ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 31, 2017

කථා කරපියව් ඒවා යුධ අපරාධ නොවේද...???

නිරායුධ මිනිසුන් අමු අමුවේ ඝාතනය කළ යුගය 2009 මැයි මාසයෙන් පසුව අවසන් විය. එසේ නමුත් සිය ගණන් අසරණ වැසියන් අමු අමුවේ මරා දැමූ ත්‍රස්‌ත යුද අපරාධකරුවන්ට නම් නිසි දඬුවම් ලැබිය යුතුය.
තවත් යුද අපරාධකරුවකුට වසර 20 ක සිර දඬුවමක්‌ ලැබී ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය කනගසබේ දේවදාසන් යුද අපරාධකරුවකු ලෙස නම් කරන්නේ ද නැද්ද යන්න අපි නොදනිමු. නමුත් 2008 වසරේ පෙබරවාරි 03 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයේදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් සිදුකළ ප්‍රහාරයට ආධාර අනුබලදීමේ චෝදනාවට වරදකරු වූ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු යෑයි කියන නාදන් යෑයි අන්වර්ථ නාමයෙන් හඳුන්වන යුද අපරාධකරුවාට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ  විසින් පෙරේදා (29 දා) බරපතළ වැඩ ඇතිව විසි වසරක සිර දඬුවමක්‌ නියම කරනු ලැබීය.

ඊළාම ගන්න දත කෑ උන් ගැන හෙළිදරව්වක් …කොන්දක් නැති ජනපති ,අගමැති සහ විදේශ ඇමතිවරයෙක් ...!!!


ඒ ප්‍රඥප්තියට සම අනුග්‍රහය දැක් වූවා .ඒ ගැන තමා අද මේ ජිනීවා වලදී කතා කරන්නේ . අපේ රටට බරපතල ලෙස චෝදනා කල මේ වාර්තාව පිළිගෙන ඊට සම අනුග්‍රහය දැක්වූ වාට පස්සේ මොන රටද කියන්නේ අපි යුධ අපරාධ කලේ නෑ කියලා .අන්න ඒ නිසා හැමෝම මේ වාර්තාව පිළිගත්තා .පාක්‍යසෝති සරනමුත්තු ,නිමල්කා ප්‍රනාන්දු කියන අය එහිදි මොනවාද කලේ ? අපේ රටට එරෙහිව බරපතල ලෙස චෝදනා කළා . ඒ අය සේරම එල් .ටි .ටි .ඊ හිතවාදි ,දෙමළ බෙදුම්වාදි ඊලම සාර්ථක කර ගන්න අපේ හමුදාව යුධ අපරාධ කලාය කියලා චෝදනා කළා .
ඉතාම වැරදි තොරතුරු ඉතාම සාවද්‍ය තොරතුරු මේ අය මේ සභාවට දැන්වූවා . අපේ නිජබිම අපිට ලබා දෙන්න කියලා මේ එල් .ටි .ටි .ඊ හිතවාදීන් මෙහිදි කියා සිටියා .එක්ලක්ෂ හතළිස්දාහක් ඉතාම කෲර ලෙස ඝාතනය කලා කියලා කිව්වා .
නිමල්කා ප්‍රනාන්දු මොකද කියන්නේ ? මමත් වධ හිංසාවට පත් වෙච්ච කෙනෙක් කිව්වා .ඉතාම පහත් විදියට සුනන්ද දේශප්‍රියලා අපේ රටට අපේ හමුදාවට එරෙහිව චෝදනා කලා මහා බරපතල විදියට .ඒ අය ද්‍රෝහින් .මේ අයගේ මේ දේශද්‍රෝහි ක්‍රියා ගැන මෙරට ජනතාව දැන ගත යුතුයි .දෙමළ ඊලාම් ජනතාවට සහයෝගය දැක්විය යුතුයි මේ අය පුන පුනා කිව්වේ ඒක .

රට යන අත.....!!!

උතුරු මැද, සබරගමු සහ නැඟෙනහිර පළාත් සභා මැතිවරණ යෝජිත පළාත් පාලන මැතිවරණයට පෙර පවත්වන්නට ජනාධිපති  තීරණය කර තිබේ. ඒ අනුව පළාත්පාලන මැතිවරණ පැවැත්වෙන්නේ ඊට පසුවය.හම්බන්තොට වරාය ප්‍රශ්නය දේශපාලන තලය උණුසුම් කරමින් ඉදිරියටම ඇදී යමින් පවතී. හම්බන්තොට වරාය චීනයට බදු නොදෙන්නේ නම් රට පවත්වාගෙන යැමට මුදල් නොමැති බව කියන්නේ ආණ්‌ඩුවේම ඉහළ නිලධාරීන්ය. මෙය බරපතළ ගැටලුවකි. හම්බන්තොට වරාය චීනයට ලබාදී ලැබෙන මුදල් අවසන් වන විට ඊළඟට විකුණන්නට දෙයක්‌ සොයා ගත යුතුවේ. මේ ආකාරයට රටේ සම්පත් විකුණනවා වෙනුවට නිසි ආර්ථික වැඩපිළිවෙළක්‌ ආණ්‌ඩුව වහාම සොයාගත යුතුය.

Saturday, March 25, 2017

මාමාගේ අයවැයෙන් බෑනාගේ අරක්කු සමාගමට කෝටි ගණනක බදු සහන..!!!



යහපාලන ආණ්ඩුව පැමිණියේ 2015 ජනවාරි 9 වෙනිදා ය. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුවේ අධිපති වූයේ ජනවාරි මාසයේදී ය. ඔහුගේ බෑනගේ සමාගම වූ පර්පෙචුවල් ට්‍රෙසරිස් පලමු බැදුම්කර වංචාවට සම්බන්ධ වන්නේ 2015 පෙබරවාරි මාසයේ 27 වෙනිදා ය. ඒ හරහා විශාල ලාභයක් තම සමාගමට හිමිබව දැන ගත් වහාම එසේ ලැබෙන මුදල් ආයෝජනය කිරීම සඳහා බෑනාට හිමි අරක්කු සමාගම හරහා අලුත් අරක්කු ෆැක්ටරියක් ඉදිකිරිමට අවශ්‍ය බලපත්‍රයක් එම වසරේ දිම මුදල් අමාත්‍යාංශය හරහා ලබා ගත්හ.
ඉන්පසු 2017 අයවැය පිලියෙල කිරීම මුදල් අමාත්‍ය රවි කරුණානායක ලේකම් ආර් එච් එස් සමරතුංග ඇතුළු නිලධාරින් විසින් සිදු කල අතර එහි තීරණාත්මක රැස්වීමක් අමාත්‍යාංශයන් බැහැරව දකුණු පලාතේ තරු පන්තියේ හෝටලය තෝරා ගෙන එහි නේවාසිකව අයවැය පිලියෙල කරන ලදි.

පොරොන්දු වලට ගරු කර ඒවා අකුරටම ඉටු කරනු-මානව හිමිකම් කවුන්සලයට TNA ප්‍රසාදය ...!!!

34/L I යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට හා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට නිශ්චිත කාලයක් ලබාදීමත්, 30/1 යෝජනාව සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඒ පිළිබඳ වාර්තාවක් පිළිවෙලින් 2018 දී හා 2019 දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 37 වන හා 40 වන සැසිවාරයේදී ඉදිරිපත් කිරීමට නියම කිරීම පිළිබඳවත් දෙමළ ජාතික සන්ධානය තම ප්‍රසාදය පළකරයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මඟින් සම්මත කරන ලද යෝජනාවට දෙමළ ජාතික සන්ධානය ප්‍රසාදය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ද්‍රවිධ ජාතික සන්ධානය මේ බව සදහන් කරනවා.
එම නිවේදනය පහත පරිදිය

විරුවන්ගේ විත්තිවාචකය විදෙස් විනිසුරන්ගේ ආගමනයට රතු කොඩියක්ද? කොළ කොඩියක්ද?

