ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 3, 2017

බැප්ටිස් ප්‍රනාන්දු සමුගනී....!!!

අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු බැප්ටිස් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු හෙට (03) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව. කලක් තිස්සේ රෝගීව සිටි ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කෝමා තත්වයෙහි පසුවී  (01) ජීවිත කතාව අවසන් කර තිබිණි.වීඩියෝ සහ ඡායාරූප
පෙරකදෝරු බෑණා චිත්‍රපටියෙන් සිනමා රංගනයට අවතීර්ණ වූ බැප්ටිස් ප්‍රනාන්දු මහතා පුරුෂ රත්නය, සැපත සොයා, තුෂාරා, කවුද රජා, සත පනහ, දුප්පතාගෙ හිතවතා, ටිකිරා, සුදු අයියා ඇතුළුව චිත්‍රපටි 60ක පමණ රඟ පා ඇති බව සඳහන් ය. එමෙන් ම ඒ මහතා නිශ්පාදකයකු සහ අධ්‍යක්ෂකවරයකු ලෙස ද ලාංකේය සිනමාවට සිය දායකත්වය සපයා තිබිණි. මිය යනවිට ඔහු 83 වන වියේ පසුවිය. බැප්ටිස් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු පිළිබඳ යම්  විමසිමක් කිරීමට ඇත්නම් ඇයගේ දියණියක් වන දුලාරි ප්‍රනාන්දු 0765408459 යන දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගත හැක.

 දිවයින පුවත් පතින්...
අද මට ඉතිරිව ඇත්තේ හුදකලාව පමණයි!

වෙන්නප්පුව ජෝෂප් වාස්‌ විදුහලේ ඉගෙනුම ලැබූ බැප්ටිස්‌ ප්‍රනාන්දු සිනමාවට පිවිසුනේ අහම්බෙන් ලද වාසනාවන්ත සිදුවීමක ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ඔහුගේ තරුණ වියේ ඡායාරූප කිහිපයක්‌ ගත් මිතුරකු වූ එස්‌. ඒ. ප්‍රනාන්දු ඉන් එක්‌ සේයාරුවක්‌ ප්‍රවීණ සිනමාකරු බී.ඒ ඩබ්ලිව් ජයමාන්නයන් වෙත යෑවුවේ පුවත්පත් දැන්වීමක්‌ දැකීමෙනි. ඒ අනුව පැවති සම්මුඛ පරීක්‍ෂණය ට සහභාගි වූ බැප්ටිස්‌ බී.ඒ. ඩබ්ලිව්. ගේ "පෙරකදොරු බෑණා" චිත්‍රපයට රඟපෑම සඳහා තෝරා ගැනුණි. ඒ ඔහුගේ මුල්ම රඟපෑම විය. ඉන් ඉක්‌බිතිව තුෂාරා, හොඳට හොඳයි, සත පනහ ආදී චිත්‍රපට රාශියක රඟපෑ ඔහු ආදායම් වාර්තා තැබූ "දුප්පතාගේ හිතවතා" "ටිකිරා, අංගුලිමාල,සුදු අයියා වැනි චිත්‍රපට නිෂ්පාදනය කළේය. නිෂ්පාදකවරයකු මෙන්ම අධ්‍යක්‌ෂවරයකු ලෙසද එදා බැප්ටිස්‌ කාර්ය බහුල දිවියක්‌ ගත කළේය. මේ ඔහුගේ අද නතාවයි.


සිංහල සිනමාවේ චිත්‍රපට ගණනාවක දුෂ්ටයා, පෙම්වතා, අහිංසකයා වැනි චරිත ගණනාවක රඟ පෑ බැප්ටිස්‌ ප්‍රනාන්දු අද වත්තල ඇවරිවත්තේ පිහිටි කුලී නිවසක ඉතා නිහඬ ජීවිතයක්‌ ගත කරමින් සිටියි.

ඔහුගේ තනි නොතනියට සිටින්නේ ඔහුගේ බිරිඳ සිතාරාය.

බැප්ටිස්‌ හමුවීම සඳහා පසුගිය ඉරිදා සවස්‌ භාගයේ මමත් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන නන්ද ඉඹුල්ගොඩත් සමග අපි ගියෙමු.

එහෙත් බැප්ටිස්‌ට්‌ නිවසේ නොසිටියේය. ඔහු එනතුරු අපි පැයක පමණ කාලයක්‌ එහි රැඳී සිටියෙමු.

