වැසිකිළියටත් වැට් බදු
....ඉවසීමට නොහැකි ලෙසින් අහිංසක ජනතාව වෙත බදු බර පටවා රටම විනාශ කරමින් සිටින මේ ආණ්ඩුව ගැන ජනතාවට ඇත්තේ විශාල කළකිරීමකී. ඵදා සුද්දන් පවා නොගැසු බදු අද අය කරමින් මේ හිරිකිත අපත දේශපාළුවන් යහපාලන බෝඩ් ලෑල්ල පෙන්වා රටම රවටා ඇත්තේ හරි අපූරුවට නොවේද....!!!
පසුගිය ඔක්තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය මගින් 'මහජන
අවධානය පිණිසයි' මැයෙන් පිටුවක් පුරා විශේෂ දැන්වීමක් පළකර
තිබිණි. මෙහි සඳහන් වූයේ කුමක්ද..? ජනතාවට සතුටුදායක දෙයක් නම්
නොවේ. 2016 ඔක්තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ
එකතු කළ අගය මත බදු හෙවත් වැට් සහ ජාතිය ගොඩනැඟීමේ බදු සංශෝධන
2016 නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක බවත් ඒ අනුව වැට්
බද්ද 11% සිට 15% දක්වා ඉහළ යන බවත් එහි සඳහන් විය. වැට්
ප්‍රහාරයෙන් ජනතාව හාන්සි වූ බව අමුතුවෙන් කිව යුතු නැත. ජංගම
දුරකථනයට, පෙර ගෙවුම් රුපියල් පනහේ කාඩ්පතක් දමා දුරකථන
ඇමතුම් දෙකක් තුනක් ගන්නා විටම එය අවලංගු වී යයි. එවිට
සිදුවන්නේ කුමක්ද? ජංගම දුරකථනය දෙස බලා සුසුම් හෙළීම පමණද?
වැට් ගැන නැවත කතා කිරීමට උනන්දුව ඇති වන පුවතක් ඊයේ ජාතික
පුවත්පතක පළ වී තිබිණි.
එය කවරක්ද? එම පුවතේ ශීර්ෂ පාඨය වූයේ
ද 'වැසිකිළියටත් වැට් බද්දක්' යනුවෙනි. එහි සඳහන්ව තිබුණේ
පිටකොටුව ගුණසිංහපුර මහජන වැසිකිළියේ මුත්‍රා කිරීමට ගිය ද
රුපියල් 20 ක මුදලක් අයකරන බවයි. මුත්‍රා කිරීමට ගියත් ශරීර
කෘත්‍යය සඳහා ගියත් ගාස්තුව වෙනස් නොවේ. වෙනදා රුපියල් 5 ට
තිබූ ගාස්තුව ක්‍රමයෙන් රුපියල් 15 දක්වා වැඩි වූ අතර
අවසානයේ වැට් බද්ද ඉහළ යැම නිසා මෙම ගාස්තුව රුපියල් 20 ක්
වී ඇති බව මේ පුවතේ සඳහන් වෙයි.
හදිසි අවශ්‍යතාවක් සඳහා පිටකොටුවේ මහජන වැසිකිළියට කලබලයෙන්
දුවගිය ද රුපියල් විස්සක් නැත්නම් බරපතළ අපහසුතාවකට
මුහුණපෑමට සිදු වේ. ශරීර අපහසුතාව මදිවාට වැට් ප්‍රහාරයට
ලක්වීමට සිදු වේ. මුත්‍රා බර සැහැල්ලු කරන විටත් වැට් ගැන
සිහි කරන්නට සිදුවීම සතුටට කරුණක්දැයි අප දන්නේ නැත.
වැට් බදු ඉහළ දැමීමේ පනත සම්මත වූයේ පසුගිය ඔක්තෝබර් 26
වැනිදාය. මෙම පනතට ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ
විරුද්ධ විය. වැට් බදු පනත සම්මත වීම සමඟ රජය කියා සිටියේ
හාල්, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 81 ක මිල වැඩි නො
වන බව ය. හාල්, පරිප්පු, සීනි ගැන ජනතාව වැඩි අවධානය යොමු කළ ද
රහසේ වැසිකිළියටත් වැට් බද්ද පනවා ඇත. මුදල් අමාත්‍යාංශ
දැන්වීමේ ද වැසිකිළි බදු ගැන නම් කිසිම දැනුම්දීමක් නැත.
මුතු, දියමන්ති, රත්රන්, ප්ලැටිනම්, මැණික් විකිණීම ද වැට්
බද්දෙන් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යාංශ දැන්වීමේ සඳහන්
විය. එහෙත් ශරීර බර නිදහස් කිරීම නම් වැට් බද්දෙන් නිදහස්
කර නොමැත. මේ ගැන කවරකුට පැමිණිලි කරන්නද? ශරීර අවශ්‍යතාව
උග්‍ර වූ විට කවර හෝ මුදලක් ගෙවා එය ඉටු කර ගන්නවා විනා වැට්
ගැන සොයන්නට බොහෝ දෙනා උනන්දු වන්නේ නැත. එසේ නම් වැසිකිළියට
අයකරන ගාස්තුවට වැට් ඇතුළත් වී ඇත්තේ රහසේද? මේ ගාස්තු
මුදල්වලින් ලැබෙන වැට් බදු මුදල නිසි ලෙස තමන්ට ලැබෙන්නේදැයි
මුදල් අමාත්‍යංශය විමසිලිමත්ව සිටිය යුතු ය.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Wednesday, February 8, 2017
ඉතිහාසයේ ප්රතිවර්තනය....!!! බණේ සිටින දෙවියෝ අද ඇත්නම් රවියව හතරට පලනවනේ....!!!
Posted by
lankanews
at
February 08, 2017
Labels: corruptions ravi, fake ravi, ravi karunanayagam, ravi karunanayake, ravi karunanayake family, tax increase, tax to pay, unp corruptions, unp taxes, yahapalanaya
ඉතිහාසයේ ප්රතිවර්තනය....!!! බණේ සිටින දෙවියෝ අද ඇත්නම් රවියව හතරට පලනවනේ....!!!
2017-02-08T03:21:00+01:00
lankanews
corruptions ravi|fake ravi|ravi karunanayagam|ravi karunanayake|ravi karunanayake family|tax increase|tax to pay|unp corruptions|unp taxes|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