පසුගිය සතියේ තරම් ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු සම්බන්ධව ජනතාව සාකච්ඡා කළ ආකාරයක් මෙයට පෙර දකින්නට නො වීය. 2019 මැයි 19 දින ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේදී මිය ගිය මොහොතේ සිටම ඉංග්‍රීසි ගැති මානසිකත්වයෙන් පෙළෙන්නෝ, බෙදුම්වාදීන් එනම් බටහිර අනුකාරකයෝ ලංකාවේ රාජ්‍ය නායකයින් සහ යුධ විරුවන්ව ජිනීවා මානව හිමිකම් උගුලේ හසු කරන හැටි ගැන ඇගිලි ගණිමින් සිටියේ ය. දෙමළ ඩයස්ෆෝරාවේ මෙහෙවීමෙන් මහා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව හරහා නිර්මාණය කරගත් යුධ අපරාධ දර්ශන ඇතුළත් වීඩියෝ පට කිහිපයක් අන්තර්ජාතිකව මුදා හරිමින් ලාංකීය හමුදාවෝ යුධ අපරාධ සිදුකර ඇති බවට පුළුල් ප්‍රචාරයක් ලොව පුරා ගෙන ගියහ. ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින බෙදුම්වාදී අරමුණු සහ ඉලක්ක ඇති මන්ත්‍රීවරු මෙන්ම ඩොලර් වලින් යැපෙන සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් ලංකාවේ හමුදා යුධ අපරාධ උගුලට හසුවන වාර්තා ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති බවත් ඒ සමගම වාර්තා විය. හිටපු නීතිපතිවරයෙකු වූ ශීවා පසුපතිද ඒ අතර විය. ඒ සමගම සිහි කළ යුත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වූ සී. වී. විග්නේශ්වරන් විසින් ‍උතුරු පළාත් සභාවේ මහ ඇමති වී උතුරු නැගෙනහිර වෙනම ඒකකයක් ලෙසට යෝජනා ‍උතුරු පළාත් සභාවේ සම්මත කරමින් කටයුතු කර ඇති බවයි.

Wednesday, March 22, 2017

කුණු මාධ්‍යය ක්‍රියාවන් නිසා සදාචාර පිරිහුම දෝරේ ගැලූ කොළඹ පාසැල්..!!!

වරක් ඡන්දය හිඟාගෙන ආ ක්‍රිස්මාල් වර්ණකුලසූරිය නම්වූ හම්පඩයෙක් බිග් මැච් සොමියකට සහභාගීවී පට්ට අසැබි කුණුහරුප කීවේ මේ ඊයේ පෙරේදාය.එසේම තවත් වරක් අද රටට උදාහරණ,උපහැරණ දෙන සුනිල් පෙරේරා වරක් වේදිකාවේ නළඟණක් නිරුවත් කරමින් කී කුණු කථාද ඇසුණේ පාසැල් වේදිකා මතිනී.මේවාද මේ වත්මන් සිසු දරු පරිහානියේ ආරම්භයන් නොවේද...?


කොළඹ ප්‍රධාන පෙලේ බිග් මැච් සාදයකදි පදමට වෙරි වී තම දරුවන් ඉදිරිපිට අමු තිත්ත කුණුහරුප සිංදුව කියන්නේ පසුගිය 2015 අගෝස්තු 18 වෙනිදා පැවති පාර්ලිමේන්තුව මහා මැතිවරණ සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ කොමිසමේ සභාපති වෙත යැව් එම පක්ෂයේ ජාතික ලැයිස්තුවේ දෙවෙනියට නම ඇති ක්‍රිස්මාල් වර්ණකුලසූරිය ගේ බව ඔහුගේ සමකාලින පාසල් මිතුරකු අප වෙත දන්වා එවා ඇත.
ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තුවේ හිටපු විගනකාධිපති වරයෙකු වන සරත් චන්ද්‍රසිරි මයා දුන්නේ ට පසු දෙවෙනියට ඇති නම අරුණ ක්‍රිස්මාල් වර්ණකුලසූරියය.  පසුගිය දා බිග්මැච් සාදයකදී පදමට මධු විත ගනිමින් අමු තිත්ත කුණුහරුප සිංදුව කියු දවසේ ඇදන් සිටි ආකාරයේ ඇදුමත් හදුනා ගැනිමට පහසු වන සේ පාසලේ වීරයෙක් යන තේමාව යටතේ ගත් ඡායාරූපයක් ද ඔහුගේ ෆේස්බුක්හි ඇත
වීඩියෝ සහිතයි.වැඩි හිටියනට පමණී.''බිග්'' කට්‌ටියගේ ''මැච්'' සොමිය..

ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ....!!!

 අවසානයේ මේ යහපාලනය කරන්නට කියා බලයට ආ නිර්ලජ්ත හොර හැත්ත බල්ලන්ටත් දඩ ගසයි...!!!
බලු සුරතලුන් අයාලේ  ගියොත් 25000ක්‌ දඩ
සුනඛයින් අයාලේ යැමට ඉඩහරින හිමිකරුවන්ගෙන් අය කරන දඩය රුපියල් 25,000 දක්‌වා වැඩි කිරීමට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලැබී තිබේ. එමෙන්ම එම වරද සඳහා ඇති සිර දඬුවම් වසර 02 දක්‌වා වැඩිකිරීමටද පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්‌තාපා  ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාවට මෙලෙස පෙරේදා (21 දා) අනුමැතිය හිමිව ඇත.

අපතයො රැළම අත උස්සා හම්බන්තොටත් චීනට යළි බදු දුන්නා....!!!

චීන සමාගමකට හම්බන්තොට වරාය වසර 99කට පැවරීම සදහා වූ ගිවිසුම ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
අදාල ගිවිසුම ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද ජනාධිපතිවරයා විසින් පත්කර ඇත.

ගොමිමුන්නාව කදුපන්තිය හා ගල්මුල්ල මූකලාන රක්ෂිතය – ගල්කොරියකට බදුදේ ...!!!

කුරුණැගල දිස්ත්‍රීක්කයේ රිදීගම ප්‍රදේශිය ලේඛමි බල  ප්‍රදේශයේ මුහුදු මටිටමේ සිට අඩි 300 පමණ උසින් ගොමුමින්නාව කදුවැටිය හා ගල්මුල්ල මූකලානරක්ෂිතය පිහිටි ඇත මධයම කදුකරයේ ආරමිබක කදුපන්තියක් වන ගොමිමුන්නා කන්ද කුරුණැගල හා මහනුවර දිස්ත්‍රික්ය බෙදා වෙන්කරන මයිම ලෙසද පිහිටා ඇති අතර පූරාණ කාලයේ නුවර දෙසට යනමිනිසුන්  ගමන්ගත් අඩි පාරවල් තවමත් මෙම ප්‍රදේශයේ දක්නට ඇත. පාරාගොඩ අවසාන ගමිසිතියම මගින් අංක 217 FVP/PARAGODA NWP අක්කර 07 යිපර් 29 ගල්මුල්ල් මූකලාන රක්ෂිතය ලෙස නමි කර ඇති අතර එම රක්ෂිත කලාපයද ගෙමිමුන්නාකන්ද තුල පිහිටා ඇත.මෙකී ගල්මුල්ල රක්ෂිතය හා ගොමිමුන්නා කන්ද ගල් කොරියකට හා ලී මොලකට බදුදීම සිදුකර ඇත.

Tuesday, March 21, 2017

අභීත හඬක් රට ජාතිය වෙනුවෙන්..!!! අපගේ උපහාරය ඔබට...!!!

140,000 ක්‌ ද්‍රවිඩ ජනතාව සමූලඝාතනය කර ඇති බවට කොටි හිතවාදීන් මානව හිමිකම් සමුළුව හමුවේ එල්ල කරන චෝදනාව මුළුමනින්ම සාවද්‍ය බවට රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (20දා) මානව හිමිකම් සමුළුව අමතා කියා සිටියේය.
ඊළාම් ක්‍රියාකාරීන් හය දෙනකු ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරන අභූත චෝදනා මා නිරීක්‍ෂණය කළා. මේ කිසිවෙක්‌ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටි අය නොවෙයි යෑයි හෙතෙම එහිදී පැවසීය. සරත් වීරසේකර මහතා සමුළුව අමතන බව වාර්තා වී ස්‌විස්‌ ඊළාම් ඩයස්‌පෝරාව මගින් ඊළාම්වාදීන් විශාල පිරිසක්‌ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙන්වා තිබුණි. video

නඩු අහන්නත් ලැජ්ජ නැතුව ආපු ලෝක හොරාණෝ...!!!

