කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන යැම සඳහා රාජගිරියෙන්
ගොඩනැඟිල්ලක් මිල දී ගැනීමේ කතාව ටිකක් නොව වසරක් පමණ පරණ
කතාවකි. එහෙත් මේ ගනුදෙනුව යට තිබෙන කතාව පරණ නොවන අසමඡ්ජාති
කතාවකි. ඒ කතාව කොතරම් නරක දැයි කීවොත් සමස්ත ලංකා ගොවිජන
සම්මේලනය ඊට එරෙහිව ඊයේ විරෝධතාවක් පවා දියත් කළේය. විරෝධතා
පවත්වා එරෙහි වන්නට තරම් මේ ගනුදෙනුවේ තිබෙන නරක කුමක් ද යන්න
කෙටියෙන් පැහැදිලි කර දිය යුතුය. කෘෂිකර්ම අමාත්‍යාංශයට අලුත්
ගොඩනැඟිල්ලක් වුවමනා වී තිබිණි. ඒ දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය
පවත්වා ගෙන යන ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු කාරක සභා පවත්වා ගෙනයැම
සඳහා අවශ්‍ය වූ නිසා ය. එවිට කෘෂිකර්ම අමාත්‍යාංශයට වග මේ පාහර වල් වනචර අසමජ්ජාති කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක කියන ඉක්මනින් ම අලුත් ගොඩනැඟිල්ලක් රාජගිරිය
ප්‍රදේශයෙන් සොයා ගත්තේය. ඇමැතිවරයා එසේ කළේ ගන්නටම වුවමනා නම්
රජයේ ගොඩනැඟිල්ලක් සොයා ගැනීමේ හැකියාව තිබියදීය.වීඩියෝ සහිතයි....!!!
ලැබුණු
තොරතුරුවලට අනුව ගොඩනැඟිල්ල මිලදී ගැනීමේ ක්‍රියාවලිය
ප්‍රසම්පාදන පටිපාටියේ නීති රීතිවලට පටහැනිය. ඒත් ගනුදෙනුව
සිදුවිය. ගනුදෙනුව ප්‍රකාරව මේ වන විට රුපියල් ලක්ෂ අටදහස්
නවසිය හැට අටක (රුපියල් අසූනවකෝටි හැටඅටලක්ෂයක) මුදලක් ඒ
වෙනුවෙන් වැය කර ඇත. එහෙත් තවමත් එම ගොඩනැඟිල්ලට කෘෂිකර්ම
අමාත්‍යාංශය රැගෙන ගොස් නැත. තත්ත්වය එසේ වීත් තවමත් මාසයකට
රුපියල් දෙකෝටි තිස්හත්ලක්ෂයක මුදලක් කුලී වශයෙන් එම
ගොඩනැඟිල්ල සඳහා ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරමින්
තිබේ. දැන් මෙසේ වන්නේ එම ගොඩනැඟිල්ලේ පදිංචියට ඒමට කෘෂිකර්ම
අමාත්‍යවරයාට විවේකයක් නැති කමවත්, නැකතක් උදා වී නොමැති
වීමවත් නොවේ. තවත් ලක්ෂ හාරසියයක් වැයකර ගොඩනැඟිල්ල
අලුත්වැඩියා කිරීමට නියමිත නිසා ය. අපට මේ කිසිදු කාරණයක්
වැදගත් නැත. රටට මේ මොහොතේ වැදගත් වන්නේ රටේ ජනතාවගේ බදු මුදල්
මේ තරම් නොසැලකිලිමත් ලෙස නිර්ලඡ්ජිතව නාස්ති කිරීමය. අපට
කියන්නට තිබෙන්නේ මේ ගොඩනැඟිල්ල මිලදී ගැනීමේ ගනුදෙනුව 'යහපාලන
ආණ්ඩුව' කියන නාස්තිය දූෂණය අවම කිරීමේ ප්‍රතිපත්තියට
කොහෙත්ම ගැළපෙන්නේ නැති බව ය. එම ගොඩනැඟිල්ල වෙනුවෙන් රජයේ
මුදල් මේ ආකාරයෙන් වියදම් කිරීම කොතරම් යුක්ති යුක්ත දැයි
විගණකාධිපතිවරයාද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් පසුගිය
මැයි මාසයේදී විමසා තිබිණි.
මෙවැනි නාස්තිකාර වියදමක් දරා ගොඩනැඟිල්ලක් මිලදී ගන්නා
අමාත්‍යාංශයක් රටේ ජනතාව වෙනුවෙන් කරන්නේ මොනවාදැයි අහන්නට අප
කලබල වන්නේ නැත. හේතුව ආණ්ඩුව අපට 'පටි තද කරගෙන' සිටින්නට
යෑයි කියා ඇති බැවිනි.
මේ පාහර වල් වනචර අසමජ්ජාති කෘෂිකර්ම ඇමැති ශ්‍රීලනිපයේ මහ ලේකම්වරයා ය. යහපාලන
ආණ්ඩුව ගෙන එන්නට බෙල්ල කැඩෙන තීන්දුවක් ගෙන ආණ්ඩුවකින්
එළියට බැස්ස මිනිහෙකි. නාස්තිය දූෂණය වළක්වන්නට කැප වෙනවා
යෑයි කී කණ්ඩායමේ මහත්මයෙකි. අමාත්‍යාංශය වුව ටිකක් හැඩේට
තිබිය යුතු යෑයි එවැනි තරුණ ගැටයෙක් විශ්වාස කිරීම සාධාරණය.
(අප ගොඩනැඟිල්ලේ හැඩය යෑයි කීවේ එම ගොඩනැඟිල්ලේ අටපට්ටම් හැඩය
නිසා නොවේ. කල එළියට තිබිය යුතු බව ඒත්තු ගන්වන්නටය.) ඉතිං ඒ
ආශාව එසේ නම් ජනාධිපතිත්, අගමැතිවරයාත් මේ ගැන යමක් නොකීම
ගැන අපට තේරුම් ගන්නට පුළුවන.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, February 16, 2017
යහපාලන අට්ටාලයේ වල් වනචරයෙකු ගැන කියැවෙන කථාව ජනාධිපති පඹයා නොදනීද....???
Posted by
lankanews
at
February 16, 2017
Labels: agriculture, agriculture building, agriculture ministry, duminda disanayake, Duminda Dissanayake, SABEETHA, sabeetha perera, yahapalanaya
යහපාලන අට්ටාලයේ වල් වනචරයෙකු ගැන කියැවෙන කථාව ජනාධිපති පඹයා නොදනීද....???
2017-02-16T13:52:00+01:00
lankanews
agriculture|agriculture building|agriculture ministry|duminda disanayake|Duminda Dissanayake|SABEETHA|sabeetha perera|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...