බැප්ටිස්‌ට්‌ තමන්ගේ මුළු සේසතම ගෝල්ඩන් කී බැංකුවේ තැන්පත් කළේය.

එම බැංකුවේ තැන්පත් කළ බොහෝ දෙනකුගේ ලක්‍ෂ කෝටි ගණනක මුදල් අහිමිවූවන්ගේ ලැයිස්‌තුවට බැප්ටිස්‌ගේ නම පවා එක්‌විය.

එම මුදල් අහිමි වූවන්ගේ සංගමයේ දෙහිවල පැවැති රැස්‌වීමකට ඔහු ගොස්‌ සිටි නිසා ඔහු නිවසේ නොසිටියේය. අඳුරු වැටෙද්දී බැප්ටිස්‌ට්‌ පැමිණියේ ත්‍රීවීල් රියකිනි. ඔහු අඩියෙන් අඩියට ඉතා සීරුවෙන් පය තබමින් නිවසට ගොඩවැදුණේ සිය බිරිඳ සිතාරාගේ සහය ඇතිවය.

වෙනදා පැජරො එකේ.... බෙන්ස්‌ එකේ කාර් එකේ ගිය මම අද ත්‍රීවීල් එකේ එනවා යෑයි. කියමින් බැප්ටිස්‌ට්‌ ඉතා සිහින් හඬකින් යුතුව කීවේය.

මගේ සල්ලි ඔක්‌කොම වතුරේ ගියා... කියමින් ඔහු පුටුවේ දිගාවී සිහින් සුසුමක්‌ හෙලුවේය.

ගෝල්ඩන් කී මුදල් මේ විදිහට අහිමි වුණාට පස්‌සේ මෙයා හිතින් ලෙඩ වුණා. දැන් ජීවිතයේ තත්ත්වය මේක තමයි කියමින් සිතාරා බැප්ටිස්‌ට්‌ වෙනුවෙන් කතා කළේය.

මම ජනාධිපතිතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා ගෝල්ඩන් කී තැන්පත් කළ මේ මුදල් අරන් දුන්නොත් පිංසිද්ධ වෙනවා. අද මුදල් තැන්පත් කරපු උදවිය අද මම වගේ ලෙඩ වෙලා ඇති. මට හෝටල් තිබුණා. ගෙවල් තිබුණා. ඉඩම් තිබුණා. ඒවා ඔක්‌කොම වික්‌කා. දරුවෝ දෙන්නවත් දීලා ඉතුරු ලක්‍ෂ 132 මේ විදිහට ගොල්ඩන් කී තැන්පත් කළේ යෑයි බැප්ටිස්‌ට්‌ කීවේය.

බැප්ටිස්‌ට්‌ට කතා කිරීමට අසීරු නිසා බොහෝ අවස්‌ථාවලදී අප ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ඔහුගේ බිරිඳ සිතාරා ප්‍රියදර්ශනීය.

අපි කුලියට ඉන්න නිවසේ මාසික කුලිය රුපියල් 15 දාහක්‌ වෙනවා. මමත් පුංචි රස්‌සාවක්‌ කරනවා. ගෙදර ලයිට්‌ බිල් වතුර බිල් ටැලිපෝන් බිල් විතරක්‌ ගෙව්වාම ජීවත්වෙන්න තවත් ආදායමක්‌ ඕනෑ. ඇයි මෙයාගේ බෙහෙත් හේත් වලට.. යෑයි ඇය කීවාය.

බැප්ටිස්‌ මාතෘකාව වෙනස්‌ කළේය. මගේ ටිකිරා චිත්‍රපටයෙන් මම හුඟාක්‌ සල්ලි හම්බ කළා. "ටිකිරා" චිත්‍රපටය තිරගත කිරීමට ඔන්න මෙන්න කියලා තියෙද්දී රජයේ ඇමතිවරයෙක්‌ මගේ චිත්‍රපටය නවත්වලා එයාගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුවා. මම නීතියේ පිහිට පැතුවා යෑයි ඔහු සඳහන් කළේය.

එදා චිත්‍රපටයි අද චිත්‍රපටය අතර ඔබ දකින වෙනස පිළිබඳව අපි ඇසුවෙමු.