මහ බැංකු බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂා කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාග කටයුතු නරඹන්නකු ලෙස ඒ සඳහා වෙන්කර තිබෙන අසුනක හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වාඩිවී සිටීම ගැන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා  ඊයේ දැඩි විරෝධය පළ කළේය.
හිටපු අධිපති මහේන්ද්‍රන්   (21 දා) කොමිසමට පැමිණ සිටියේ ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  ඇතුළු නීතිඥ කණ්‌ඩායමක්‌ සමඟය.

ජනාධිපති කොමිසම ඊයේ පෙරවරු 10 ට රැස්‌වූ අතර මුලින්ම නැගී සිටි අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා , නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් සාක්‍ෂිකරුවන් මාර්ගයෙන් කොමිසමට ඉදිරිපත් කරන මහ බැංකුවේ ලියවිලිවල පිටපත් තමාට ද ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

රුසියන් කෙල්ලො දෙන්නෙක් අපේ ඵවුන්ට දීපු තෑගි....!!!

යොවුන් වියේ පසුවෙන ලස්සන සුද්දියො දෙන්නා ලංකාවට ආවේ පරිසරය පිළිබඳව අධ්‍යනයක යෙදෙන්න කියලා. මේ දෙන්නගෙම උපන් රට රුසියාව. ලංකාවට ආව කෙල්ලො දෙන්න ගොඩක් ආස කලේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ඇල්ල ප‍්‍රදේශයට.
මේ ලස්සන සුදු නෝනලා දෙන්න නතර උනේ ඇල්ල පැත්තේ තියන හෝටලයක. සංචාරකයෝ ලංකාවට ආවම ඔවුන්ට උදව් කරන්න කට්ටිය එමට ඉන්නවා. සංචාරකයින්ට ගයිඞ් වැඬේ කරන්න ඉදිරිපත් වෙන්නේ බොහෝ විට පිරිමි පක්‍ෂය. ඉතින් මේ තරුණ සුදු නෝනාලා දෙන්නා දැක්කම ඒ දෙන්නගේ ගයිඞ්ලා වෙන්නත් ගොඩක් කොල්ලො ඉදිරිපත් වුනා. ඒ වුනාට සුද්දියෝ දෙන්නා එකම ගයිඞ් කෙනෙක් එක්ක අපේ රටේ සුන්දරත්වය රසවිදින්න යන්න කැමැත්තක් තිබුනේ නෑ. ඇල්ල පැත්තෙම කරක්ගහන්න ආසා කරපු මේ යෞවනියෝ දෙන්නා අද එක ගයිඞ් කෙනෙකුත් හෙට තවත් ගයිඞ් කෙනෙකුත් විදියට කොල්ලො සෙට් එකක්ම තෝරා ගත්තා හරිම සුහද විදියට.

රටටම අරක්කු බෙදන්න බැඳුම්කර හොරා ප්ලෑන් කරලා ...!!!

මුදල් ඇමති කරුප්‍පයියා ඇතුලු හොර නඩේගෙන් අතහිත...!!! 
බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස්‌ විසින් කල්කුඩාහි ආරම්භ කිරීමට යන අරක්කු නිෂ්පාදනාගාරයට අති විශාල බදු සහනයක්‌ ලැබෙන බව වාර්තා වෙයි.
මෙම නිෂ්පාදනාගාරය ආරම්භ කිරීම වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස්‌ රුපියල් බිලියන 4.5ක මුදලක් යොදවන අතර ඔහුට අයත් ‘මෙන්ඩිස්‌’ අරක්කු සමාගමේ නිශ්පාදනාගාරයක් එහි ඉදිකෙරේ.

පත්තර කාරයො ? ඕකුන්ව මං එනකොටත් සර්ච් කරනවා, යනකොටත් සර්ච් කරනවා "...!!!

හිටපු නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ විසින් රචනා කළ "අන්න ඒක හරි" නම් කෘතිය එළිදැක්වීම පසුගිය සතියේ මහවැලි ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දර ය. උත්සවයේ මූලාසනය දැරූ භික්ෂූන් වහන්සේ සභාව අමතමින් ප්‍රකාශ කළේ "මේ බෝධි ලියනගේ මහත්තයා කියන්නේ අවංක, දක්ෂ, නිකැළැල් පොලිස් නිලධාරියෙක්. කවදාවත් කිසිම දූෂණයකට සම්බන්ධ වෙච්චි කෙනෙක් නෙවෙයි. ඒවගේ අය පොලීසියේ හරිම විරලයි" යනුවෙනි.
ඊළඟට තිබුණේ පොලිස්පති පූජිත ජයසුන්දරගේ ප්‍රධාන දේශනයයි. දේශනය ආරම්භ කරමින් ම පූජිත පැවසුවේ " හාමුදුරුවනේ ඒක මහ කැත කතාවක්නෙ! ඇයි හාමුදුරුවනේ මේ මම ? මමත් අවංක, දක්ෂ, නිකැළැල්, කිසිම දූෂණයකට සම්බන්ධ නැති කෙනෙක්නේ ? ඇයි මං ගැන ඔබවහන්සේ එහෙම නොකියන්නේ ?" යනුවෙනි. ඔහු ඊටම එකතු කරමින් "හැම එකාම කියන්නේ පූජිතට කෙළවෙලා කියලා, ඒත් මේ ඉන්නෙ මං හොඳට පොලිස්පති පුටුවේ .." යනුවෙන් ද පැවසුවේය.

මත් මතින් කොටු පනින්න ට්‍රයි කළ අඩු වයස් මහානාම ගැටව්...!!!

මහානාමයේ මද කිපෙති.. ගේට්ටු කඩාගෙන යශෝදරාවට පනිති.. මහ ගාලගෝටියක්..!!! 
මහානාම විදුහල හා ඞී.එස්. සේනානායක විදුහල අතර පැවැත්වීමට නියමිත මහා ක‍්‍රිකට් තරගයට සමගාමීව පවත්වන ලද රිය පෙරහරක් අතරතුරු මෙම සිසුන් පිරිස බාලිකා විදුහලට කඩා පැන ඇති අතර එම විදුහලේ ගුරුවරුන් හා දෙමාපියන් පවසන්නේ අදාල සිසුන් පිරිස මත් ගතියකින් සිටිනු දුටු බවයි. video කොළඹ මහානාම විදුහලේ සිසුන් පිරිසක් බලහත්කාරයෙන් කොළඹ යශෝධරා බාලිකා විදුහලට කඩා පැනීමත් සමග එහි ඉතා උණුසුම් තත්වයක් හට ගත්තේය.

Monday, March 20, 2017

ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ විශේෂ කණ්ඩායමක්

සන්ඩේ ලීඩර් පුවත්පතේ සන්ඩේ ලීඩර් පුවත්පතේ සමාරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග  ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  (20) අධිකරණයට දැනුම් දී තිබේ.
මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදිය සිදුකර ඇත්තේද මෙම විශේෂ කණ්ඩායම විසින් බවත් එකල මධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.VIDEO

බෞද්ධයෙනි,කුඩු වූ වසර 2500ක හිස්ටරිය නැවත ගොඩනගමුද...?

