ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 17, 2017

කොළඹ ආනන්ද - නාලන්ද පාසැල් අතර ගැටුම CCTV කැමරාවේ...!!!

අද පාසැල් සිසුන්ගේ විනය..!!!


 අපේ රටේ බෞද්ධ පුනරුදය, ජාතිකත්වය ඉහළටම ඔසවා තැබූ කීර්තිමත් ඉතිහාසයක්‌ ඇති පාසල් දෙකක්‌ ලෙස කොළඹ ආනන්ද විදුහලත්, නාලන්ද විදුහලත් පිළිගැනේ. රට විනාශ කළ කුරිරු ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමූ මානුෂීය මෙහෙයුමට සහභාගි වූ විශිෂ්ට සෙන්පතියන්, රණවිරුවන්ද එම පාසල්වලින් බිහිව ඇති බව කිව යුතුය. දැන් යුද වැදී සිටින්නේ එවැනි පාසල් දෙකක සිසුන්ය. VIDEO

රටට ජාතියට විශිෂ්ට දැනුමැති පුරවැසියන් බිහිකරන්නටද මේ විදුහල් මාතාවන් සමත්ව තිබේ. මේ රටේ මතු නොව ජාත්‍යන්තරය පවා ජයගත් පුරවැසියන් ඒ අතර විය. දැන් යකඩ පොලු, බයිසිකල් ෙච්න්, වීදුරු බෝතල්, පොලු මුගුරුවලින් සන්නද්ධව යුද වැදී සිටින්නේ එවැනි බුද්ධිමතුන් බිහිවිය යුතු වත්මන් පරම්පරාවය. දැනුමින් සන්නද්ධ විය යුතු සිසු පරපුරක්‌ සන්නද්ධ වන්නේ පාතාල සාමාජිකයන් සතුවිය යුතු ප්‍රාථමික මට්‌ටමේ ආයුධවලින් නම් පාසල්වල විනය ගැන කවර කතාද..?


මේ සිදුවීම වූයේ පෙරේදා (15 දා) ය. එදිනම ඩී. එස්‌. සේනානායක විදුහලේද සිසුන් පිරිසක්‌ දෙපිලකට බෙදී ගැටුමක්‌ ඇති කරගෙන තිබිණි. මේ ගැටුම්, විදුහල්පතිවරයාට හෝ ගුරුවරුන්ට මැදිහත්a විය නොහැකි තරමේ බරපතළ ගැටුම්ය. ගෙදර ගොස්‌ ඊට පහුවැනිදා පාසලට එනවිට අමතක කර දැමිය නොහැකි තරමේ බරපතළ ප්‍රශ්නය. කොටින්ම කීවොත් මේ සියලු ගැටුම් දුරදිග යන තරමේ අර්බුදය. පාසල් දෙක යුද වදින්නේ පාසල තුළ හෝ ක්‍රීඩා පිටියක නොවේ. පුංචි බොරැල්ල වැනි ජනාකීර්ණ ප්‍රදේශයකදීය. සිද්ධියෙන් ලංගම බස්‌ දෙකක්‌ ඇතුළු වාහන අටකට දැඩි හානි සිදුවූ පසු තත්ත්වය කොහොමටවත් සුළුවෙන් තැකිය නොහැකි බව වගකිව යුතු හැම කෙනකුටම සිහිපත් කළ යුතුය. මේ සියල්ල ඉහත සඳහන් කළ පාසල්වලට පමණක්‌ ලඝූ කළ හැකි ප්‍රශ්න හැටියට අප දකින්නේ නැත. රටේ සමස්‌ත පාසල්වල ඉතාම වේගයෙන් "විනය" සාරධර්ම, ශිෂ්‍යයන් තුළ අත්‍යන්තයෙන්ම පැවතිය යුතු හික්‌මීම ශීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතින බවට මේ සිදුවීම් බරපතළ උදාහරණය. අවුරුදු පතා මෙවැනි සිදුවීම් එකක්‌ දෙකක්‌ අනිවාර්යයෙන්ම වාර්තා වේ. එක්‌කෝ බිග් මැච් ගුටි කෙළියක්‌ය. එසේත් නැතිනම් ටියුෂන් පන්ති ගුස්‌ති ඇල්ලිල්ලක්‌ය.
මේ කාරණා සම්බන්ධයෙන් අපට පෙනෙන නියත සත්‍යයක්‌ තිබේ. ඒ මෙවැනි මජර වැඩ වැඩි වශයෙන් සිද්ධවෙන්නේ "ජනප්‍රිය" පාසල් වල බවය. නගරයේ ජනප්‍රිය යෑයි සම්මත පාසල්වලින් වැඩි අධ්‍යාපනයක්‌ වැඩි පහසුකම් ප්‍රමාණයක්‌ ලැබේ යෑයි විශ්වාසය මත පදනම්ව තම දරුවන් එම පාසල්වලට යොමුකරන මවුපියන්ට අපට කියන්නට යමක්‌ තිබේ. ඒ, බලාපොරොත්තු වන දේවල්වලට වඩා බොහෝ නරක දේ පවා දරුවන්ට ලැබෙන බවයි. ඊට හේතුව ජනප්‍රිය පාසල් කෙරෙහි තබන පූර්ණ විශ්වාසය නිසා දරුවා තමන්ගේ අවධානයෙන් ගිලිහී යැමය. ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් ගුරුවරුන් ද සැලකිල්ලට ගත යුතු බැරෑරුම් දේ බොහෝ ඇති බව මෙවැනි සිදුවීම් අපට පෙන්වා දේ. විශේෂයෙන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත්වන දරුවන්ගේ මවුපියන්ගේ තත්ත්වය තරාතිරම හේතුවෙන් දරුවන්ගේ "විනය" පිළිබඳව පූර්ණ විශ්වාසයක්‌ තබා කටයුතු කිරීම කිසිසේත්ම වලංගු නොවන කාරණයක්‌ බව පැහැදිලිය. අපට කියන්නට තිබෙන්නේ "ගමේ පාසල හොඳම පාසල" කරන්නට ගන්නා වෙහෙස "ජනප්‍රිය" පාසල "හොඳම" පාසල කරන්නට ගත්තාට වරදක්‌ නැති බවය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.