ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, February 3, 2017

බේරුවල “රත්තරං” ගහපු හැටි ඉස්තරම්...!!!

2012 – 2014 කාලය තුළ අමාත්‍යවරයා ලෙස සිටියදි නීත්‍යානුකූල අකාරයෙන් උපයා ගැනීමට නොහැකි මිලියන 41ක වටිනාකමින් යුත් මුදල් හා දේපල වල හිමිකාරිත්වය දැරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරං විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනුකර තිබේන අතර ඊට් අදාළ නඩුව  (2017-01-31)කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනුණා. ඊට අමතරව හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය විවෘත කිරිමේ දී සිදු වු බව කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන බරපතල වංචා දුෂණ විමර්ශන ජනපති කොමිසම පරික්ෂන කරමින් සිටි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදි අහම්බයක් ලෙස බිහිවුනු අද වන විට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයෙද සිටින බහුතර හොරා කෑ මන්ත්‍රීවරුන් අතරට රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාද එකතු වේ.බේරුවල වෙරළේ Beach Boy ලෙස සිටි රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරං ඒ කාලයේ සිටම කප්පම් ගැනිමේ විශිෂ්ට හැකියාවක් තිබු අයෙකු වේ.රත්තරං බඩු කොල්ලකමින් ජීවත් වූ බව කියන මොහු දේශපාලනයට පැමිණි පසු මහින්ද රාජපක්ෂගේ අනුග්‍රහය මත කෝටි ගණනක දේපොල හිමිකර ගත්තෙකි. ඔහු අවස්ථා ගණනකදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇතත් එය මග හරිමින් සිටී.
වරක් ඔහු එය මග හැරියේ නයෙකු දෂ්ට කල බව පවසමි
පසුගිය රජය සමයේ විවිධාකාර වංචා දූෂණ අල්ලස් අක්‍රමිකතාවල නියැලි බවට දේශපාලනඥයින්, අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසම මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2200 ඉක්මවා තිබේන් අතර එම පැමිණිලි අතර ප්‍රමුඛ ස්ථානයේ සිටින පස්දෙනා අතර එන්නට තරම් රත්තරං සමත්වි තිබේ.
මේ වනවිට රත්තරං සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙන්නේ මිලියන 41ක වටිනාකමින් යුත් මුදල් හා දේපල උපයා ගැනිම සම්බන්ධයෙනි.නමුත් රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරං සතුව ඇති නමුත් වෙන පුද්ගලයන් හරහා ක්‍රියාත්මක වන ව්‍යාපාර අතී විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවා හදුනා ගැනිමටනම් යහපාලන ආණ්ඩුවද ඩීල් වලින් තොරව කටයුතු කල යුතුව තිබේ.
හරියටම ගතහොත් රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරංගේ අයිතිය යටතේ කළුතර,බේරුවල,ගාල්ල සහ මාතර ඇතුලු දකුණු පළාත් වෙරළ තීරයේ තරූ 3,4 සහ තරු 5හේ හොටල් 10ක් තිබේන අතර ගල්කිස්ස සිරිවිමල උයනේ පිහිටි දැවැන්ත මාලිගාවේ වටිනාකම පමණක් මිලියන 400 ඉක්මවා තිබේ.
මේ සියල්ලටම අමතරව පොදුවේ බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු කිහිප දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබි තිබේන පැමිණිල්ලක් හරහාද රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරංගේ ගැහිලි රැසක් අනාවරණය වි තිබේ.
මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, කාල්ටන් සුපර් ස්පෝර්ට් ක්ලබ්, හිටපු සමුපකාර හා වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන, සංචාරක මණ්ඩලයේ සභාපති සේනාංක ගුණරත්න, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ රූම් පවුසර්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට යන අයටද එරෙහිව මෙම අල්ලස් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ වියදමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් 2014. 03. 11 දිනැතිව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මඟින් යවන ලිපියක් මඟින් සංචාරක මණ්ඩලයේ මුදලින් ඇතැම් පළාත් සභා මැතිවරණවලදී වෙළෙඳ දැන්වීම් පළ කිරීම, කාල්ටන් ලොටෝ ස්පෝර්ට් ක්ලබ් නමැති ආයතනය සඳහා රජයේ මහා භාණ්ඩාගාරයට අයවිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි කිරීමට සලස්වමින් අධි සුඛෝපභෝගී කාර් රථ ගෙන්වීම සඳහා බදු සහන ලබාදීම, නීති විරෝධීව දිවි නැඟුම පළමු ජාතික සමුළුව 2014.11.21 දින කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වූ අතර ඒ සඳහා රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වියදම් කිරීම, ඒ සඳහා සමෘද්ධි බැංකුවලින් මුදල් ලබා ගැනීම, පසුගිය මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූප සහිත ලිපි ලක්ෂ පහක් පමණ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ මුදලින් මුද්‍රණය කර බෙදා හැරීම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දේශීය