ගෞරවනීය මහා සoඝරත්නය ඇතුළු බෞද්ධ ජනතාවගේ අවධානය පිණිසයි.මෙම ආරාධනය අන්‍ය ජාතීන්ගේ ආගම, ජාතිය හා සoස්කෘතියට ගරු කරන, මේ පින්බර මව්බිමේ උපන් බෞද්ධයන් වෙතයි.උපතින්ම බෞද්ධාගම උරුම වූ අප අසා ඇත්තේ ථේරවාදී බුදු දහමේ කෙන්ද්‍රස්ථානය ශ්‍රී ලoකාව බවයි. අපට අපේ මුතුන් මිත්තන් උරුම කර දුන් වසර සිය දහස් ගණනක් පැරණි ඒ ප්‍රෞඩ ඉතිහාසය තුළ උරුම වූ නටඹුන් පවා අද අපට රැක ගැනීමට නොහැකි වෙමින් පවතී. මක් නිසාද යත්, එම වටිනා උරුමයන්ට නිසි ආරක්ෂාව යෙදීමේ වගකීම මින් පෙර පැවති සෑම රජයක් විසින්ම පැහැර හරිනු ලැබ තිබිණි.එම අගනා දායාදයන් විදේශිකයින්ට විකුණා මුදල් උපයා ගැනීමට වෑයම් කළා මිස, එම සම්පත් කෙරෙහි නිසි අවධානය යොමු කිරිම ඔවුන් අතින් සිදු නොවීය.
අප ලොවට කෑ ගසා පුරසාරම් දොඩන වසර 2500 ක ඉතිහාසයක් ඇති මේ පින්බිමේ, දින 365 පුරාවටම ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකා තුළින් බුදු බණ ප්‍රචාරය වූවත්, පහත සඳහන් කරුණු සළකා බැලීමේදී අපගේ දේශය ථේරවාදී බුදු දහමේ මූලස්ථානය ලෙස හැදින්විය හැකිද යන්න දෙවරක් සිතා බැලිය යුතුය.

ටොරෙන්ටෝ නගරාධිපති මුල්ලිවයික්කාල් අනුස්මරණ බිමේ-උතුරේ යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කරයි..!!!

යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය නගා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ආධාර සැපයීමට උතුරේ සංචාරයක නිරතව සිටින කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාවේ නගරාධිපති ජෝන් ටෝරී(John Tory) ඇතුලු කණ්ඩායම මුල්ලිවයික්කාල් අනුස්මරණ බිමේදි එම ස්මාරක පහණට ගිනී දල්වා යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කිරීමට කටයුතු කර තිබේ.PHOTOS

යුධ අපරාධ සිදුවූ බවට පෝස්ටර් උතුරේ … ද්‍රවිඩ දේශපාලඥයන් මහා සටනක...!!!

එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය යුධ අපරාධකරුවන් ආරක්ෂා කරන බව පවසමින් , E.P.R.L.F පක්ෂයේ නමින් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකම පෝස්ටර් අලවා තිබෙනවා.
යාපනය ,කොණ්ඩාවිල් ,උරුම්පිරායි ,ඌරලි යන ප්‍රදේශවලයි මේ ආකාරයට පෝස්ටර් අලවා තිබෙනවා.
යුද්ධයෙන් මිය ගිය කාන්තාවකගේ සහ දරුවෙකුගේ ඡායාරූප යොදා ගනිමින් , පෝස්‍ටර් සකස් කර ගෙන තිබෙනවා.යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ කාර්යාලය මෙරටට තවත් වසර දෙකක් ලබා දීම , තම පක්ෂය විරුද්ධ බව , E.P.R.L.F පක්ෂයේ නායක සූරේෂ් ප්‍රේමචන්ද්‍ර පවසා ඇත.

ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්න නියෝග කෙරේ...!!!

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකවීමේදි තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව පවසමින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් පවරා තිබුණු නඩුවක් අද (20) කැදවූ අතර එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ විසින් ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසට වරේන්තු නිකුත් කළා.

විරුවන් වෙනුවෙන් රටවල් 05 ක ශ්‍රි ලාංකික එකමුතුවක් …මහා විරෝධතාවයක් ....!!!

30 වසරක යුද්ධය නිමා කල රණවිරුවන්ට සහ එයට එරෙහිව නායකත්වය දුන් , පිරිසට යුධ අපරාධ චෝදනා නගමින් අන්තර්ජාතික අධිකරණයක් ඉදිරියේ දඩුවම් ලබා දීමේ යෝජනාවට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමට ගෝලිය ශ්‍රි ලාංකික සංසදය තීරණය කර තිබෙනව. ඒ අනුව ලබන 22 දා පස්වරුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ගෝලිය ශ්‍රි ලංකා සංසදය විසින් මේ විරෝධතාවය පැවැත්වීමට නියමිතයි.

Sunday, March 19, 2017

අහෝ මේ පිංවත් දානපතියා නිදහස් කරන්න....!!! කුඩු දුමියාගේ පියාගේ පම්පෝරිය දිග හැරෙයි...!!!

කුඩු දුමියාගේ පියාගේ පම්පෝරිය දිග හැරෙයි...!!! කොළොන්නාවේ මුල්ම කුඩු රජාවූ භාරත ලක්‍ෂ්මන් සමග හැප්පීමට කුඩු දුමියා යෙදෙව්වේ පසුගිය රාජපක්‍ෂ රෙජිමයයි.කුඩු දුමියා ඵකල පාතාලයන් පිරිවරා මහත් උජාරුවෙන් සිය චණ්ඩිකම් කළද අද ඔහුට දිට්ඨ දම්ම වේදය ලබා ඇත .ඒත් සෙසු සිරකරුවනට නොවන විශේෂ පහසුකම් මූට ඇත .මේ වන විට බොරු වෛද්‍ය වාර්තා මත බන්ධනාගාර රෝහලටවී සුවපහසුව සිටිය ද  ඊට පෙරද විශේෂ සැප පහසුකම් ලබමින් සිටි බව වාර්තාවේ .මෙසේ ලැබෙන සැප පහසුකම් අනෙක් සිරකරුවනට අහිමිය .දැන් මේ කුඩු දුමියාගේ පියා වංශය කබල් ගාන්නේ විසල් පිම්මක් පැනීමේ චේතනාවෙනි. ඵදා කෝටි ප්‍රකෝටී කුඩු මුදල් අද වන විට  විවිධ ක්‍ෂේත්‍ර තුළ ආයෝජනය කොට ඇත.ඒ සල්ලි තුළින් මහා මාධ්‍ය ජාලා ආරම්භ කර ඇත. කුඩු දුමියා නම් පිම්පි මිනී මරුවා මහා පින්වතෙකු සේ බෞතීස්ම කොට ඵළියට ගැනීම පවුලේ අරමුණ සහ කූටප්‍රාප්තියයි .මේ සිදුවන සහ සිදුවෙමින් පවත්නා ක්‍රියාදාමය දෙස අප රටේ සැවොම බලා සිටී. 
අජිත් සේරසිංහ
දිවයිනේ පළවූ විශේෂ ලිපිය....

අවලං සුණඛ දේනුවක සමග රැළේ වැටුන පිම්පියන්ගේ කෙරුවාව...!!!

ප්‍රශ්ණය නම් තවමත් මේ අපතයන් අල්ලා  නීතිය ඉදිරියට නොගෙනේමය.....!!!  වත්මන් නිරූපණ ශිල්පිනියන් බොහෝමයක් නිරූපණය වෙනුවට කරනුයේ මහන්සි නොවී හාන්සි වීමයි.ඒ ඇරෙන්නට අඩුම තරමින් රංගනයක පවා යෙදෙන්නට නොහැකිය.මූං වටා රැළේ යන පාදඩ බලු රංචුද සිටිති.වැඩේ නම් අහිංසකයන්ට මුන් පහර දෙන්නේ අර වෙසඟණන් ඉදිරියේ වීරයන් වීමටය. මේ බල්ලන් නීතිය හමුවට ගෙන ආ යුතුමය .


 පියුමි හංසමාලි මෙරට සිටින  නිරූපණ ශිල්පිනියකි. එලෙසම ඇය කලින් කලට විවිධ ආන්දෝලනාත්මක පුවත් මවන්නියක්‌ නිසා සමහර මිනිස්‌සු ඇය කියන කරන දේවල් ගැන ඇස ගසාගෙන සිටිති. පසුගිය දිනකද පියුමි ගැන බොහෝ පිරිස්‌ කතාබහ කිරීමට පටන් ගත්හ. ඒ මාධ්‍ය ආයතන කිහිපයක සේවකයන් පිරිසකට, ඇය සමඟ සිටි පිරිසක්‌ පහරදීම හේතුවෙනි.
පසුගිය පහළොස්‌වැනිදා කිරිබත්ගොඩ ප්‍රදේශයේ එක්‌තරා අවන්හලක රාජ්‍ය ආයතනයක ප්‍රධාන නිලධාරියකු විසින් රාත්‍රී සාදයක්‌ සංවිධානය කළේය. එම සාදයට මාධ්‍ය ආයතන කිහිපයක සේවකයන් පිරිසකටද
ඇරැයුම්පත් ලැබී තිබුණහ. නියමිත වේලාවට, ඇරැයුම් පත් ලැබූ බොහෝ අය සාදයට පැමිණියහ.
ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරියාගේ සාදය කිසිදු අඩුපාඩුවකින් තොරව පවත්වාගෙන ගියේය. එයට සහභාගිවූ පිරිස අන් අයට හිරිහැරයක්‌ නොවන අයුරින් ගී කියමින් විනෝද වූහ.

