පර්පචුවල් ටේරෂරීස් වැඩේ අත් නොහරි….මහ බැංකු අධිපතිවරයාට,රහස් පොලිසියට තහනම් නියෝගයක් ඉල්ලයි...වීඩියෝ
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන්
වූ චෝදනා මත පර්පචුවල් ටේරෂරීස් සමාගමට එරෙහිව මහ බැංකු මූල්‍ය මණ්ඩලය
ආරම්භ කොට ඇති පරීක්ෂණ හා මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලීම මත රහස් පොලිසිය
ආරම්භ කොට ඇති පරීක්ෂණද වහා අත්හිටුවීමට නියෝග කරන ලෙස ඉල්ලමින් එම සමාගම
අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට හා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිටත් චෝදනා කරමින් ගොනු කොට ඇති මෙම රිට් පෙත්සමෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ප්රමුඛව වගඋත්තරකරුවන් 13 දෙනකු නම් කොට ඇති මෙම පෙත්සම පෙරේදා (09) වැනිදා ගොනුකර තිබේ.
මෙම පෙත්සමෙහි පෙත්සම්කාර පාර්ශ්වය වශයෙන් සීමාසහිත පර්පචුවල් ටේරෂරීස් පෞද්ගලික සමාගම සීමාසහිත පර්පචුවල් කැපිටා හෝල්ඩින් පෞද්ගලික සමාගම හා සීමාසහිත පර්පචුවල් ඇසෙස්ට් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගම නම් කොට ඇති අතර මහ බැංකු අධිපතිවරයාට අමතරව නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් වන ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග හා පත් කළ නියෝජිතයින් වන පී. රාමනාදන්, සී.පී.ආර්. පෙරේරා, නිහාල් ෆොන්සේකා යන මහත්වරුන්ද බැංකු නොවන මූල්‍ය ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ උදේනි ප්‍රසන්න අලවත්තගේ හා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ඩබ්ලිව්.එන්.එස්. ෆර්නෑන්ඩු මහත්වරුන්ද පෙත්සමෙහි වගඋත්තරකරුවන් කොට තිබේ.
මහ බැංකුවේ අංක 35/03/016/007/001 චක්‍රලේඛයේ 17 (0) වගන්තිය ප්‍රකාරව තම සමාගමට හිමි සහන භුක්ති විඳීමට වගඋත්තරකරුවන් විසින් අවහිර කිරීමක් ඔවුන්ගේ ක්‍රියා කලාපය තුළින් උද්ගත වන බවද පෙත්සම මගින් ප්‍රකාශ කොට තිබේන අතර තවද රුපියල් ට්‍රිලියන 11ක පමණ (රු. 11,060,917,180,000,00ක) ගනුදෙනු තම සමාගම් විසින් සිදු කොට ඇති බවත් එවන් තත්ත්වයක් තිබියදීත් තම සමාගමට එරෙහිව දෙවන වගඋත්තරකාර මහ බැංකු මූල්‍ය මණ්ඩලය දරදඬු ලෙස ක්‍රියා කිරීම අයුක්ති සහගත බවත් පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දි තිබේ.
පෙත්සම මගින් නම් කොට ඇති වගඋත්තරකරුවන් අධිකරණය හමුවට කැඳවන ලෙසත්, දෙවන වගඋත්තරකාර මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් 2016 නොවැම්බර් 07 දින නිකුත් කළ ලිපිය හා සංශෝධනය කරමින් 2017 පෙබරවාරි මස 03 වැනි දින නිකුත් කරන ලද ලිපියක් බලරහිත කරමින් නියෝගයක්ද එම ලිපි මගින් දෙවන වගඋත්තරකාර මූල්‍ය මණ්ඩලය විසින් නියම කරනු ලැබ ඇති නියමයන් හා විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක්ද ඉහත ලිපි මගින් හා/ හෝ වෙනත් කුමන හෝ ආකාරයකින් මහ බැංකු අධිපතිවරයා හා මූල්‍ය මණ්ඩලය හා/හෝ ඉහත වගඋත්තරකරුවන් 12 දෙනා එක්ව හෝ වෙන් වෙන්ව හෝ ඔවුන්ගේ ඉල්ලීම් හෝ නියමයක් මත ක්‍රියා කිරීම හා/හෝ පියවර ගැනීමෙන්ද වළක්වමින් තවත් අතුරු නියෝගයක්ද නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.