බැංකු මඟින් ණය ලබාගෙන නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඉතා අධික මිල ගණන් යටතේ ජල ව්‍යාපෘති ප්‍රදානය කිරීම, කොළඹ නගර සභා සීමාවට අයත් ජනතාව සතු ඉඩම් අත්පත් කර ගැනීම නීතියට පරිභාහිරව හමුදා මැදිහත් කිරීම්ද සහිතව නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගත් සහ ඒ සඳහා කිසිදු වන්දි මුදලක් ජනතාවට ලබා නොදී එසේ බලහත්කාරයෙන් අත්පත් කර ගත් ඉඩම් කොමිස් මුදල් මත සමාගම්වලට සහ පෞද්ගලික පුද්ගලයන්ට ලබාදීම සහ රේගු දෙපාර්තමේන්තුව වෙත මැෂින් 500ක් ගෙන්වීම වෙනුවෙන් ගෙවීමට ඇති වටිනාකමින් ගෙවීමට ඇති 15% ක බද්ද නොගෙවීමෙන්ද, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් 123,000ක මුදල නොගෙවීම ඇතුළු තවත් මූල්‍ය වංචා රාශියක් සිදු කරමින් මෙරට තරුණ පරපුර ඇතුළු හුදු මහත් ජනයා සූදුවකට ඇබ්බැහි කරවීමට සලස්වමින් ‘ඕෂනික් ගේම් (පෞද්ගලික) සමාගමට’ On Line ලොතරැයිය නමැති ලොතරැයියක් ආරම්භ කිරීමට ආධාර අනුබල දීම මඟින් විශාල මූල්‍ය වංචාවක් සිදු කිරීම. ඉහත කරුණ තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුවට කළ විශේෂ ප්‍රකාශයක පිටපතක් සහ අමතර සකස් කළ සටහනක පිටපතක් ‘පැ3(අ)’ සහ ‘පැ3(ආ) ලෙස සලකුණු කර ඉදිරිපත් කර සිටීම.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයාගේ පවුලේ සහ අනිකුත් ඥාතීන් අධ්‍යක්ෂක මණ්ඩලයට ඇතුළත් කරමින් Grand Expert Sri Lanka නමින් සමාගමක් ආරම්භ කර එකී සමාගම වංචා සහගතව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මුද්‍රණය කිරීම, එකී ලොතරැයිපත් මුද්‍රණය කිරීමට වැය වන මුදලට අඩකට ආසන්න මුදලක් වියදම් ලෙසට ව්‍යාජව එකතු කරමින් ව්‍යාජ ගිණුම් වාර්තා පෙන්වා උක්ත සමාගමේ ගිණුම්වලට බැර කර තිබීමත්, හයිවේ ඩ්‍රීම්ස් ටිකට් ඇදීම වෙනුවෙන් මිලදී ගත් කාර් රථ 50කට කොමිස් වශයෙන් අමතර කාර් රථ 05 ලබාගැනීමත්, දැයට කිරුළ ප්‍රදර්ශනයට ඇතුළත් වීම සඳහා නිකුත් කළ ප්‍රවේශ පත්‍ර ටෙන්ඩර් පටිපාටියකින් තොරව මුද්‍රණය කිරීම.
 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇපයට තබමින් සිදු කළ හෙජින් සූදුව නිසා ලංකාවට අති විශාල මූල්‍ය පාඩුවක් සිදු විය. එම සූදුවේ ඇති අවිනිශ්චිත බව හා සිදුවිය හැකි මූල්‍ය පාඩුව හොඳින් දනිමින් එය හඳුන්වා දුන් එය මෙහෙය වූ සහ ඒ සඳහා සියලුම උපදෙස් ලබා දුන්නේ හිටපු මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂද සම්බන්ධ වී අයුතු ධනයක් ඉපයීම. ග්‍රීක රාජ්‍යයේ ආර්ථිකය ඉතා පහළ මට්ටමකට ඇද වැටී ඇති බව ඉතා හොඳින් දනිමින් අවාසි සහගත වෙළෙඳ පොළ තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා රජයට විශාල මූල්‍ය හානියක් සහ පාඩුවක් සිදුවන අන්දමට මුදල් බැඳුම්කර මිලදී ගැනීම මඟින් මුදල් ආයෝජනය කිරීම. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සෘජු මැදිහත්වීම මත මිද්දෙණිය, අඟුණකොළපැලැස්ස, වීරකැටිය, බරවාකුඹුක, රොටේ, දෙනියාය, ඌරුබොක්ක සහ මොරවක ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එම ව්‍යාපෘතියට වැය වන සත්‍ය වියදම රුපියල් කෝටි 1574.52 ක්ව තිබියදී වංචා සහගතව රුපියල් කෝටි 3640.41 වැය වන බව හඟවමින් Bawan Group Limited නමැති සමාගම සමඟ එක්ව ඉහත මූල්‍ය වෙනසට අදාළ මුළු මුදල වංචා සහගතව ලබාගැනීම.
නීති විරෝධීව දිවි නැඟුම පළමු ජාතික සමුළුව 2014.11.21 වන දින කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වූ අතර එකී ජාතික සමුළුවට රුපියල් දෙකෝටි විසි හතර ලක්ෂයක් වියදම් කරමින් සමෘද්ධි බැංකුවලින් මුදල් ලබාගෙන ඇති අතර එකී නීති වි‍රෝධී සමුළුව සඳහා රුපියල් ලක්ෂ හැට හතක මුදලක් වැය කරමින් ප්ලාස්ටික් පුටු 10000ක් මිලදී ගැනීම.
පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එක්සත් ජනතා නිදහස්සන්ධානය නියෝජනය කරමින් තරග කළ මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ පනහ (5,000,000) ක ප්‍රමාණයක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මුදලින් මුද්‍රණය කොට ඒවා මහජනයා අතර බෙදා හැරීමට සැලැස්වීම.
කොළඹ නගර සභා සීමාවට අයත් ජනතාව සතු ඉඩම් අත්පත් කර ගැනීමේ නීතියට පරිබාහිරව හමුදා මැදිහත්කිරීම්ද සහිතව නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගත් අතර එකී ඉඩම් සඳහා කිසිදු වන්දි මුදලක් ජනතාවට ලබා නොදී එසේ බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා ලද ඉඩම් කොමිස් මුදල් මත සමාගම්වලට සහ පෞද්ගලික පුද්ගලයන්ට ලබාදීමට එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂ කටයුතු කිරීම පැමිණිල්ලේ ඇතුළත් චෝදනා වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.