අපතයෝ 45 උන්ගේ කාර් පර්මිට් විකුණයි...!!!


මන්ත්‍රීවරු 45ක් වාහන බලපත්‍ර විකුණයි – අල්ලස් කොමිෂමෙන් පරීක්ෂණ.

  
පාර්ලිමේන්තුව මේ වන විටත් නියෝජනය කරන මන්ත්‍රීවරුන් 27 දෙනකු තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා අයුතු ලාභ උපයා ගැනීම සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණිල්ල පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අගවිනිසුරුවරයා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.
තීරු බදු රහිත වාහන බලපත්‍ර අලෙවි කොට අයුතු ලාභ ලැබූ මන්ත්‍රීවරුන් 27 දෙනකුට එරෙහිව තමා විසින් කරන ලද පැමිණිල්ල විමර්ශනය කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝගයක් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගහලන්ද කොඩිතුවක්කු  විසින් ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම ඒ බව දැනුම් දුන්නේය. එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, සිසිර ද ආබෘෘ හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

Saturday, March 18, 2017

ප්‍රංශයේ නැවතත් ත්‍රස්තවාදී බියක්...!!!

අද දින පෙරවරුවේදී ප්‍රංශයේ ප්‍රධාන ගුවන් තොටුපලක් වන ඔර්ලි ගුවන් තොටුපලේ දකුණු පර් යන්තයේදී ත්‍රස්තවාදී ක්‍රියාවකට පැමිණීයේ යැයි පැවසෙන මුස්ලිම් ජාතිකයෙකු හට වෙඩි තබා ඇත.video

Friday, March 17, 2017

මොනවා වුනත් සිරිධම්ම කියන මේ දේවල් ඇත්ත....!!!

සියලූ භික්‍ෂුන් වහන්සේලාට අද දේශපාලන පක්ෂ ඇති නිසා ගෞතම බුදුන් වහන්සේ දේශනා කල දහම පිළිබඳව කතා කිරිමට කිසිවෙක් නැති බව දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ්‍රමවාසි පුජ්‍ය ධම්මජාත හිමියෝ පවසති.
බුදුගල ජිනවංශ හිමියන් විසින් බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ  වෙත යොමු කර ඇති ලිපියට පිළිතුරැ ලිපියක් යෝමු කරමින් උන් වහන්සේ මේ බව කියා සිටිති.
අදාල සම්පුර්ණ ලිපිය මෙසේය.

යහපාලන හොරු රංචුව මහදවල් ජනතාවට විදින සැටි මෙන්න...!!!


රුපියල් කෝටි දහදාහක් පිටරට කොම්පැනිවලට පූජාකර අපේ මිනිසුන්ගෙන් එම මුදල සුරන් කයි..!!!
 කොපමණ ජාත්‍යන්තර ගිවිසුම්වල සිටියද ඉන්දියාව මෙන් අපටද ආනයන මත විශේෂ ක්‍රමවලට බදු පනවා රු කෝටි 10000ක් වෙනුවට රු කෝටි 40000ක් විදේශ විනිමය අර්බුදය සහ ජාතික ආර්ථිකය උපායමාර්ගිකව විසඳමින් නිශ්චිතවම උපාය ගත හැක. එයින් අයවැය පරතරයද කෝටි 30000කට වඩා අඩුවනු ඇත. දැන් පරතරය කෝටි 60000කි .
ආහාර ප්‍රවර්ධන වැඩ සටහනකින් පමණක් වසරකට ඩොලර් බිලයන 4ක් ඉතිරි කල හැක.හම්බන්තොට වරාය විකුණා හිඟාකෑමට යන්නේ ඩොලර් බිලියන 1කි.

සෝමාලියාවේ නිදහස් කෙරූ නැවටත් ලකුණු දමාගැනීමට දතකන පිශාචයෝ...!!!

සෝමාලි කැරලිකරුවන් මැඩ නැව බේරා ගත් වීර මෙහෙයුම කලේ මංගලයි.. මමයි..- හර්ෂද සිල්වා...!!!
 ශ‍්‍රී ලාංකිකයන් අට දෙනෙකු සහිතව ගමන් කල ඉන්ධන ප‍්‍රවාහන නැව සෝමාලියා මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැර ගැනීමෙන් පසු එය මුදා ගැනීම සදහා විදේශ ඇමති මංගල සමරවීර සමග තමන් විසින් සිදු කරනු ලැබූ ක‍්‍රියාන්විතය සම්බන්ධයෙන් නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂද සිල්වා  සිය ෆේස්බුක් පුටුවේ සටහනක් තබා ඇත.
ඒ සම්බන්දයෙන් ක‍්‍රියා කල යුතු ආකාරය සම්බන්දයෙන් තමන් විසින් පුන්ට්ලන්ට් ජනාධිපතිවරයාටත් සෝමාලියා රජයටත් උපදෙස් ලබා දුන් බවයි.

සමන්තබද්‍රයන් මා දකින්නේ හිස් කපටි මහණෙක් ලෙසය...!!!

එක් කලෙක මහා රෞද්‍ර වනයෙක සියලු සත්ත්වයනට ප්‍රධානව මහා කේසර සිංහයෙක් සිටියේය. එම වනෙහිම උපන් එක් උරෙකු කඳබඩ මහත්වී දළ ඇදී එන තරුණ වයසේ දී තමාගේ පෘෂ්ටිමත් ශරීරය ගැන උදම්ව සියලු වන සතුන් එක් රුස් කොට කේෂර සිංහයාට අභියෝග කළහ. තොප මා හා තරඟ වැදුනහොත් තොප සිංහයෙකු නමුත් පරාජය කොට පෙන්නමියි කීය. වන සතුන් මැද මේ අභියෝගය සිංහයා ප්‍රතික්ෂේප කළ කල්හී වන සතුන් සිංහයාට අපවාද නගන්නට විය. ඌරෙක්ගෙ අභියෝගයෙක් වත් පිළිගත නොහැකි මූ සංහයෙක්දැයි කීහ. පළමු වරත්, දෙවන වරත් මෙසේ අභියෝග කළ කල්හී සිංහයා එය නොසලකා හැරීයේය. නමුත් අනිත් වනසතුන්ගේ අපවාදත්, කුතුහළයත් දුරු කරනු පිණිස තෙවන වර සිංහයා අභියෝගය බාර ගත්තේය. තමන් ඌරට වඩා බෙහෙවින් ශක්ති සම්පන්න බැව් දැන දැනත් ඌරා අභියෝග කළේ ජයග්‍රහණය ලබන බවට දැඩි ස්ථිරත්වයෙනි. කෙසේ නමුත් සටනට දින සකසා වනයෙහි සියලු සතුන් රැස් කරවා ඌරාද සටනට සැරසී සිටියදී සිංහයා මහත් තේජසිං තරග බිමට ප්‍රවිෂ්ට වුණි. එහෙත් සිංහයා නොසිතූ දෙයක් සිදුවිනි. ඌරා තරග වදින්නට අභියෝග කොට තිබුනේ මහා අසූචි ගොඩකය. පණුවන් පැහි ලලා දගළන, දුර්ගන්ධයෙන් පිරුණු, මළ මුත්‍ර පිරුණු අසූචි ගොඩේ එහෙටත් මෙහෙටත් පණිමින් අභියෝග කරමින් ඌරා කෑ මොර දුන්හ. නමුත් සිංහයා නිතරගෙන්ම ජයග්‍රහනය ඌරාටම දී හැරී ගියේය.වන සතුන් මැද ඌරා ජයග්‍රහණය සැමරීය. එහෙත් කවර කළකනම් ඌරා සිංහයා වී, සිංහයා ඌරා නම් වේද.?