"එදා චිත්‍රපට සිනමා ශාලාවල මාස ගණන් තිස්‌සේ ප්‍රදර්ශනය වෙනවා. චිත්‍රපට බලන්න සෙනඟ පොරකනවා. එදා නළු නිළියන්ට පාරේ බැහැලා යන්න බැහැ. ඒ තරමට ජනප්‍රියයි. එදා චිත්‍රපටවල මොකක්‌හරි කෑල්ලක්‌ අල්ලගත්තම මිනිස්‌සු දිනපතාම වගේ කතා කරනවා.

ඒත් අද චිත්‍රපට හුඟාක්‌ ඩිජිටල් ශබ්දය විතරයි. සමහර චිත්‍රපට දවස්‌ දෙක තුනකින් හෝල්වලින් ගැලවෙනවා යෑයි ඔහු කීවේය.

බැප්ටිස්‌ එදා විජය චිත්‍රාගාරයේ ගින්න සිහිපත් කළේය. "මම එදා චිත්‍රපට කීපයක්‌ම බේරාගත්තා. ගිනි තැබූ මිනිස්‌සු චිත්‍රපටි දැති රෝද වගේ පාරේ තල්ලු කරගෙන ගියා. ඒ මිනිස්‌සු ඒ චිත්‍රපටවල වටිනාකම දන්නේ නැහැ. විජය චිත්‍රාගාරයේ වැඩකරපු ද්‍රවිඩ කාර්මිකයෝ, සංස්‌කරණ ශිල්පියෝ, විවිධ ශිල්පියෝ හුඟ දෙනෙකු ගෙදර අරන් ගිහින් මම රැකවරණය දුන්නා.

එදා මම කීදෙනෙකුට මුදල් වලින් උදව් කළාද? ඒත් අද මාව බලන්න එන්නේ කීයෙන් කී දෙනාද? කියමින් බැප්ටිස්‌ සැනසුම් සුසුමක්‌ හෙලූවේය.

බැප්ටිස්‌ රඟපෑ චිත්‍රපට ප්‍රමාණය අද ඔහුටම මතක නැත. ඔහු නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපට පවා ඔහුට මතක නැත. සිංහල චිත්‍රපට අතිවිශාල ප්‍රමාණයක ඔහු රඟපා තිබේ.

බැප්ටිස්‌ චිත්‍රපට 60 ක පමණ ප්‍රමාණයක්‌ රඟපා තිබේ. මගේ දුප්පතාගේ හිතවතා එදා හරිම ජනප්‍රිය වුණා. හැම චිත්‍රපටයක්‌ම ජනප්‍රිය වුණා. චිත්‍රපටවල රඟපානකොට ගාමිණී ෆොන්සේකා සමග නිතරම ගාමිණීගේ දුෂ්ඨයා වුණේ මමයි. ගාමිණී ෆොන්සේකා මහත්තයා මේ රටේ නළු නිළියන්ට උසස්‌ තත්ත්වයක්‌ අරන් දුන්නා යෑයි බැප්ටිස්‌ අතීතය සිහිපත් කළේය. අනේ.. මගේ ගෝල්ඩන් කී තැන්පත් කළ මුදල අරන් දෙන්න උත්සහ කරන්න. අපි බැප්ටිස්‌ට්‌ගෙන් සමුගෙන යද්දී ඔහු අපෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.

(ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ නන්ද ඉඹුල්ගොඩ සහ චිත්‍රපට අධ්‍යක්‌ෂ සුමිත් අල්ගමට අපේ ස්‌තුතිය.)

