රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධිකාරි දීපා සෙනෙවිරත්න
රු.
බිලියන 10 කට අධික ලංසු පිළිගැනීමේ මහ බැංකු අධිපතිවරයාගේ
තීරණය ක්‍රියාත්මක කරන ලෙස අර්ජුන මහේන්ද්‍රන් තමා
වෙත තරයේ උපදෙස් දුන් බව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු
අධිකාරි දීපා සෙනෙවිරත්න (6 දා) මහ බැංකුවේ
සිදුවූ බැඳුම්කර වංචාව ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම
හමුවේ සාක්ෂි දෙමින් පැවැසුවාය.
නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු සහ තම දෙපාර්තමේන්තු
නිලධාරීන් ඉදිරියේ මේ තීරණය පිළිගන්නා ලෙස තමාට තරයේ
උපදෙස් දුන්විට එම තීරණය ක්‍රියාත්මක කරනවා හැරෙන්නට තමාට
වෙනත් විකල්පයක් නොතිබූ බවද ඇය කීවාය.
අධිපතිවරයා එහිදී තමා දෙසට හැරී .DO IT . යන වචන භාවිතා
කරමින් එම තීරණය ක්‍රියාත්මක කරන ලෙස තමාට නියෝග කළ බවද ඇය
කියා සිටියාය.
අතිරේක රාජ්‍ය ණය අධිකාරි ආසිම් එම තීරණයේ අහිතකර බව
සිව් වතාවක් පෙන්වා දුන්නත් පළක් නොවූ බවද නියෝජ්‍ය
අධිපතිවරුන් දෙදෙනා නිහඬව බලා සිටි බවද ඇය කියා සිටියාය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන්
සිදුකෙරෙන රාජකාරි කටයුතු ගැන දැනීමක් හා අත්දැකීම් නැති
තමා හදිසියේම එහි ප්‍රධානියා ලෙස පත්කර ඇති බව දැන ගන්නට
ලැබී විශ්මයට පත්වූ බවද ඇය කීවාය.
තමා එම තනතුරට පත් කරනු ඇතැයි කිසි දිනෙක අපේක්ෂා නොකළ
බවත් තනතුර භාර ගැනීමට
ඇති අකමැත්ත පළකොට දන්නා හඳුනන
උසස් නිලධාරීන් මාර්ගයෙන් වෙනත් අංශයකට මාරුවක් ලබා
ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ නිසා අවසානයේදී එවකට මහා
බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් හමුවී කරුණු
ඉදිරිපත් කළ බවද සෙනවිරත්න කීවාය.
එවකට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයකුව සිටි
ආචාර්ය ආසිම් ඉන් ඉවත් කිරීමට තමාට අවශ්‍යවී තිබෙන බව
අර්ජුන මහේන්ද්‍රන් තමාට පැවසූ බවත් ඒ නිසා තනතුරේ
දිගටම රැඳී සිටින ලෙස ඔහු තමාට දැන්වූ බවත් එම කාරණාව
කිසිවකුට හෙළි නොකර රහසක් වශයෙන් තබා ගන්නා ලෙස ඔහු තමාට
එම අවස්ථාවේදී පැවසූ බවත් දීපා සෙනෙවිරත්න කොමිසම
හමුවේ පැවැසුවාය.
ඉන්පසුව වෙන ගත හැකි පියවරක් නැති නිසා තනතුර භාරගත් බවත්
පළමුවෙන්ම කළේ රජයේ ණය දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම කැඳවා
තනතුරේ කටයුතු කරගෙන යැමට තමාට සහාය වන ලෙස ඉල්ලා සිටීම
බවත් ඇය කීවාය.
එවකට රජයේ ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරී ආචාර්ය ආසිම් ඇතුළු උසස් නිලධාරීන්ගෙන් තමාට විශාල සහායක් ලැබුණු
බවත් එතැන් සිට තමා දිගටම කටයුතු කළේ ඔවුන්ගේ උපදෙස් හා
මග පෙන්වීම යටතේ බවත් පැවසූ සාක්ෂිකාරිය ආචාර්ය ආසිම් රාජ්‍ය ණය අංශය ගැන විශේෂ දැනුමක් මෙන්ම උසස්
අධ්‍යාපනයක් ලබාගෙන සිටින අයෙකු බවත් ඔහු මහ බැංකුවට ඉතා
වටිනා සම්පතක් බවත් කියා සිටියාය.
සෙනවිරත්න මහත්මිය ඊයේ කොමිසම හමුවේ සාක්ෂි දීම ආරම්භ කළේ
ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන ගේ
ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ඇය කොමිසමට විස්තර කළ අන්දමට මහා බැංකුවේ සේවයට බැඳී වසර
28 ක් සේවය කර ඇත. කාර්ය මණ්ඩල නිලධාරියකු ලෙස සේවය
ආරම්භ කළ ඇය අර්ථ සාධක සහ විනිමය දෙපාර්තමේන්තුව ඇතුළු
දෙපාර්තමේන්තු කීපයක සේවය කර තිබේ. ඇය ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. වසර 28 ක සේවා කාලය තුළ
උසස්වීම් කීපයක් ලබා ඇති ඇය රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ
අධිකාරි තනතුරට පත්වී ඇත්තේ 2015 පෙබරවාරි 09 දායි. එම
තනතුරට පත් කළ බව මහ බැංකුවේ මානව සම්පත් අංශයෙන් 2015
පෙබරවාරි 6 දා ඇයට දැනුම් දී තිබේ.
තමා එම තනතුරට පත්වීමට කලින් තනතුරේ කටයුතු කළේ ධම්මික
නානායක්කාර බවත් තමාට මතක ඇති හැටියට ඔහු මාස 3 ක්
පමණ එම තනතුරේ සේවය කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
සොලිසිටර් ජනරාල්වරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
සෙනවිරත්න මහත්මිය කියා සිටියාය.
කොමිසම සාමාජික විනිසුරු ප්‍රසන්න ජයවර්ධන , මහා
බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරට
පත් වූයේ කවදාද?
සාක්ෂිකාරිය- 2015 ජනවාරි 25 දා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Monday, March 6, 2017
බිලියන 10 ක ලංසු පිළිගන්න අර්ජුන මට නියෝග කළා....!!!
Posted by
lankanews
at
March 06, 2017
Labels: arjun alosius, arjun mahendran, Bond Scam, bondscam, central bank, lankanews, Perpetual Treasuries, yahapalanaya
බිලියන 10 ක ලංසු පිළිගන්න අර්ජුන මට නියෝග කළා....!!!
2017-03-06T21:19:00+01:00
lankanews
arjun alosius|arjun mahendran|Bond Scam|bondscam|central bank|lankanews|Perpetual Treasuries|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...