සාටක සුණඛයා ගේ තවත් ඵක් ගැටයක්ද මේ ...!!!

බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන සුවිසල් නිවසක් සහිත අක්කර 16කින් යුත් මල්වානේ ඉඩම වෙන්දේසි කිරීම වැළැක්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාකරමින් සිටින බව වාර්තාවේ. රජයේ බලපෑම් මත කෙරෙන මෙම ප්‍රයත්නය හේතුවෙන් අවසානයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය බරපතළ අපවාදයන්ට ලක්විය හැකි බව නීතිමය තතුදත් පිරිස් පවසති.
මල්වානේ පිහිටි මෙම නිවස සහ ඉඩම 2017 මාර්තු 29 වන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලෙස නියෝග කරන ලද්දේ පූගොඩ මහේස්ත්‍රාත්වරයා විසිනි. එහි රජයේ තක්සේරුව ලෙස දැක්වුණේ රුපියල් මිලියන 208 කි. එහෙත් (17) දිනයේ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වෙන්දේසිය නවත්වන මෙන් පූගොඩ මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටීමට නියමිතය. ඉල්ලීම දෙස බලන කල වචනයේ අර්ථයෙන් ම මෙය පිස්සු විකාරයකි.

සෝමාලියා කොල්ලකරුවන් පැහැරගත් නෞකාව හා ලාංකිකයන් 08 දෙනා කප්පම් නොගෙනම මුදා හැරේ..

සොමාලියාව ආසන්න මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදී මුහුදු කොල්කරුවන් වසින් පසුගිය 13 වැනිදා පැහැරගන්නා ලද ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු සහිත නෞකාව අද අලුයම ඔවුන් විසින් මුදා හැර ඇත.
පුන්ට්ලන්ඩ් ආරක්ෂක අංශ හා සොමාලියානු කොල්ලකරුවන් අතර පැවති සාකච්ඡා වලින් පසුව මෙසේ මුදා හැර ඇති නෞකාව මේ වන විට වෙනත් වරායක් කරා යාත‍්‍රා කරමින් සිටී.

Thursday, March 16, 2017

රනිල්ගේ ගෝනි සෙල්ලං සහ සිරිසේන පවුලේ රතු ඉර...!!!

අප්‍රිකානු මහාද්වීපයේ තරුණයන් අතර ‘පයිරට්’ නොහොත් මුහුදු මංකොල්ල යනු අනාදිමත් වෘත්තියකි. නවකයන් බදවා ගැනීම, පුහුනුව, ක්‍රියාන්විත, මුදල් පාලනය, කන්ඩායමෙන් වෙන්වීම වැනි සියල්ල අතිශය සංවිධානාත්මකය. මුහුදු මංකොල්ල කරුවන්ගේ ඉලක්ක කොතරම් තියුනුද යත්, නිල්ල සොයා ඉතාලිය බලා යන බෝට්‍ටුවේ සිට දැවන්ත නැව් දක්වා සුද්ද කළේය.ඊලාම් යුද්ධය අවසානයේ පැවැත්වූ ‘ගෝල් ඩයලොග්’ සමුලුව ඇමතූ ගෝඨාභය ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාවේ හිඩැස් සාකච්චා කළේය.
 ඒ සමග හිටපු හමුදා සාමාජිකයන් තුලින් නාවික ආරක්ෂක ව්‍යාපෘතියක් නිර්මාණය විය. මරාගෙන මැරෙන කොටි බෝට්‍ටු සමග ගැ‍ටුනු අපේ කොල්ලන්ට සෝමාලි පයිරට්ලා හා ගේමක් නොවිනි. ලාංකික නාවික ආරක්ෂක බෝට්ටු දුටු විගස මංකොල්ල පසෙක තබා සෝමාලියන් මුහුදට පැන්නේය. ලොව් බලගතුම පරිවාර නාවික ආරක්ෂක සේනාව ලක් පොලොවෙන් බිහිවිය. අතිවිශාල ධනස්කන්ධයක් රට තුලට ගලා ආවේය. කුප්‍රකට ජනවාරි 8 පෙරළියයත් සමග සියල්ල උඩු යටිකුරු විය. කිලී මහරජා ඇතුලු මෙකි නොකී ජාවාරම්කාර රැලක් නාවික ව්‍යාපෘතිය ඩැහැ ගැනීමට මාන බැලුවේය.

රටට විරුද්ධ සැතිරිය වෙනුවෙන් ඵළිපිටම පෙනී සිටින ලංකාවේ එන්.ජී.ඕ. සුණඛ රැළ දැනගන්න ....!!!

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව නිර්මාණය කරන ලද, මහත් ආන්දෝලනයට තුඩුදුන් No Fire Zone වාර්තා චිත්‍රපටය මැලේසියාවේදී ප්‍රදර්ශනය කළ එරට මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන  ඒ.එච් ලීනා හෙන්ඩ්‍රි නැමැත්තිය වරදකරුවෙකු ලෙස මැලිසියානු අධිකරණය නම් කිරිම හෙලාදකිමින් ඊට එරෙහිව ශ්‍රී ලංකාවේ මැලේසියානු මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මානවහිමිකම් සංවිධාන සමාජිකයන් සහ සංවිධාන කිහිපයක්ම එක්ව විරෝධතාවයක යෙදෙන බව ඔහුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.දේශද්‍රෝහීන්ගේ ලැයිස්තුව පහත....

තවත් පාහරයෙකුගේ නිරුවත හෙළිවේ...!!! මෛත්‍රී දිගටම බබා චරිත රංගනයේ...!!!

මිලියන 159කට කෙලවු ඇමති ඩිලාන්ට FCID,CID පරික්ෂණ නෑ – නඩුත් ආණ්ඩුවේ බඩුත් ආණ්ඩුවේ...!!!
විදේශිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් විදේශගත ශ‍්‍රමිකයන් විසින් ලබාදුන් අරමුදල් වලින් රු.ලක්‍ෂ 1597ක වාර්තා සහිත මුදලක් සහ වෙනත් බොරු වාර්තා පෙන්වමින් තවත් ලක්ෂ ගණනක් මුදලක් එවකට විදේශ රැකියා ඇමතිව සිටි ඩිලාන් පෙරේරා විසින් කාබාසිනියා කර දමා ඇති බව ‘එතෙර අපි’ සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති අනාවරණය කළා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ රුපියල් මිලියන 159කට අධික මුදලක් පාඩු කළ ඇමතිවරයා එෆ්.සී.අයි.ඞීයට හෝ සී.අයි.ඞී.යට කැඳවලා නැති බවත් ආණ්ඩුවේ ඇමතිවරයෙක් වූ නිසා මෙම දුෂණයන්ට කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැති බවයි.

Top 10 කම්බ හොරා අගමැති රනිල් වංචාව මිලියන 5000 ක්...!!!

ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවේ දූෂිතයින් හෙළිදරව් කිරීම හා ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි 10 වන හා අවසන් හෙළිදරව්ව අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව සිදු කර තිබෙනවා.ඒ නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේ දී රජයට රුපියල් මිලියන 5000 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්.
2015 අප්‍රේල් මාස 8 වන දා හෝ ඊට ආසන්න දිනයක ලංකා කෝල් සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 6.75 ක ප්‍රමාණයක් වර්ෂ 3 ක භාවිතය සඳහා ගෙන්වීමට විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදු කර ඇති අතර ඒ සඳහා ලංසු 8 ක් ඉදිරිපත්ව ඇති අතර එයින් ලංසු 6ක් සුදුසුකම් ලබා තිබිණි.
කෙසේ හෝ ඉන් අවම ලංසුව නොබල් රිසෝසස් සමාගමට හිමිව තිබිය දී 5 වන ස්ථානය හිමි කර ගත් ස්විස් සිංගපූර් නැමති ටෙන්ඩර්කරුට හිමි වීම තුළින් මෙම වංචාව සිදුව ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කලේ.

මේ පාදඩ වලත්තුවනට මාධ්‍යය ඔස්සේ දෙන ප්‍රචාර නවතා දැමිය යුතුය...!!!