නෝමන් පලිහවඩන


 
වර්ෂ 2013 ක්වූ ජනවාරි 24 වැනිදා බ්‍රහස්පතින්දා  සරසවිය පුවත් පතින්

පෙරකදෝරු බෑනා මට දුන් පොරොන්දුව කඩ කළා

බැප්ටිස් ප්‍රනාන්දු අවනඩුව කියයි
සිනමා තිරයේදී පෙම්වතුන්ට එරෙහිව විවිධ නොපනත්කම් කළ ඔහු පසු කාලයක ගැලරියේ විසිල් පහර ලබා ගත් වීරයා බවට පත්වීම අතිශයෝක්තියෙන් තොරය. අභියෝගාත්මක සටන්කාමී චරිත නිරූපණය කොට ප්‍රේක්ෂක මතකයෙන් දැනුදු ඉවත්ව නොගිය ඔහු අතිශය සාර්ථක චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස හඳුන්වා දීම ඊටත් වඩා සාධාරණ විය හැකිය. ඔහුගේ චිත්‍රපට සඳහා නළු නිළියන් ගිවිසුම් අත්සන් නොකිරීම සැඟවුණු පුවතකි. එපමණට සහෝදර සිනමා ශිල්පීන් අතර විශ්වසනීයත්වය තහවුරු කරගත් මොහු කවුද? නමින් බැප්ටිස්ට් ප්‍රනාන්දුය. මොහු එදා කළේ හා අද කරන්නේ කුමක් ද? සත්‍ය සොයා ඔහු සමඟ සාකච්ඡා කොට බලමු.
අපි පළමුවෙන් ඔබේ පෞද්ගලික වගතුග හාරා අවුස්සා බලමුද?
වෙන්නප්පුවේ කොලින්ජාඩිය පෘතුගීසීන් විසින් නම් කරනු ලැබූ ප්‍රදේශයක්. මෙහි පදිංචිව සිටි විනිෆෙඩ් ප්‍රනාන්දු හා එව්ජින් ප්‍රනාන්දු දෙපළගේ වැඩිමහල් පුත්‍රයා මම. මට බාල සහෝදරයින් දෙන්නකුයි, සහෝදරියන් තුන්දෙනකුයි සිටියා. මම ඉපදිලා තියෙන්නේ 1933 ජූනි 09 වැනිදා. නම ලැබුණේ වර්ණකුලසූරිය මහලේකම් ගේ ජෝන් බැප්ටිස්ට් ප්‍රනාන්දු කියා. ඉගෙන ගත්තේ වෙන්නප්පුවේ ජෝශප් වාස් විද්‍යාලයේ. ඒත් පාසල් නාට්‍යයකවත් රඟපාලා නැහැ ඇත්තමයි.
එහෙම නම් ඔබට සිනමා නළුවකු වෙන්න මාර්ගය පෑදෙන්නේ කෙසේද?
පාසලේ ගජ මිතුරෙක් සිටියා එස්. ඒ. ප්‍රනාන්දු කියා. මේ යෝධයා හොරෙන් මගේ ඡායාරූපයක් ජයමාන්න සිනමාටෝන් වෙත යවලා. ඔවුන්ගේ කැඳවීම අනුව මිතුරාගේ බල කිරීම නිසා සම්මුඛ පරීක්ෂණයට මම පෙනී සිටියා. නිෂ්පාදකවරයා මාව පෙරකදෝරු බෑනා චිත්‍රපටයේ ගාමිණී නම් ප්‍රධාන පිරිමි චරිතයට තෝරා ගත්තා. රඟපාන්න ඉන්දියාවට ගියා. එහිදී ප්‍රධාන චරිතයට වෙනත් නවකයෙක් තෝරා ගෙන මට සුළු චරිත දෙකක් කරන්න පැවරුවා. ඉන්දියාවට ගිය මෝඩකමට මම ඔය කිව්ව චිත්‍රපටයේ පොලිස් පරීක්ෂකවරයකු හා දුෂ්ටයාගේ සහචරයකු ලෙස රඟපෑවා.
මේ පොරොන්දුව කඩ කිරීම ඔබව අධෛර්යමත් කළාද?
අපොයි නැහැ. කවදා හරි ජනප්‍රිය නළුවෙක් වෙනවා කියා තිර අදිටනක් ඇති කර ගත්තා. මීළඟට 1959 අවිශ්වාසය හා පුරුෂ රත්නය යන චිත්‍රපට දෙකට සම්බන්ධ වුණා. මුල් චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් වුවත් පුරුෂ රත්නය චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතය ලැබුණා. පෙම්වතිය රාණිදේවී සෝමසුන්දරම්. චිත්‍රපටය නිෂ්පාදනය කළ ස්වර්ණා අභයනායක සිංහල චිත්‍රපට නිෂ්පාදනයට පිවිසි ප්‍රථම කාන්තා රත්නය කියලා කවුරුත් දන්නවා ඇති. ඔය චිත්‍රපට නිසා මගේ සිනමාවේ සමීපතම හිතවතා ප්‍රේම් ජයන්ත් හමුවීම අමතක නොවන්නක්.
