ශ්‍රි
ලංකා රේගුව අද වන විට රටේ දුෂිතම ආයතනය බවට පත්ව ඇති බව , රේගුව විසින්
වාහන නිදහස් කිරීමේ පාඩුව රුපියල් කෝටි 1500 ක් බව , පාර්ලිමේන්තු මන්ත්‍රි
මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්
ඔහු මේ බව කියා සිටියා.
අධිකරණ තීන්දුවක් නොතකා වාහන 250 ක්
නිදහස් කරන ලෙස මුදල් ඇමැති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් දැන්
එම වාහන විකුණාගෙන යන බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.
එහිදී මොන්ටෙරෝ ජීප් රථයකට බදු ගසා තිබෙන්නේ රුපියල් හය ලක්ෂයක් පමණක් බවත් මුදල් ඇමැතිවරයා මහ දවල් රේගුවෙන් හොරකම් කර ඇති බවටද ඔහු චෝදනා කළා. මේ සම්බන් ධයෙන් FCID යට පැමිණිලි කලද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු කර නැති බවද ඔහු කියා සිටියා.මුදල් අමාත්‍යවරයා දුෂණ වංචා රැසකට සම්බන්ධ නමුත් FCID යට ඒවා පේන්නේ නැති බවට ඔහු චෝදනා කළා.