කිරිබත්ගොඩ හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී එහි  රාත්‍රියේ බී මතින් පැමිණි ශිල්පිනියක් වන පියුමි හංසමාලි සමග සිටි තරුණයින් කිහිප දෙනෙකු මාධ්‍ය ආයතන කිහිපයක සේවක පිරිසකට පහර දී ඇත..තවත් වතාවක් තමුන්ම ගායකයෙකු යැයි කියා ගන්නා චිලී නම් පාදඩ අපතයෙකු අහිංසකයෙකුගේ දත් කැඩෙන්නට ගසා තිබුණී.උත්තරීතර කලාවේ නාමයෙන් ඵහි නියැලි අයටද අවමන් කරන මේ පාදඩ වලත්තුවනට මාධ්‍යය ඔස්සේ දෙන ප්‍රචාර නවතා දැමිය යුතුය.රාත්‍රී කාලයේ බීමතින් රැළේ යන මේ වෙසඟණන් සහ අවලමුන් වහා නීතිය හමුවට ගෙන ඒ යැයි අප අපේක්‍ෂා කරමු.. කොලූ රැලක් එක්ක කඩාපැන සාදයක් විනාශ කළ වීඩියෝව මෙන්න.මේ අවළම් ගැහැණිය ඉදිරියේදී බොරු වැඩ පෙන්වීමට ආ කබ්බන් මෙහි සටහන්ව ඇත.

මිනීමරු බල්ලෙකුගේ වියදම් ගැන හෙළිදරව්වක්....!!!

ෆොන්සේකාට මාස තුනට වියදම ලක්‍ෂ පන්දාහයි.. ඡන්දෙන් ගත්තේ ඡන්ද පන්දාහයි..දේශද්‍රෝහී බල්ලෙකුගේ නඩත්තුවට පාර්ළිමේන්තු ප්‍රතිපාදන ඔස්සේ කරන ජනතා මුදල් නාස්ති බොහෝ දෙනෙකු හෙලා දකිති.
ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා ගේ අමාත්‍යංශයෙන් කෙරෙන රාජකාරියක් නැති වුවත් මාස තුනක කාලයකට ලක්‍ෂ පන්දාහක මුදලක් වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ශාන්ත ගුණසේකර  පාර්ලිමේන්තුවේදී පැවසීය.ෆොන්සේකා  මැතිවරණයේදී ලබා ගත්තේ ඡන්ද පන්දාහක් යයිද ඔහු වැඩි දුරටත් කීය.VIDEO

Wednesday, March 15, 2017

මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක්...!!!

ශ්‍රී ලංකා ධජයක් සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගොස් තිබෙන අතර එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනකු ශ්‍රී ලාංකිකයන් බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලබා දෙන ලෙසට ආදාල ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දැන්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ පැවසුවාය.
ශ්‍රී ලංකාවේ කොඩියක් සහිත ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවක් සොමාලියානු කොල්ලකරුවන් යටතට පත්ව ඇති බව විශ්වාස කරන බව රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේය. ඩුබායි රාජ්‍යයට අයත් Aris 13 නැමති මෙම නෞකාවේ 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ගමන් කර ඇති බව වාර්තා වෙයි.

මුව මස් සමඟ හසුවූ කොස්තාපල් වරයාගේ අබිරහස් මරණය සැක සහිතයි...!!!

මුව මස් සමඟ හසුවූ කොස්තාපල් වරයාගේ
අබිරහස් මරණය
මුවමස් තොගයක් සමඟ වන ජිවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මුදා හරින ලද 30 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු අබිරහස් ලෙස මියයාමේ සිද්ධියක් වාර්තාවේ.

මියගොස් ඇත්තේ කරුවලගස්වැව පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් නාලක චතුරංග හෙට්ටිආරච්චි (72657) (අවු.30) නමැති කරුවලගස්වැව, කුඩා මැදවච්චිය පදිංචි එක්දරු පියෙකි.
මියගොස් ඇති පොලිස් නිලධාරියා වසර කිහිපයකට පෙර
හදිසි අනතුරකට ලක්ව සිටින ආබාධිතයකු බැවින් ඔහුට සාමාන්‍ය රාජකාරි පමණක් පැවැරීමට උසස් නිලධාරීන් කටයුතු කර තිබී ඇත.

Tuesday, March 14, 2017

53 සේනාංකාධිපතියා සිවු පැයක් අසමසම දේශණයක..

කොළඹදී පැවති වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න  ඉතා දීර්ඝ දේශණයක් සිදු කරනු ලැබීය.
පුරා පැය ගණනාවක් පැවති එම දේශණය එහි සිටි පිරිස ඉතා උනන්දුවෙන් අසා සිටියේ විටින් විට දේශණයට අත්පොලසක්ද දෙමිනි.
සම්පූර්ණ වීඩියෝවමහ පිරිස් නොසෙල්වී අසති.. අත්පොලසන් දෙති..[Video]

තාමත් රටකන හම්පඩ ඵකැස් මැහැල්ලගේ කථාවක්....!!!

යුද්දයෙන් මියගිය හමුදා පවුල්වලට දෙන දීමනා මියගිය කොටි පවුල්වලටත් දිය යුතුයි..- චන්ද්‍රිකා


මෙරට පැවති යුද්ධයේදී මරණයට පත් වූ රජයේ හමුදා සෙබළුන්ගේ පවුල්වලට ලැබෙන සහන මියගිය කොටි සාමාජිකයින්ගේ පවුල්වලටද ලබා දිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති උත්සවයක් අමතමින් ඇය මේ බව කියා සිටියේය.Video

කාන්තන්කුඩියේ ආගමික අන්තවාදී කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය වපුරලා.!!! UPDATE

කට්ටියක් ප්‍රසිද්ධියේ ISIS ට සහාය දක්වනවා..!! ආරක්ෂක අංශ මැදිහත් වෙන්න -පුර්ව මුස්ලිම් වැසියන් ඉල්ලති. කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (10) ඉස්ලාම් ආගමේම කණ්ඩායම්  දෙකක් අතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ගේ සංවිධානය (EMSL) නමැති සංවිධානයක් විසින්  සේයාරූ සහිතව නිවේදනයක් එවා තිබේ. එම සංවිධානය පවසන්නේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ඉස්ලාමීය පාර්ශව දෙකක් අතර ඇතිවූ ත්‍රස්ත ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය හා රාජ්‍ය ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවයි. පිටරටවලින් මුදල් ගෙන ආගමික මුහුණුවරකින් ත්‍රස්තවාදය , අන්තවාදය හා වෛරය වපුරවන මෙම කණ්ඩායම් මුලිනුපුටා දැමිය යුතු බවද එම සංවිධානය පවසයි. Video and full story

බිලියන 25හක.. මීළඟ බැඳුම්කර වෙන්දේසිය 15වැනිදා...!!! හෙට


රු. මිලියන 25000 භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙන මීළඟ වෙන්දේසිය. ලබන 15ස් වනදා සිදුකරන බව මහ බැංකුව පවසයි. එහිදී.. දින 91කින් සහ


දින 182කින් කල් පිරෙන පරිදි බිල්පත් නිකුත් කෙරෙන්නේ මිලියන 19,000ක වටිනාකමකින් යුක්තවය.

යහපාලනයේ අනුහසින් ලංකාවම කුඩු රාජධානියක්...!!! කරුපයියාද කුඩු ජාවාරමේ....!!!

2016 වර්ෂය තුළදී හෙරොයින් මත් ද්‍රව්‍ය ශ්‍රි ලංකාව තුළට පැමිණිමේ වර්ධනයක් පවතින බව , ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලක මණ්ඩලයේ වාර්ෂික වාර්තා මගින් හෙළි කර තිබෙනවා.
2016 මුල් මාස 06 තුළදී පමණක් හෙරෙයින් කිලෝ ග්‍රෑම් 134 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා . අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ , 2015 එම කාල සීමාව තුළදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 18 ක් පමණක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.පාතාලය රකිමින් පාතාලයන් පෝෂණය කරන්නාවූ රවී කරුපයියාද කුඩු මාෆියාවේ වත්මන් බළකණුවක් බවට ඉතා පැහැදිලි තොරතුරු හෙළිවී ඇතත් සිය ඇමති වරප්‍රසාද  වලට මුවාවී නීතියට පිටුපා සිටී.

