ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, February 15, 2017

අයියා මල්ලීට ඇති තරම් බෙදා ගන්න හැන්ද දෙයි....!!!

ආනයනික සහල් හා දේශිය සහල් සදහා වෙනම පාලන මිලක් නියම කිරීම ජනාධිපතිවරයා විසින් ගත් තීන්දුව  කැකිල්ලේ  තීන්දුවක් යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
එම සංගමය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
ආනයනික සහල් හා දේශිය සහල් සදහා වෙනම පාලන මිලක් නියම කිරීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව  කැකිල්ලේ  තීන්දුවක්
සහල් සදහා පාලන මිලක් නියම කර තිබියදී අදාල නිතිය ක්‍රියාත්මක නොකර ආනයනික සහල් සදහා වෙනත් මිලකුත් දේශීය සහල් සදහා තවත් මිලකුත් නිකුත් කීරීමට ජනාධිපතිවරයා අද දිනයේ නිකුත් කල නියෝගය   තමන්ගේ සහෝදරයට මෙරට සහල් පාරිභෝගිකයා ගස කෑමට ඉඩ  දීමකි. මක්නිසාද යත් මේ වනවිට මෙරට සහල් මාෆියාවේ ප්‍රධානියා ලෙස හදුන්වන ජනාධිපතිවරයාගේ සහෝදරයා මෙහයවන පුද්ගලයෙක් විසින් සහල් ආනයන කර ඇති අතර  පාරිභෝගිකයාට පහසුවෙන් හදුනා ගත නොහැකි නිසා ආනයනික සහල් දේශීය සහල් ලෙස වැඩි මිලට නිකුත් කිරීමට සැලසුම් කර ඇත. ජනාධිපතිවරයා මෙම ජාවාරම සදහා කෙළින්ම සහය ලබා දි ඇත.

ජනාධිපතිවරයාගේ නියෝගය අනුව පාලන මිල දෙකක් සහල් සදහා ඉදිරිපත් කලහොත් අප විසින් අධිකරණයේ අවධානය යොමුකරන්නේ මෙරට සහල් සහ ආනයනික සහල් පාරිභෝගිකයා හදුනාගන්නේ කෙසේද යන්න බලධාරින්ගෙන් විමසන ලෙසයි.
සහල් මාෆියාවට තවත් ඉඩ නොදී මෙරට සමස්ත පාරිභෝගිකයා රැක ගැනිම සදහා කටයුතු කරන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර නැතහොත් සහෝදර සමාගමට එරෙහිව අප සටන් කිරීමට පසුබට නොවන බව මතක් කරමු.
රංජිත් විතානගේ
සභාපති

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.