ඔබ සිනමාවේ වඩාත් ප්‍රචලිත වූයේ දුෂ්ට නළුවකු ලෙස නේද?
මා සතු නුඋස් කාය වර්ධනයෙන් ඉස්මතු වුණු ජව සම්පන්න සිරුර නිසා අධ්‍යක්ෂවරු ආදේශ කළේ මැර චරිතයන්ට. ‘සිතක මහිම’ චිත්‍රපටයෙන් ඇරැඹි ‘ඒ මඟ සැපත සොයා, සත පනහ, ඇතුල්වීම තහනම්, ඔහොම හොඳ ද, තුෂාරා, හොඳට හොඳයි, ප්‍රදීපේ මා වේවා, කවුද රජා, ඇගේ ආදර කතාව, රජ කොල්ලෝ, සුභානි, මමයි රජා, සැබෑ මිතුරා, සිහින විමානේ රාජ කුමාරි, ශක්ති’ දක්වා ව්‍යාප්ත වුණා. ඒත් මම ‘සීගිරි කාශ්‍යප, රන්රස, ඔබ නැතිනම්, සිරිල් මල්ලි, දෙවියනි ඔබ කොහිද, චිං චිං නෝනා, වනගත කෙල්ල, අහිංසා, ක්‍රිස්තු චරිතය’ වැනි චිත්‍රපටවල කළු නොවන සාමාන්‍ය සුදු චරිත නිරූපණය කළා.
ඔබ කතානායකයා විදියට රඟපෑ මුල්ම චිත්‍රපටය මතකද?
හෙන්රි චන්ද්‍රවංශගේ සුනිලා චිත්‍රපටයේ ආරාධිත රඟපෑමක යෙදුණ මට ඔහුගේ සේයාවක් පසුපස චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබුණා. ඔහුගේම සුගතියක් කරා චිත්‍රපටයේත් කතානායකයා මම. ප්‍රධාන නිළිය පර්ල් කුරේ. 1963 – 1966 හා 1969 පෙන්නූ මෙම චිත්‍රපට සියල්ලම මිලි මීටර් 16 වර්ණ චිත්‍රපට.
හැබැයි ඔබ රිදී තිරේ නොනැසෙන වීරයකු කරන්නේ ඔය චිත්‍රපටවලින් නොවෙයි නේද?
දුෂ්ට චරිත බහුලව නිරූපණය කිරීමෙන් හෙම්බත්ව සිටි මට වීර චරිතයකින් ප්‍රේක්ෂකයින් අතරට එන්න තදබල ආශාවක් තිබුණා. මම කොටු වෙලා උන්න මැර චරිත රාමුවෙන් වෙනස් වෙන්න නම් මම චිත්‍රපටයක් නිපදවන්න උවමනා බව අවබෝධ වුණා. ඒ අනුව 1974 දුප්පතාගේ හිතවතා නිෂ්පාදනය කරමින් ආනන්ද නම් සටන්කාමී චරිතයට ජීවය දුන්නා. මෙය ඉහළම ආදායම් වාර්තා තබමින් බැප්ටිස්ට් ප්‍රනාන්දුව සාර්ථක සිනමා වීරයකු බවට පත් කෙරුවා.
දුප්පතාග් හිතවතා ඔබ නිෂ්පාදිත කුලුඳුල් චිත්‍රපටය කියා කියන්න පුළුවන්ද?
කොහෙත්ම බැහැ. ඊට පෙර සහනය චිත්‍රපටය 1972 ප්‍රේම් ජයන්ත් සමඟ නිෂ්පාදනය කරන්න ලැබුණා. වාණිජ වට්ටෝරුවෙන් මිදුණු මෙය සිනමාරූපී නිර්මාණයක්. මගේ කැමැත්තෙන්ම නපුරු චරිතය තෝරා ගත් මේ චිත්‍රපටය එක්ක බැඳුණු අපූරු සිද්ධියක් කියන්න තියෙනවා. ප්‍රේම් ජයන්ත් ගේ අදහසක් අනුව සහනයට පුළුල් ප්‍රචාරයක් ලබාදීමේ අරමුණින් අපි මරදාන මංසන්ධියේ කතා නායිකාව තනපටයකින් සැරසී දිය නාන පිළිරුවක් ඉදි කෙරුවා. දින දෙක තුනක් යන විට එතැන රිය අනතුරු වැලක් සිදු වුණා. පිළිරුව පොලීසිය භාරයට ගත්තා.
