයේ වගකීම පැවරී ඇත්තේ
බෞද්ධයන්ගේ පෙර පිනකට ය.
බෞද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත ඉදිරිපත් කිරීම සඳහා, බෞද්ධයන්ගේ ජීවන
තත්ත්වය උසස් මට්ටමකට ළඟා කර ගනිමින්, අපට උරුම වූ පැරණි ශ්‍රී
විභූතිය යළි ගොඩ නැගීම උදෙසා, දෙස් විදෙස් ශ්‍රී ලාoකීය බුද්ධිමත් බෞද්ධයෙනි,විශ්ව විද්‍යාල ආචාර්යවරුනි,සෑම තරාතිරමකම උගතුනි, ඔබගේ වටිනා අවධානය ඉහත
සඳහන් කාරණය වෙත යොමුකර, අපගේ අභාවයට යමින්
පවතින අභිමානවත් ශිෂ්ටාචාරය නැවතත් ගොඩ නැගීම උදෙසා පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයට හැකි
ඉක්මනින් ඔබගේ වටිනා අදහස් යොමු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මෙයට
සිරි කුමාර