කොටි යළි කරළියේ … වැල්ලවායෙන් කොටි සාමාජිකාවක් සමග 04 ක් අත්අඩංගුවට

වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේදි එල් .ටි .ටි .ඊ සංවිධානයේ සාමාජිකාවක්ව සිටී කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලවාය පොලිසිය සදහන් කලේ , සැකකරුවන් වැල්ලවාය කොටවෙහෙර මංකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

ඉන්දියාවෙන් එවූ නියං ආධාරත් දේශපාළුවෝ කාලා....!!!


නියඟයෙන් පීඩාවට පත්වී සිටින ජනතාවට සහනාධාර සඳහා ඉන්දියාවෙන් සහ ඉන්දුනීසියාවෙන් මෙරටට එවූ හාල් කිලෝ පන්ලක්ෂ හැට දහසක ප්‍රමාණය කොහේදැයි ආණ්ඩුව හෙළිකළ යුතු යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න  (11) දඹුල්‍ල පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
නියඟයෙන් පීඩා විඳි ගොවීන්ට වන්දි ලබාදීම කඩිනම් කරන ලෙසත් වන්දි ලබාදීමේදී කිසිදු කප්පාදු කිරීමක් නොකරන ලෙසත් වන්දි ප්‍රමාදයට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබෙන බව දැනුම්දීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
එම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න  මෙසේද පැවසීය.
මේ විදේශ රටවලින් සහනාධාර හාල් තොග ලැබුණේ පාර්ලිමේන්තුවේ කෝලං නටන අයට බුදින්න නොවේ. මේ වන විට පීඩාවට පත් ජනතාවට වතුර විතරයි බෙදලා තියෙන්නේ. මේ හාල් කොහෙද තියෙන්නේ? මොනවටද එව්වේ? වහාම ආණ්ඩුව මේවාට උත්තර දිය යුතුයි.
අපි අරගල කළා. විරෝධතා කළා. පීඩාවට පත්වූ ගොවීන්ට වන්දි දෙන්ඩ කියලා. ආණ්ඩුව ඒක පිළිගත්ත අපි සටන් මඳකට නතර කළා. හැබැයි දැන් ඒවා වචනවලට සීමා කරලා. ලබා දෙන වන්දි මුදල කපා දමන්ඩ දැන් සූදානම් වෙනවා. රැකියා කරනවද? නංගි ගාමන්ට් යනවද? ගෙදර අත් ට්‍රැක්ටර් තියෙනවද....? වගේ විවිධ කරුණු සොයනවා. සහනාධාර කප්පාදුවට. කරුණාකරලා මේ සහනාධාර කප්පාදුව නතර කළ යුතුයි.

මෙහෙව් සුණඛයන්ද ඉහළ තනතුරුද දරති ....!!! අප රටේ සිටිති...!!!

ඇමති ලේකම් පුතාගෙයි
කෝටිපති ඇඟලුම් ව්‍යාපාරිකයාගෙයි

අම්මා පෝයදා මහමග අතැර දාලා

පසළොස්වක පොහොය දිනය යෙදුණ පසුගිය ඉරිදා නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ ලේකම්වරකුයැයි කියන වැඩිමහල් පුත්‍රයෙකු
තමන්ගේ මව මහමග අතැර දමා යාමේ ඛේදජනක සිද්ධියක් වාර්තා වුණා. පන්නිපිටිය මොරකැටිය ප්‍රදේශයේදී 83 හැවිරිදි මව
ක් මහ මඟ දමා ගොස් සිටියදී ත්‍රීරෝද රථයකින් කොට්ටාව පොලිසියට පැමිණි ඇය තමාට සිදුවූ විපත්තිය හෙළි කර තිබුණි.
ඇයට අයත් රෙදි බෑග් කිහිපයක්ද  ඒ සමග පොලිසියට ගෙනෙවිත් තිබුණි.
සිද්ධිය වූ දිනයේ තමා නතර කර
තිබුණ නිවසින් කැටුව ලොකු පුතා දෙවැනි පුතාගේ ගෙදරට ගෙන ආ නමුත් තමා සමග විරසකව සිටින ලේලිය තාමාව භාරගත්තේ නැතිව ගේට්ටුව වසා දමා ගිය බවත් පසුව ලොකු පුතා තමාව වෙනත් තැනකට කැටුව යනු වෙනුවට ගේට්ටුව අසළ බස්සවා ගෙට්ටුව ඇරිය වෙලාවක ඇතුළට යන්න කියා දන්වා පිටව ගිය නමුත් තමාව එම නිවසට ඇතුළු කරගන්නට දෙවැනි පුතා හෝ ලේලිය පියවර ගත්තේ නැති බවත් මහමග අසරණවූ නිසා පොලිසි ආ බවත් දන්වා තිබුණි.

බෝම්බ ලොරියක් ඇල්ලූ රණවිරුවා රිමාන්ඞ්.. ඒ ලොරිය පදවාගෙන ආ කොටියා නිදහස්..

මේ සතියේ තවත් නාවික හමුදා නිලධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා බවට රහස් පොලීසියෙන්ම අපට තොරතුරු ලැබෙනවා. ඒ ලුතිනන් කොමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි සහ කේ ජී එන් ජී වික්‍රමසූරිය යන අයයි. මේ වගේම රහස් පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව සැබෑ අපරාධකරුවන් සාක්ෂිකරුවන් බවට පත් කරලා රවිරාජ් ඝාතනයටත් ප්‍රසාද්ව අත්අඩංගුවට ගත්තා. මේ වගේමකරන්නාගොඩ සහ ගෝඨාභයගේ උපදෙස් මත ඝාතනය සිදු කළ බව කියන මෙන් බල කලා. ඒක නොකළ නිසා වසරකට අධික කාලයක් අත්අඩංගුවේ ඉඳලා අවසානයේ දී අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කළා.
රණවිරුවන්ට මේ අපරාධය කරන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. ජනාධිපති මේ ලැජ්ජා සහගත සිදුවීම පත්තරයෙන් වත් දැන ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.
පිවිතුරු හෙල උරුමය පක්‍ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය.
කැලයේ ආධිපත්‍ය පතා අලි දෙන්නෙක් විලක් මැද පොර බැදුවාලු. අලින්ගේ තඩි කකුල වලට පෑගි විලේ සිටි ගෙම්බො මැරෙන්න ගත්තාලු. එතකොට එක ගෙම්බෙක් කිව්වාලු “අලි ගැටෙනවා – අපි මැරෙනවා“ කියලා. අද රටේ වෙන්නෙත්ඒකයි. ජනපති සහ අගමැති අතර කවුද ලොක්කා කියා තීරණය කරන්න සීතල යුද්ධයක් පවතින බව කවුරුත් දන්නා රහසක්. ඒ අලි පොරයට පෑගිලා මැරෙන්නේ රණවිරුවන්. අද ත්‍රිවිධ හමුදාව තිබෙන්නේ ජනපති යටතේ. පොලීසිය තිබෙන්නේ අගමැති යටතේ. ජනපති රිදවන්න විහිළුවක් බවට පත් කරන්න ඕනෑ වුණාම ජනපති රණවිරුවන් රකින බව කියන විට අගමැතිගේ පොලීසිය ඔවුන් පදනම් විරහිතව අත්අඩංගුවට ගන්නවා.

මහින්ද එලවා මෛත‍්‍රී ජනපති කිරීම මෙරට සිදු වූ ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවයයි..- අගමැති

ජනතාව ඉදිරියේ බොරු රංගනයක යෙදෙන මුං සේරම ඵකය.  ඇත්ත තේරුම් ගැන්ම වටනේය...!!!
දේශපාලන වේදිකාවේ ජනතාව හමුවේ වෛරය වපුරන මේ අසික්කිතයන් පසුබිමින් අඹ යහළුවන්වේ.

ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවය ආකාරයේම විප්ලවයක් ජනවරි 08 වැනිදා මහින්ද රාජපක්‍ෂ පරදවා මෛත‍්‍රිපාල සිරිසේන  ජනාධිපති වීමෙන් මෙරට සිදු වූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ  පවසයි.VIDEO

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.