ඔබ මේ චිත්‍රපට නිෂ්පාදනය කළ සමාගම කුමක්ද?
සෙවන් ආට්ස්. එමඟින් දැනට චිත්‍රපට නමයක් ඉදිරිපත් කොට තිබෙනවා. අනික් චිත්‍රපට ටිකිරා, සුදු අයියා, ඒක දිග කතාවක්, නාමල් රේණු, අංගුලිමාල, රජ කෙල්ලෝ. අංගුලිමාල හැර මෙකී චිත්‍රපටවල ප්‍රධාන චරිත මම පණ පෙව්වා.
ඉන් නාමල් රේණු මගේ ද්විත්ව චරිත නිරූපණයක් රැගත් චිත්‍රපටයක්. ඒක දිග කතාවක් දෙමළ දෙබස් කවා ඔරු තලෙයි කාදල් නමින් පිටපත් පහක් දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල ප්‍රදර්ශනයට තැබුවා. අංගුලිමාල මගේම අධ්‍යක්ෂණයක්. රජ කෙල්ලෝ නිෂ්පාදිකාව වශයෙන් සිතාරා ප්‍රියදර්ශනී සඳහන් වෙතත් මුදල් ආයෝජනය මගෙන්. තිර නාටකය රචනා කළේත් මමයි.
ටිකිරා චිත්‍රපටයට ප්‍රදර්ශන ගැටලුවක් පැන නැගුණු වග ඇත්තක්ද?
චිත්‍රපට සංස්ථාව අනුගමනය කරන පොදු පිළිවෙත අනුව ඕනෑම චිත්‍රපටයක් රැඟුම් පාලක මණ්ඩලයෙන් ප්‍රදර්ශන සහතික ලබන අනුපිළිවෙළට තමන්ට හිමි ප්‍රදර්ශක මණ්ඩල පෝලිමේ සිටිය යුතුයි. 1978 ටිකිරා චිත්‍රපටයට දින නියම කොට තිබියදී එය හදිසියේ වෙනස් කොට වෙනත් චිත්‍රපටයක් වක්‍රව තිරගත කිරීමට සූදානම් වුණා. එවක තිබුණු රජයේ ප්‍රබල ඇමතිවරයකු නිපද වූ මේ චිත්‍රපටය පෝලිමෙන් පිට ප්‍රදර්ශනය කිරීමට විරුද්ධව මා දැඩිව නැගී සිටියා. අන්තිමට ටිකිරා අගෝස්තු 04 වැනිදා මට අදාළ ප්‍රදර්ශක මණ්ඩයේත්, අලුතින් සම්භාව්‍ය චිත්‍රපට සඳහා වෙන් කළ පස්වෙනි ප්‍රදර්ශක මණ්ඩලය අරඹමින් වීර පුරන් අප්පු නම් එම චිත්‍රපටය අගෝස්තු 09 වෙනිදාත් ප්‍රදර්ශනයට මුදා හැරියා.
කතෝලිකයකු වන ඔබ අංගුලිමාල වැනි බෞද්ධ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න පෙලඹුණේ මන්ද?
නිර්මාණයකට ආගම් බේද බලපාන්නේ නැහැ. එබැවින් සිනමාකරුවකුට තමන් අදහන ආගමට පටහැනි වෙනත් ආගමික චිත්‍රපටයක් තනන්න ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් හිමියි. 1963 ප්‍රදර්ශනය කළ සිංහල දෙබස් කවන ලද අංගුලිමාල හින්දි චිත්‍රපටය නොසිතූ අයුරින් ජනප්‍රිය වුණා. එම වසරේ ප්‍රදර්ශිත සියලුම සිංහල චිත්‍රපට අභිබවා අංගුලිමාල වාර්තාගත ආදායමක් ඉපයුවා. බෞද්ධ ජනතාව බොහෝමත් ඇලුම් කළ මේ චරිත කතාව ප්‍රතිනිර්මාණය කරන්න මටත් හිතුණා. සමාජය මඟින් වරදට පොලඹවන අහිංසකයකු සමාජය විසින්ම යළිත් යහ මඟට අවතීර්ණ කිරීම ප්‍රබලව ඒත්තු ගැන් වූ මෙහි මම රඟපෑවේ නැහැ. ඒත් සෙනඟ පිරුණු දර්ශනයක යන්තමට පෙනී සිටියා.
ඔබ මෙතෙක් රංගන දායකත්වය ලබා දුන් සුවිශේෂ හද බැඳ ගත් චරිතයක් එහෙම තියෙනවද?
වලව්වේ හාමු චිත්‍රපට චරිතය මට අමතක නොවන්නේ එහි වෙනසක් තිබුණ නිසයි. එය ගොළු තරුණයකුගේ භූමිකාවක්. දෙබස් රහිත හස්ත චලනයෙන් හා මුහුණේ ඉරියව් අතරින් මතුª කළ යුතුª එකී දීර්ඝ චරිතය රඟපෑවේ හරිම කැපවීමෙන්. වලව්වේ හාමු කලින් නම් ලබා තිබුණේ මැතිනිය කියා.
ඔබගේ අවසන් රංගනය රැගත් චිත්‍රපටය තිරගත වුණේ කවදාද?
2008 ආදර මීනා නම් එම චිත්‍රපටයේ පියකුගේ වැඩිහිටි චරිතයක් නිරූපණය කළා. අධ්‍යක්ෂවරයා කීර්ති බණ්ඩාර. තවමත් ප්‍රදර්ශනය නොකළ චිත්‍රපටයක් ලෙස රැජින මමයි හඳුන්වා දෙන්න පුළුවන්. මියගිය ගාමිණී නවරත්න නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ මෙහි මාත් නිෂ්පාදන කොටස්කරුවෙක්.
ඔබ රිදී තිරෙන් හැරුණු විට රූපවාහිනියෙන් නුදුටුවේ ආරාධනයක් නොලැබුණු නිසාද?
ආරාධනා ලැබුණත් ඒවා ප්‍රතික්ෂේප කළා. අපි නළු නිළි සංගමයේ සාමාජිකත්වය දැරූ කාලේ සිනමා රංගන ශිල්පින්, ශිල්පිනියන් ටෙලි නාට්‍ය රංගනයට නොයන බවට ප්‍රතිඥාවක් දී තිබුණා. මම එය අකුරටම පිළිපැද්දා. සෙසු අය තම වාසි ප්‍රයෝජන තකා පොරොන්දු කඩ කළා.
අපි දන්නා තරමින් ඔබ සිනමාවෙන් යැපුන පුද්ගලයෙක් නොවන බව පැවසුවොත් නිවැරැදිද?
මම දිගු කාලයක් පිටරටින් ගෙන්වන ඉස්තරම්ම සුවඳ විලවුන් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. එයින් ඉපයූ මුදල් අප්‍රමාණයි. මේ මුදල් යොදවා හැඳල පල්ලිය පාරේ පැනමා නමින් නැවතීමේ පහසුකම් සහිත සුපිරි හෝටලයක් විවෘත කෙරුවා. ජූලි කලබල සමයේ විනාශයට පත් හැඳල චිත්‍රාගාරයේ රසායනාගාරය හා සංස්කරණ මැදිරිය සෙවන් ආට්ස් නමින් කාලයක් සිනමාකරුවන්ගේ සේවයට කැප කොට දුන්නා.
ඔබේ පවුලෙන් සිනමාවට දායාද කළ දරුවන් ඉන්නවද?
මේලා ප්‍රියදර්ශනී දුවයි, ෂම්මි ප්‍රනාන්දු පුතයි අංගුලිමාල, රජ කෙල්ලෝ චිත්‍රපටවල චරිත නිරූපණය කළා. ඒ මගේ බලවත් ඉල්ලීමට මිසක ඔවුන්ගේ කැමැත්තට නොවෙයි.
ඔබේ වත්මන් ජිවන තොරතුරු පිළිබඳ විමසුවොත් ලබා දෙන පිළිතුර කෙබඳුද?
මගේ සුවිශාල නිවස, පැනමා හෝටලය විකුණා ලබා ගත් රුපියල් ලක්ෂ 130 මුදල ගෝල්ඩන් කී ආයතනනයේ වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් තැන්පත් කෙරුවා. ආයතනය කඩා වැටිලා අද මගේ විතරක් නොවෙයි තවත් තැන්පත්කරුවන් රාශියකගේ මුදල්වලට වගකියන්න නිසි බලධාරියෙක් නැහැ. අපි සරණක් සොයා ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ එකමුතුව නමින් සංවිධානත්මකව නීතියේ පිහිට පතනවා. මේ ගැන හිතලා මම මානසික වශයෙන් අගාදයට වැටිලා අසරණ වෙලා, ඔත්පල වෙලා. පවතින රජයවත් මෙයට සාධාරණ විසඳුමක් ලබා දෙයි කියලා සිතනවා. නැත්නම් අපිට වහ කාල තමයි මැරෙන්න වෙන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.